(චන්ද්‍ර සේන ගමගේ)
"ජන නායකයන්ගේ හද ගැස්ම පිළිබඳව අපට වැටහීමක් තිබෙනවා. ජනතාවට ද්‍රෝහී වෙන්න අපට පුළුවන් කමක් නෑ. බදියුදීන් ඇමැතිවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ අනුව අපි විශ්වාසභංගයේ දී ඡන්දය ප්‍රකාශ කරනවා" යැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පැවසීය.
හම්බන්තොට කටුවැව සාමෝදාගම ග්‍රාමීය විදුලි ව්‍යාපෘතිය අද (19) දින විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ මහින්ද අමරවීර මහතා එසේ පැවසීය.
"පාස්කු දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මේ රටේ මහානායක හිමිවරුන් කාදිනල්තුමා යම් යම් අදහස් පළ කළා. ඒ අදහස්ද සැලකිල්ලට අරගෙන අපේ පක්ෂය විශ්වාසභංග යෝජනාව පිළිබදව තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ තීන්දුව කුමක්ද කියා ඉදිරියේදී මේ රටේ ජනතාවට දැන ගන්න පුළුවන්.
එමෙන්ම ආණ්ඩුව ගෙන ඒමට තැත් කරන ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කරන්න අපි කටයුතු කරනවා. කිරිඇල්ල ඇමතිවරයාට වුවමනා විධියට බටහිරින් එන ඕනෑම දෙයක් පිළිගන්නට අප සූදානම් නෑ. රටේ ස්වාධීනත්වයට හානි කරන කිසිම ගිවිසුමකට අප එකඟවෙන්නේ නෑ. කිරිඇල්ල ඇමැතිවරයා ප්‍රමුඛ සමහරුන්ට බටහිරින් එන ඕනම දෙයක් හොඳ වුණාට අපිට එහෙම කටයුතු කරන්න බෑ" යැයිද ඔහු පැවසීය.
COMMENTS
දැනට මත් රටට අහිතකර අණ පණත් කියක් සම්මත කරල ද? දැන් ද ඇහැරුණේ. ඡන්ද කිට්ටුයිනේ.
නුඹලා බදුයුදීන්ගේ විස්වාසභංගයට ඡන්දය නොදුන්නොත් අපිට නුඹලා ගැන තිබෙන විස්වාස භංගවෙන බව සිතා ගනිල්ලා
කියන්න මොවුන්ට ස්ථාවරයක් තියෙන්න එපෑයැ...
ඡන්දය ලංවෙනවිට අපි ඔහෙලගෙ කෙරුවාවල් මතක් කරන්නම්.
ජනතාවගේ පැත්තේ හිටියොත් පක්ෂයට අනාගතයක් තියේවි.. නැතිනම් දේශපාලන කුණුකූඩයට වැටේවි.. !!!
බදියුදීන්ට පළමු ගල ගසන්නට තරම් කිසිදු පාපයක් නොකළ අයෙක් මේ පාර්ලිමේන්තුවේ නැත.