IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පිලිප් කුමරුගේ හෘද රෝගී තත්ත්වයට සාර්ථක ප්‍රතිකාර


එංගලන්තයේ දෙවැනි එළිසබෙත් මහරැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරුගේ කලින් පැවැති හෘද රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා තවදුරටත් ලන්ඩන් නගරයේ ශාන්ත  බර්තෝලමියු රෝහලේ රඳවාගෙන සිටී. එඩින්බරෝහි අදිපාදවරයා ලෙසින් හැඳින්වෙන පිලිප් කුමරු, හදවත් සැත්කමකට පෙර කෙරෙන ප්‍රතිකාර මාලාවට සාර්ථකව මුහුණ දුන් බවත් බකිංහැම් මාළිගය නිවේදනය කරයි.

මේ වන විට 99 වැනි වියේ පසුවන පිලිප් කුමරු  දින 16 ක කාලයක් තිස්සේ රෝහල්ගතව සිටී. පළමුවෙන්ම ඔහු ලන්ඩනයේ පිහිටි VII වැනි එඩ්වඩ් රෝහලට ඇතුළත් කරන ලදි. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එංගලන්තයේ පැරණිතම රෝහල වන ශාන්ත බර්තොලමියු රෝහලට ඇතුළත් කරන ලදි.

මීට පෙර, වසර 2011 දී, රජපවුල නත්තල් සැමරීමට සූදානම් වන අවස්ථාවේදී පපුවේ වේදනාවක් හේතුවෙන් පිලිප් කුමරුන් සැන්ඩ්රින්ග්හැම් මාළිගයේ සිට ගුවන් ගිලන් රථයකින් (හෙලිකොප්ටරයකින්) පැප්වර්ත් රෝහල කරා රැගෙන යන ලදි. එහිදි පිලිප් කුමරුන්ගේ ධමනියකට කෘතිම දැලක් (STENT) ඇතුළත් කරන ලදි.

පිලිප් කුමරු තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටිනු ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ. එළඹෙන ජුනි මාසයේදී පිලිප් කුමරුට අවුරුදු 100 සම්පූර්ණ වෙයි.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (6)

පිලිප් කුමරුගේ හෘද රෝගී තත්ත්වයට සාර්ථක ප්‍රතිකාර

pakeer Thursday, 04 March 2021 06:20 PM

ඔබට දෙවි පිහිටයි.!!!

:       1       0

Demuni Uduwara Thursday, 04 March 2021 09:42 PM

ඉක්මන් සුවය ලැබේවා..!!! 

:       1       0

sachith Friday, 05 March 2021 03:13 AM

හරි වැඩේ... ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැද්ද මෙයාගේ විස්තර දාන්නේ..?

:       2       4

RaveendraFriday, 05 March 2021 06:48 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. කෙසේ වෙතත් හෙළයින් වූ අපගේ මුතුන් මිත්තන් සමූල ඝාතනය කළ ම්ලේච්ඡයින්ගේ ලේ ඥාතියෙකු වුවත් මොහුට ඉක්මන් සුවය පතන්නෙමු. එමෙන්ම මෙම රෝගියාව බැලීමට යාමේදී අපගේ මව්බිමේ හොඳින් හැදෙන වැඩෙන ගස්වලින් රැගෙන යන්නේ රන්තැඹිලි වල්ලක්ද ගොන්තැබිලි වල්ලක්ද නොඑසේ නම් දූරියන් ගෙඩියක්ද යන්න ගැටලුවකි.

:       6       5

නිහාල් Friday, 05 March 2021 08:07 AM

අපේ කළු හම නිසා මේ දවස්වල අපිව රෝහල් වලට වැද්ද ගන්නේ නැහැ.

:       3       4

කපුරු හාමි Friday, 05 March 2021 08:28 AM

තව අවුරුද්දකින් වසර 100 ක් සැමරුවා කියලා අලුතින් නිව්ස් එකක් දාවී. එයාලට මොන සැපද, මොනවායින් කියලා අඩුවක්ද?

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 913 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 624 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site