IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


බස්නාහිර පළාත් සභාවේ සභාපති පොහොට්ටුවට

(නාලක සංජීව දහනායක)

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කළ බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න මහතා අද  (10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.

වත්මන් නායකයන්ගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනෙන් දිනම ජනතාවගෙන් ඈත්වෙමින් තිබෙන බව කී විජේරත්න මහතා මේ මොහොතේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය ජනතාව අපේක්‍ෂා කරන බවද සභාපතිවරයා කීය.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවීමට තමන් කැපවී ක‍්‍රියාකරන බවද ඔහු පැවැසීය.



අදහස් (13)

බස්නාහිර පළාත් සභාවේ සභාපති පොහොට්ටුවට

sirimal Thursday, 11 July 2019 01:31 PM

එක පක්ෂයක ඉඳගෙන වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගන්න පුලුවන්ද? සාමාජිකත්වය දුන්නු කෙනත් තවම පොහොට්ටු පක්ෂයේ සාමාජිකයෙක් නෙවේ නේද? අන්තෝ ජටා බහි ජටා කියන්නේ මේවට තමයි.

:       116       404

සෙනෙවිරත්න Thursday, 11 July 2019 01:33 PM

වෙන කොහේ යන්නද? ගොම කුරුමිණිය එක ගොම ගොඩක ඉඳලා තව එකකට යනවා විනා...

:       235       660

Raveendra Thursday, 11 July 2019 01:43 PM

බුරුවො පනිනවා එහෙ සිට මෙහෙට../// සුනකයෝ පනිනවා මෙහෙ සිට එහෙට..// බුරෝවෝ, සුනකයෝ ගෙම්බන් වැනිය..// තිරිසන් හැත්ත බඩවියතට පනිනවා නොවේද //

:       47       370

Chanak los angeles Thursday, 11 July 2019 03:03 PM

එදා ප්‍රශ්නයක් පැමිණි වෙලේ සාටක පොහොට්ටුවේ සාමාජික නොවේ කියා මෙයාගේ අනුගාමිකයන් කිව්වා නේද? මට පෙනෙන්නේ මහරජාණෝ අතරමන් වෙලා වගෙයි නේද බමුණෝ?

:       164       354

rasikaThursday, 11 July 2019 04:00 PM

චානක් කොළ පාට, නිල් පාට, රතු පාට මේ ඔක්කොම පක්ෂ මුස්ලිම්, දෙමල ඔක්කොම කරන්නේ ව්‍යාපාරයක්. ඔවුන් මුදල් හම්බ කරන්න රටට මොනවා වුනත් කමක් නැහැ. වර්තමාන ආණ්ඩුව තම මෙතුවක් කල් ලංකාවේ බිහිවුන දුර්වලම ආණ්ඩුව. ඔක්කොම වගේ ඇමතිලා හොරු. නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් අසරණ වෙලා, මොකද නීතිය සම්පාදනය කරන්නේ මේ ටික ඔවුන් ඔවුන්ට ගැලවෙන්න පුළුවන් නීති තමයි හදන්නේ. ඉතින් මේ අයව දැන දැනම පාර්ලිමේන්තු යවන්නේ, දූෂිත ඡන්ද දායකයා. තමන්ගේ ළමයට පාසැල, රැකියාවක්, ගෙදරට සෙවිලි තහඩු වෙනුවෙන් ඡන්දය දෙන බව මේ මැති ඇමතිලා දන්නවා. මේ ක්‍රමයයි අපි වෙනස් කරන්න ඕනේ. පුද්ගලයා නොවේ.. අපි හදන්න ඕනේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොන පාලකයා ආවත් ඔහු ඒ රාමුව තුල වැඩ කරන්න පුළුවන් වෙන, හොරකම් කල නොහැකි.. එයයි එපේ වගකීම.

:       0       141

RaveendraFriday, 12 July 2019 02:53 AM

රසික මයා වෙත, ඔබගේ වැදගත් අදහස් අප අගය කරන්නෙමු. ඇත්තෙන්ම මෙය තමයි විය යුත්තේ.

:       0       1

සේනාරත්න Thursday, 11 July 2019 04:16 PM

මම දැක්කා වාසුදේව නානායක්කාර කියනවා තවම පොහොට්ටුවට කිසිම වැඩපිළිවෙළක් නෑලු. අපේක්ෂකයකු ජනාධිපති වරණයකදි ඉදිරිපත් කරන තෝරගෙනත් නෑලු. ඉතිං අහන්නෙ මහින්ද රාජපක්ෂ මහත්මාටත් බැරි එකෙ තාමත් සාමාජිකත්වය වත් අරගන්නට මොන වැඩපිළිවෙළක්ද?

:       1       340

Chanak los angelesThursday, 11 July 2019 09:36 PM

හරියට හරි. ඒක තමයි මම කීවේ මොවුන් දැන් දේසපාලන ලෝකයේ අනාථයෝ කියා.

:       0       17

sharm warnFriday, 12 July 2019 05:19 AM

තමන් සාමාජික නොවී අනිත් කෙනෙකුට සාමාජිකත්වය පිරිනමන්නේ කොහොමද ?? ඕවා දෙනු පර හට ..තමා සම්මතයෙහි පිහිටා සිට කියලා අපි පොඩි කාලෙම කියෙව්වට මහා රජා නම් මේ ...... කාලෙට ඇවිල්ලත් තවම එහෙම එකක් දැකලා වත් නැහැ .. එයා වැඩේ කාගත්තෙත් ඔය ටික නොදන්නා කම නිසාම තමයි .. එයාට අපි රන් බන්දේසියක තියලා දුන්නු අවස්තාව මහා පට්ට දවාලේ .. එළිමහනේ .. අවලමේ යවපු නිසා තමයි එයාටත් වැරදිලා රටත් අද මේ තරම අගාධයකට වැටිලා තියෙන්නේ ... අපිට තේරුම් ගන්න තියෙන්නේ එක දෙයයි . දේශපාලනය කියන්නේ මේගොල්ලන්ගේ පරම්පරාගත වෙළද ව්‍යාපාරය .. අපි එකෙන් පින් අතේ වැඩ බලාපොරොත්තු වෙන එක තමයි කර ගන්න වැරැද්ද ...

:       5       75

Chathuri Thursday, 11 July 2019 09:01 PM

දන්නා දවසේ ඉඳලා මේ ටික දේශපාලනය කරනවා කියලා කෙරුවේ, අත්තෙන් අත්තට පනින එක මුදලට. නැත්නම් වෙන දීමනාවක් උඩ

:       0       12

ajith Friday, 12 July 2019 03:12 AM

අපොයි... සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය, බණ්ඩාරනායක නාමය විනාශයි. සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය මහජන එක්සත් පෙරමුණ වැනි ප්‍රබල පක්ෂවලට ඔය වාමාංශික කියාගන්න දක්ෂිණාංශික කට්ටිය කලේම ඕකනේ...

:       0       12

Chanak los angeles Friday, 12 July 2019 08:47 PM

නිදහස් පක්ෂයට ප්‍රශ්නයක් ආවම කියනවා මම ඒකේ සාමාජික නොවේ පොහොට්ටුවේ සාමාජික කියා. පොහොට්ටුවට ප්‍රශ්නයක් ආවම කියනවා මම පොහොට්ටු සාමාජික නොවේ අහවල් එකේ සාමාජික කියා.

:       0       0

de silva Monday, 15 July 2019 11:47 AM

සමහරු පොහොට්ටුවේ සහ ශ්‍රී ල නි පෙ දෙකේම සාමාජිකයන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1039 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1077 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site