(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පිළියන්දල දැල්තර පදිංචි හමුදා නිලධාරියාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණයෙන් තහවුරු වීමෙන් පසු ඔහු ආ ගිය බව කියන නිවාස,වෙළඳ සැල් කිහිපයක් වසා දැමීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාව මහතා පැවසීය.

නිවාස 5 කට , වෙලෙඳ සැල් 4 කට ,ගරාජයකට , ඒ.ටී.එම් කුටියකට ඔහු ගිය බව අනාවරණය වූ බව වෛද්‍යවරයා  කීය.

එම නිවාස වල පදිංචිකරුවන් සහ වෙලෙඳ සැල් වල සේවක සේවිකාවන් 50 දෙනෙකු පමණ එම නිවාස වලම හා වෙලෙඳ සැල් වලම ස්වයං නිරෝධනයට ලක් කළ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.