
(*** ඉන්දිකා රාමනායක සහ *** කොච්චිකඩේ වාර්තාකරු)
රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් හා කේරළ ගංජා තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි උපකාරක පන්ති ගුරුවරයකු ඇතුළු තිදෙනකු සීදුව ප්‍රදේශයේ දී පෙරේදා (26) පස්වරුවේ මීගමුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.
ගුරුවරයාට අමතරව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ඔහුගේ ගෝලයන් බවද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 152 ක් හා කේරළ ගංජා කිලෝ 5 ක් තිබූ බවද පොලිසිය කියයි.
සැකකාර උපකාරක පන්ති ගුරුවරයා මට්ටක්කුලියේ පදිංචි හතළිස් හැවිරිදි පුද්ගලයකු බවටත්, ඔහු ගෝලයන් මාර්ගයෙන් මීගමුව අවට ප්‍රදේශයේ මත්කුඩු හා කේරළ ගංජා අලෙවි කරන බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.
එම තොරතුරු මත පොලිස් කණ්ඩායමක් ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් හෙළිවූ තොරතුරු මත මෝටර් රථයකින් මත්කුඩු හා ගංජා ප්‍රවාහනය කරමින් සිටි සෙසු සැකකරුවන් දෙදෙනා සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්කුඩුද සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී බව පොලිසිය කියයි.
සැකකාර උපකාර පන්ති ගුරුවරයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මට්ටක්කුලියේ ජාවාරම්කරුවන්ගෙන් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා ලබාගෙන ජාවාරම් කරන බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි.
මොහුට මෙම ගංජා ලබා දෙන ජාලය සම්බන්ධයෙන්ද පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.
සැකකරුවන් සතුව තිබී මත්කුඩු කිරීම සඳහා භාවිතා කරන විද්‍යුත් තරාදි 3ක් හා ජංගම දුරකතන 5ක් බාරයට ගත් බව පොලිසිය කියයි.
තම බිරිඳට මෝටර් රථයක් ලබා දීම සඳහා මෙම ජාවාරමේ නිරත වන බව උපකාරක පන්ති ගුරුවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇතැයි පොලිසිය පවසයි.
මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් කොට්ටහච්චි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
2025 නොවැම්බර් මස 17
86
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2542
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බිරියට කාරයක් ගන්න ටියුෂන් ගුරු කුඩු ජාවාරමේ