අජන්ත කුමාර අගලකඩ
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ලබන සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ද ලක්වූ අතර ඒ අනුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි පැවැසේ.
මේ අතර පූජිත ජයසුන්දර මහතාට පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මීට පෙර දැනුම් දී තිබූ බව ද වාර්තා විය.
පූජිත් ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් එම පුප්පාඩුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එස් එම් වික්‍රමසිංහ සහ චන්දන වික්‍රමරත්න යන මහත්වරුන්ගෙන් කෙනෙකු පත් කිරීමට නියමිත බවද රජයේ ආරංචිමාර්ගවලින් පැවැසේ.
COMMENTS
බොහොම හොඳයි. මින්පසුවත් මේ වගේ තනතුරක් දෙනකොට පාසල හොඳින් සොයා බලන්න. ශාන්ත තෝමස්, රාජකීය වැනි පාසල් වලින් බිහිවී මෙවන් තනතුරු දැරූ පුද්ගලයින් ගෞරවනීයව සහ අභිමානනීයව එම රාජකාරිය කළා. මයික් බදාගෙන ඒවා ඉස්සරහ ඇඬුවේ නැහැ.
ලොකු දෙයක් . දේශපාලනයට සුදුසුකම් සපුරා තියෙන නිසා ඊළග ඡන්දෙට ඡන්දෙ ඉල්ලන්න අර පාර්ලිමේන්තුවේ ඉන්න වොඩ්කා වතුර කළ රාළහාමි වගේ . ඔබට සුබ ගමන්
ලකුණු නම් කොයි කලේ ඉඳලද පෙන්න තියෙන්නේ?
අනුන්ගේ උසස් වීම වලට ඊරිසියකළ කුහක කමට සොබාව ධර්මය දඬුවම් දීගෙන එනවා. මේක සියලු දෙනාටම හොඳ පාඩමක්. අනේ පවු එංගලන්තේ යන්න තිබුණ අවස්ථාවත් නැතිඋනා. කනගාටුයි...........
ඔබතුමා එම තනතුරට නුසුදුස්සකු වන බව ඔබතුමාම තෙරුම්ගත්තොත් යහපති.
රටට කරන ලොකු පිනක්. නමුත් කොහේ හරි රටකට තානාපති හැටියට යවන්න පුළුවන්.
ව්‍යවස්ථාදායක සභාව මෙතුමාව පත්කරන විට මීට වඩා ස්වාධීන වෙන්න තිබුණා. මෙතුමා තමයි චම්පික රණවක සිදුකළා කියන රිය අනතුරේ විමර්ශන කටයුතු මෙහෙයවූවේ... ඒ චම්පික රණවකත් මෙතුමාව මේ තනතුරට නිර්දේශ කළා... ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ 100% ස්වාධීන බව කියන්න බැරි තත්වයකදී කල තීරණයක්... ඒ නිසා මේ තත්වයට ඔවුනුත් වග කියන්න ඕනෑ...
පූජිත්ගේ අනවශ්‍ය සංදර්ශන තමා අඩුපාඩුවකට තියෙන්නේ. නමුත් ඔහු දූෂිතයෙක් නෙමේ. මීට කලින් හිටපු පොලිස්පතිලා එහෙම පිටින්ම නීතිය නැමුවා. මොහුගේ කාලයේ පොලීසිය අතින් වුණු වැරදි ප්‍රමාණය ඉතා අඩුයි. මෙය දේශපාලන පලිගැනීමක්... තමන් කියන විදිහට හොරුන්ව රැක්කානම් දිගටම් ඉන්න තිබුණා.
පූජිත් ගේ අනවශ්‍ය සංදර්ශන තමා අඩුපාඩුවකට තියෙන්නේ. නමුත් ඔහු දූෂිතයෙක් නෙමේ. මීට කලින් හිටපු පොලිස්පතිලා එහෙම පිටින්ම නීතිය නැමුවා. මොහුගේ කාලයේ පොලීසිය අතින් වුන වැරදි ප්‍රමාණය ඉතා අඩුයි. මෙය දේශපාලන පලිගැනීමක්. තමන් කියන විදිහට හොරුන්ව රැක්කානම් දිගටම් ඉන්න තිබුනා.
හොඳ මනුස්සයෙක්ට මේ රටේ ඉඩක් නැහැ. ඔබ තුමාට ජය.
බැරි වැඩ කරලා ගොටු අල්ලන්න ගිහින් සවුත්තු වෙලාම ගියා..
පූජිත මහත්තයාගේ වැරැද්දක් මම දකින්නේ නැහැ. පෙරහැරවල් වල නැටුවා කියලා... අනික එතුමාගේ කතා විලාසය වෙනස්, හැසිරීම වෙනස්, නමුත් රාජකාරියත් වෙනස් නිසා තමා මේ අවුල. එතුමා තාම දන්නේ නැහැ එතුමා පොලිසියේ ඉන්න ලොකුම නිලධාරියා කියලා. කලාව ඇඟේ තියෙන පුද්ගලයෙකුට බෙර සද්දෙට ඉබේ නැටවෙනවා...
රටට, පොලිසියට කරන ලොකු යහපතක් ...
තනතුරක් ලැබුණාම එය රැක ගැනීමත් දක්ෂකමක්. දත් 32 අතර තිබෙන දිව හැපෙන්නේ නැති විදිහට කට පාවිච්චි කරන්න ඕනේ. ඔබ ඔය තනතුරට පත්වීමෙන් ඔබ පාසල ලැබූ සතුට විඳින්න පාසලට බැරිවෙනවා නේද?
එහෙම බැලුවෙත් ශ්‍රී ලංකාවේ නිදහසෙන් පස්සේ ඔයිට වැඩිය සිය දහස් ගුණයන් වැඩි චරිත කොච්චර තිබ්බද මෙයා විතරක් ඇයි මේ ...?
කෝ මේ යහපාලනයට කඩේයන අයගේ අදහස්? බලන්න දාන්නකෝ
පූරුවේ කල කරුමයක් මෙතුමාට පලදිලා...
ඉල්ලා අස්වෙන්න එපා පොලිස්පතිතුමනි ...
අපට නම් ආරංචි වෙන්නේ ඉල්ලා අස් වුණාට පස්සේ රජයේ පාර්ශ්වකාර පක්ෂයකින් දේශපාලනයට අවතීර්ණ වෙන බවයි. මේ දවස්වල ලංකාවේ වාර්තා කෙරෙන බොහොමයක් ප්‍රවෘත්ති "අනාවැකි" නිසා මේකත් ඇත්තද කියලා කියන්න අමාරුයි.
එහෙමනං ඉතින් ඔය 226ම ඉල්ලා අස්වෙලා ගොඩාක් කල්... එයාලගේ කල් කිරියාවේ පැටිකිරියේ මුලසුන බැලුවම...
අනුන්ගේ ගඳ වහන්න මෙයාව අඩේට තියන්න හදනවා වගෙයි නේද?
අැයි මේ කඩිමුඩියේ..? ඉවසන්න දරුවා ඉවසන්න.
බැසිල් රාජපක්ෂ ජනාධිපති මුණගැසී කරපු ඉල්ලීම ඉටුකරන්නද? පොලිස්පති තුමා ඉල්ලා අස් කරන්න යන්නේ.. තිරෙන් පිටිපස්සේ ඔහොමලු වෙන්නේ...
රටේ කා අතරත් ප්‍රිය චරිතයක්ව සිටි එතුමා පසුව කළ ඇතැම් විකාර වැඩ නිසා කෙමෙන් අප්‍රියත්වයට පත්විය. මෙය සමාජයට මහඟු පාඩමකි. එතුමාට ජය ශ්‍රී...
වෙන බලවත් කෙනකුගේ බලපෑමක උත්තරද?
පොලිස්පතිවරයාගේ තනතුරේ සිටිමින් වෙනත් තනතුරක් සඳහා සිහින මවමින් කරනලද රඟපෑම් (නැටුම්, ගැයුම්, වැයුම්) පොලිස්පති තනතුරෙන් ඉවත් වූවාට පසුව ඔහු සිතාසිටි නවතනතුර ලැබුනොත් නිල ඇඳුමක් නැතිව ජනතවට සේවය කරන්න ඉතාම පහසුවේවි. නිල ඇඳුමක් නැතිව ජනතවට සේවයකරන තනතුරට පොලිස්පතිවරයාගේ තනතුරේ සිටිමින් කරනලද රඟපෑම් අත්‍යාවශ්‍යයි.
ඉහළ ඉඳලා පහළටම නැවත සංශෝධනය කළයුතුය...
ලොකුම ලොක්කන් ඉල්ලා අස්වෙන්න කියලා කියන එක ප්‍රජාතන්ත්‍රවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි... ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ලිස්ට් එකෙන් ගත්ත අය කරන දේවල්වල හැටියට අනේ මෙහෙමත් රටක නායකයෙක්...
මහ ලොක්කා මෙයාට අස්වෙන්න කිව්වද...? කට්ටිය කියනවා ඉල්ලා අස්වෙන්න යනවා කියලා..
කරුණාපාල ඔයා හරි... ලොක්කා ගුල්පිට් බැසිල් රටේ තීන්දු ගන්නවා නම් අඩි 6 ක් පොළොවේ යට බව අමතක වෙලා... නමුත් අළු යට ගින්දර ...!!!
කරුණාපාල ඔයා හරියටම හරි... කලින් ලොක්කා රටේ තීන්දු ගන්නවා නම් අඩි 6 ක් පොළොවේ යට... අමතක වෙලා අපි බලන් ඉඳිමු.
ලොක්කා රාජපක්ෂලාගේ පදේට නටන නිසාද මේ....?
මේ වගේ මිනිස්සු රටේ නායකයින් වුණාම මේ වගේ බලපෑම් පොලිස්පතිට විතරක් නොව තවත් අයට ඇවිත්... මේවා මහරජාගේ නියෝග...!!!
යූ.එන්.පී. කාරයින්ට හොඳ වැඩේ.. ශ්‍රී ලංකා කාරයෙක්ට ඡන්දෙ දුන්නට....
බැසිල්ගේ නියෝග ජනපති ඉටුකරයි... පොලිස්පති ගෙදර.
අපි ලොකු අමාරුවක වැටිලා මල්ලි සත්‍යපාල බැසිල් කියන කියන විදියට අරයා නටනවා..!!!
බැසිල් කියන කියන දේවල් ජනාදිපති කරයිද?..!!!
පොලිස්පතිතුමනි, වැරදියි කියන ඒවා අපි කා අතිනුත් වෙනවා. ඒ වැරදි හදාගෙන අනාගතයට මුහුණදීම තමයි අපි කළයුත්තේ. ඔබ ඉල්ලා අස්වුනේ නැතිනම් අනිවාර්යයෙන්ම අල්ලලා අස්කරනවා. ඒක ෂුවර්. පරිපාලන ක්‍රමවේදයන්හිදී අපි වැරදි කරුවන්ට දෙන අවසන් දැන්වීමේ ලිපියේ මේ වගේ දෙයක් සඳහන් කරනවා...."..ඔබට අවශ්‍ය නම් රැකියාවෙන් ඉල්ලා අස්වීමේ අවස්ථාව දැන් ලැබී ඇත. එමෙන්ම ඔබ ඉල්ලා අස්නොවී රාජකාරිය දිගටම කරගෙන යන්නේ නම් රජයට අවශ්‍ය ඕනෑම මොහොතක ඔබගේ සේවය අවසන් කලහැක...." එයමයි දැන්වෙලා තියෙන්නේ. ඔබට යන්න කියලා ජනාධිපතිතුමා ගිය සතියෙත් දැන්වුවා නේද? ඊට කලින් වැදගත් විදිහට ඉල්ලලා අස්වෙන්න. ඊට පස්සේ ඔබට කොහේ හරි තානාපති කමක් ලැබේවි..!!! හැබැයි එකක්.. පිට රටවලට ගිහිල්ලා අපේ රට නියෝජනය කරද්දී ටිකක් පරිස්සමින් මහත්තයෝ.. රටේ නමේ ඉතිරි ටිකත් කා දමන්නේ නැතිව, වැදගත් විදිහට රැකියාව කරලා තමන්ගේ කාලය අවසන් වුණාම අායෙත් මව් රටට එන්න.
බැසිල්, නාමල්, ගෝඨා, මහින්ද, චමල් කියන විදියටලු ලොක්කා නටන්නේ ගිරිගොරිස් අයියේ එකයි මේ කලබලේ පොලිස්පතිට අස්වෙන්න වෙලා තියෙන්නේ..
පොලිස් පති තුමා විතරක් නොවෙයි කවුරු උනත් ඉල්ලා අස්වීම ගැන හුරේ දාන කට්ටිය ඔය ගැන තවත් පැත්තකින් බලනවානම් හොඳයි. අපි වහනයක් එලවන රියදුරු මහත්තයෙක් ගන්නකොට පළපුරුද්ද බලනවා වහේ සැම තනතුරකටම පළපුරුද්ද ඉතාම අවශ්‍ය වෙනවා. මෙතුමාගෙන් පස්සේ එන්නේ මෙතුමාට වඩා පළපුරුද්දෙන් අඩු නිලධාරියෙක්. එක නිසා අවවාද දීල හරි නැතිනම් දඬුවමක් දීල හරි හදාගන්න බලනවානම් වඩාත් වැදගත් වෙනවා. ගැම්මට එලවල දැම්ම වගේ නෙමෙයි. දැන් පේනවනේ මහරජා එලවල දොරටු පාලකයා දාගෙන වෙලා තියෙන වැඩේ. අඩු තරමේ රජවෙලා ඉන්නේ දෝරටුපාලයද නැතිනම් කනවැල අල්ලපු එකාද කියලවත් අපට හිතාගන්නවත් බරුවනේ දැන් ඉන්නේ .
කවුරු මොනා කිව්වත් කූඩැල්ලා මෙට්ටේ තියන්න බැහැ......... ලබන සතියේ මෙයා හමුවේ හංඟගෙන ඉන්න මොනවාද එළියට දෙන්න බලමු......
සහකාර පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කරන කාලයේ සිට මෙතුමා මහජනතාවගේ හිත දිනාගෙන හොද වැඩ කොටසක් කලා........... ඉතා හොද පොලිස් නිලධාරියෙක්. එත් දේශපාලන වීමත් සමඟම එතුමා ඒ රස කල මහජන ප්‍රසාදය බින්දුවටම වැටුණා. සුදුසකම් ලත් රාජ්‍ය නිලධාරීන් සුදුසුකම් නැති ප්‍රමුඛ යයි කියා ගන්න නුගත් උගත්තුන්ට කඩේ යන්න ගොස් තම කිර්තිනාමය ජෝකර් කෙනෙකු ලෙස සේවයෙන් ඉවත් වීම තම දේශපාලනයේ අවසාන ප්‍රතිඵලය. දේශපාලනය ගෑවුන කිසිම දෙයක් සාර්ථක වී නැත. කුණු ගොඩක්ම විතරයි..... එත් උගත්තු දේශපාලකයෝ වූදාට මේ හැම දෙයක්ම වෙනස් වේවි. නමුත් එක ලංකාවේ කිසිදාක සිදු නොවේ.