
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් රණවක)
පොලිස් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වීමත් සමගම ඔහුට පොලිස් ඇප ලබාදී ස්වයං නිරෝධායනය යොමු කිරීමට අද (2) පියවර ගත් බව කළුතර - දකුණ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පුද්ගලයා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා ද නිරෝධායනයට යොමු කර ඇති අතර , එම සිරමැදිරියේ රඳවා සිටි තවත් සැකකරුවන් තිදෙනෙක් පොලිස් ඇප මත මුදාහැර ඔහුන්ද නිරෝධායනයට යොමුකළ බව එම ආරංචි මාර්ග පවසයි
බීමත්ව රිය පැදීම සහ අයුතු ඇතුල්වීම සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටියදී එම පුද්ගලයාගේ බිරිඳ දුරකතන ඇමැතුමක් ලබා දී තම සැමියාට කොරෝනා ආසාදිත වී ඇතැයි වෛද්‍ය වාර්තාවකින් අනාවරණය වූ බව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත .
වාද්දුව මාවල ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා පෞද්ගලිකව ඉදිරිපත් වී මීට දින කිහිපයකට ඉහත දී පි සි ආර් පරීක්ෂණයට පෙනී සිටි අයෙකු බවට වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇප මත මුදා හළ සෙසු සැකකරුවන් කලුතර ගමගොඩ හා කිතුලාව පදිංචිකරුවන් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd