
(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයකු වන අජිත් දයාවංශ (53) නැමැත්තාට එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු අද (28) පෙරවරුවේ පහර දී ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි.
මෙම මන්ත්‍රීවරයා බේරුවල ප්‍රාදේශීය සභාවේ අලුත්ගම ප්‍රධාන කාර්යාලය පිටුපසදී මෙම සේවකයාට පහර දී ඇති බවත් එම සේවකයා අලුත්ගම පොලීසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් , පහර දීම සිදු කළ බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
COMMENTS
ගහන්න මහත්තයෝ, ගහන්න!!! ඡන්දෙ දීලා ඔහෙලව බලයට පත්කෙරුවේ ඕකට තමයි. විස්ස සම්මත වුණාට පස්සේ ඔය ඡන්ද දායකයෝ කියන අයට ගහන්න මහත්තයෝ... වැටෙන්නම!!!