
(පද්මා කුමාරී කංකානම්ගේ )
කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයින් සහ රියැදුරන් 40 දෙනෙකු අද (24 ) කල්පිටිය රෝහලේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කරමින් සිටියදී එක් පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි විවාහකයකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා පසු ගිය 21 වැනිදා පෑලියගොඩ මත්ස් වෙළදපොළට මසුන් රැගෙන ගිය කන්දකුලිය පදිංචි රියදුරෙකි. මොහු පී.සී.ආර්.පරීක්ෂණයට හාජනය කිරීමට පෙර හදිසියේම මිය ගොස් ඇත.
මිය ගිය පුද්ගලයාගේ දේහය ද පී.සී.ආර්.පරීක්ෂණයට හාජනය කර සුරක්ෂිතව පුත්තලම රෝහළේ මෘත ශරීරාගාරය්ට යොමු කරන අතර පී.සී.ආර්.වාර්තාව අනුව මරණ පිළිබදව ඉදිරි කටයුතු සිදු කරන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණයට හේතුව: හදිසියේ මියයාම
රටපුරාම රෝගය පැතිරෙන කම් කයිවාරු ගැහුවා විතරයි.