(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)

තම පුතු විසින් එල්ල කළ පහරදීමකින් 54 වන වියේ පසුවන පියෙකු ඔවුන් පදිංචි නිවස තුළදීම ඊයේ (30) රාත්‍රි මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ආඩිගම පෙරියමඩුව ප්‍රදේශයේ විසු මිරියාගම කංකානමලාගේ ධර්මසිරි (54) නමැති දෙදරු පියෙකි.

මෙම මරණ සම්බන්ධයෙන් ඔහුගේ 31 වන වියේ පසුවන පුතෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

සැකකාර පුතා මෙයට මාසයකට පමණ පෙර විවාහ ජිවිතයකට ඇතුළත්ව ඇති බවත් ඔවුන් සියළු දෙනාම එකම නිවසකට වාසය කර ඇති අතර ඊයේ (30) රාත්‍රි පිය පුතු අතර ඇති වු බහින්බස් වීමකින් අනතුරුව කෝපයට පත් පුතා තම ඉන බදින පටියකින් තම පියාට අමානුෂික ලෙසින් පහර දුන් අතර එම පහරවැදි
බිම වැටුණ පියා එම ස්ථානයේදීම මිය ගොස් ඇතිබව පොලිස් පරික්ෂණවලදී හෙළි වු බවත් කියයි.

ආනමඩුව අධිකරණය මගින් සිදු කරණු ලබන මහේස්ත්‍රාත් පරික්ෂණයකින් පසු සිරුර පශ්චාත් වෛද්‍ය පරික්ෂණයක් සදහා අද (31) ගෙන යාමට පියවර ගෙන ඇති බවත් කියයි. ආනමඩුව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.