(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර හිරගෙදර ඊයේ (29) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් එල්ල කරන ලද වෙඩි පහරට ලක්වී රැඳවියන් 8 දෙනෙකු මියගොස් 50 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු වන බව ඒ මහතා කීය .
තුවාල ලැබූවන් රාගම, කොළඹ ආදි රෝහල් වලට ඇතුළත් කර ඇත.
රැඳවියන් විශාල පිරිසක් ප්‍රධාන ගේට්ටුව කඩා ගෙන පලා යාමට තැත් කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .
මේ වන විට එම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් මහර බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇත.
COMMENTS
මියගිය ජීවිත ගැන කණගාටුයි. ඒත් දෙවියනේ.. ප්‍රධාන ගේට්ටුව කඩාගෙන හිරෙන් පලායන්න දඟලනකොට වෙඩි නොතියා වෙන කුමක් කරන්නද?
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...
මෙහෙම නොකළොත් මෙයාලා හැමදාම වහලවල්වල නැගලා හැමදාම උද්ඝෝෂණ කරන්න ගන්නවා. ඕවා ඇතුළට යන වැඩකරන්නම්.... ඕවා ඇතුලේ ඉන්න පුරුදු වෙන්න ඕනේ.
මේ වගේ 100 ගුණයක වැරැදි කරලා හිරේ ඉන්න ඕනෑ අය රට පාලනය කරන කොට.. රැඳිවියන් මෙහෙම හැසිරෙන එක පුදුමයක් නොවේ.
ඕක මොකක්ද? ඉන්න හිතෙන රටක් තියෙනවනේ සර්...
රජයේ ලොකු රහස් ගොඩක් මේ එක්කම වැළලෙන්න ඇති.
සුදර්ශනී නෝනේ, දැන් ඉතින් යන්න. තවත් මිනී මරන්නේ නැතිව. මිනීමරු රාජපක්ෂලා ඔක්කොම මේ අවුරුද්ද ඇතුළත මිනීකීයක් මැරුවාද...? කරන්න බැරිනම් පොඩි ළමයෙකුට හරි රට බාරදීලා තොලොන්චි වෙයව්. මෝඩ පාලකයින්ගේ වැරදිවලට මේ රටේ ජීවත්වන මිනිස්සුන්ටයි වන්දි ගෙවන්න වෙන්නේ...
අපේ පෙති විශාරද, පෙති පියා කියන්නේ ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා.
දැන්නම් රටේ ජීවත් වෙන එක අවදානම්... මේ අය බල්ලෝ වගේ මිනිස්සු මරනවා. ලංකාවේ මරණ දඬුවම දෙන්නේ පොලීසිය, හමුදාව, බන්ධනාගාර නිලධාරීන්... නිකන් 88/89 වගේ. අපට වැරදුණා. අවස්ථාවාදීන් බලයට එනකම් බලයට එනකම් සිංහලයාව රැවැට්ටුවා.
හොඳ වෙලාවට පිල්ලෙයාන්, බදූර්දීන් නිදහස් කළේ.. නැතිනම් අහිංසකයින් දෙන්නෙක් මැරෙනවා.
පව් මේ බන්ධනාගාර ගතවෙලා ඉන්නෙ සිල් අරගෙන නවගුණවැල අතේ තියාගෙන හිටපු සාමකාමී අහිංකයින් පිරිසක්. මොවුන් කිසිම ජඩ වැඩක්, සමාජවිරෝධී වැඩක් කරලා නැහැ. මොවුන්ගෙන් කොවිඩ් රෝගීන් ටික වෙනම තෝරලා සමාජයට කොවිඩ් රෝගය මුදාහරින්නයි. කුඩු කාරයින් නැවත සමාජයට මුදාහැරලා නැවත කුඩු ප්‍රචලිත කරන්නයි ඇයි බන්ධනාගාර නිලධාරීන් ඉඩ නොදෙන්නේ..? දැකපු අදහස් අනුව පේන්නේ මේ රටේ සමාජ විරෝධීන් සිටිනවාට කිහිප දෙනෙකු කැමති බවයි.