හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා අද (22) පැවැසීය.
බැංකු ක්ෂේත්‍රය පාරිභෝගිකයන් සමඟ සමීපව කටයුතු කරන බවත් එය යහපත් හා ධනාත්මක මට්ටමක පවතින බව ඔහු කීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඉදිරි අභියෝග සම්බන්ධයෙන් පැවැති සංවාදයට එක්වෙමින් නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න එම කරුණු සඳහන් කළේය.
සිය පාරිභෝගිකයන් ආරක්ෂා කරගැනීම බැංකුවල වගකීමක් බවත් බැංකු ක්ෂේත්‍රය ජාත්‍යන්තර මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමිත හා තත්ත්වලට අනුකූලව කටයුතු කර ඇතැයි ද හෙතෙම කීය.
ශ්‍රී ලංකා මහ බැංකුව නිසි රෙගුලාසි හරහා බැංකුවලට අවශ්‍ය සහාය සහ පහසුකම් සපයා ඇති බවත් ඒ අනුව ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් එල්ල කර තිබෙන නිසි පරිදි කළමනාකරණය කරගැනීමට මෙරට බැංකු පද්ධතියට හැකියාව ඇති බවත් ඔහු තවදුරටත් පැවැසීය.
COMMENTS
ප්‍රමුඛ බැංකුව වගේද?
ඔවුන් වැඩිදුරටත් පැවසුවේ ලෙඩා මළද, බඩ සුද්ද බව තහවුරු කරගත් බවයි...
අපි අසාර්ථකයි..
බැංකු තමන් ස්ථාවර කර ගනීවි. මහ බැංකුව දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අවුල් නොකරනවා නම්...
බැංකුවල තිබෙන මුදල් පමණක් නොවෙයි, මේ රටේ ජනතාවගේ කනකර ඇතුළු දේපොළ ටිකත් කොල්ල කාලා තමයි පස්ස බලන්නේ. මතකයිනේ, ලලිත් කොතලාවල මහත්තයාගේ වත්කම් ටික මංකොල්ල කාපු හැටි? ග්‍රීසියේ හෙවනැලි, ලංකාව දෙසට වැටෙමින් තිබෙන සැටියක් තමයි පේන්න තියෙන්නේ?
දේශීය නිෂ්පාදන, අපනයන, සංචාරක, ගොඩනැගිලි ඉදිකිරීම් වගේ සෑම අංශයකම අඩපණ වෙලා තියෙන අවස්ථාවක බැංකු හොඳට ස්ථාවර වෙලාලු.. මෝඩ කතා කියන්න එපා මහබැංකු අධිපති තුමෝ... අපි හරක් කියලා හිතුවද?
ඔහොම කියද්දිම බය හිතෙනවා...
බැංකු පද්ධතිය අස්ථාවරයි කියලා කිව්වේ කවුද ? හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලා වගේ. මහබැංකුව දැඩි මූල්‍ය අර්බුදයක ඉන්නේ. ලංකාවට ආනයනය කරන භාණ්ඩ සියයට 80ක් වඩා නතර කරල ගැසට් කරා.5/22. රටක ආර්ථික පැවැත්මට අවශ්‍ය ලංකාවේ නිශ්පාදනය නොකරන භාණ්ඩ ආනයනය නතර කරලා. කිසිම රටක් නොකරන දෙයක්. ඇත්‍ත වහලා බොරු කතා කියනවා මිනිස්සු රවට්ටන්න.
ඇත්තම තත්වය නම් බැංකුවකින් ණය මුදලක් ගත්විට මහඡනයාට අධික මුදලක් ආපසු බැංකුවට ගෙවීමට සිදුව ඇත. බැංකුව විසින් ලිපිගොනු සැකසීමටත් වෙනත් ගාස්තුත් ලොකු මුදලක් මහ ඡනයාගෙන් උපක්‍රමශීලීව අයකර ගනු ලැබේ. ඡනතාව බැංකුවේ තැන්පත් කරන මුදලට ගෙවන්නේ සොච්චමක් පමණි. එම සොච්චම් මුදලිිිින්ද විවිධ හේතූ කියමින් තව මුදලක් කොල්ලකනුුු ලැබේ. මේ ගැන ලංකාවේ මහබැංකුව නෑසු කන් ඇතිව කල්මරමර සිටියි. මහජනයා මහා පීඩාවකට ලක්කරන බැංකුව වසර අවසානයේදී මහා ලාහයක් පෙන්වා නිලධාරීන් වාසි ලබා ගනියි.
ලෙඩා මළද, බඩ සුද්ද වූ බව වෛද්‍යවරු සනාථ කර සිටියහ...
එහෙනම් කරුණාකරලා ද ෆිනනස් එක නැවත ස්ථාපිත කරලා අපේ තැන්පත් ආරක්ෂා කන්න ඕනේ. කයිවාරු වලින් විතරක් රට ගොඩගන්න බැහැ.
මම මේ දන්නේ නැති නිසා අහන්නේ. අපි කොන්ඩේ බැඳලද වගේද පේන්නේ?