IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පියා නිදහස් කරන්නැයි පොලිසියට කඩා වැදී යකා නැටු අයියා මලෝ රිමාන්ඩ්

හිරාන් ප්‍රියංකර ජයසිංහ

මාරවිල පොලිස්ථානයට කඩා වැදි කලහාකාරි ලෙස හැසිරුනු යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු 27 දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරිමට මාරවිල දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද ( 22 ) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කලේ නාත්තන්ඩිය මයිලෑව පදිංචි වව්නියාව හා කිලිනොච්චිය යුද හමුදා කදවුරු වල සේවය කරන යුද හමුදා සෙබලෙකු හා සාජන් මේජ්ර් වරයකු ලෙස සේවය කරන සහෝදරයින් දෙදෙනෙකී.

එම සැකකාර යුද හමුදා සාමාජීක අයියා මලේ දෙදෙනා 21 දින රාත්‍රියේ මාරවිල පොලිසියට කඩා වැදි ඇති බව කියයි.

එසේ පොලිසියට කඩා වැදුන මොවුන් පුද්ගලයකුට පහර දිමක් සම්බන්ධව මාරවිල පොලිස්ථානය මගින් අත්ගෙන පොලිස් භාරයේ සිටින තම පියා නිදහස් කරන ලෙසට කළහකාරි අයුරින් හැසිරි ඇති බව කියයි.

පොලිසිය පවසන්නේ අධික ලෙස බිමතින් සිටි මෙම සැකකාර යුද හමුදා සාමාජීකයින් දෙදෙනා ඉතා අශෝභන අයුරින් හැසිරි පොලිස්ථානය තුල තිබු විදුලි පංකාවක් හා මහජනතාවට පානිය ජලය ලබා ගැනිමට තිබු ජල පෙරණයටද හානි කර ඇති බවයි .



අදහස් (19)

පියා නිදහස් කරන්නැයි පොලිසියට කඩා වැදී යකා නැටු අයියා මලෝ රිමාන්ඩ්

පමුදිත Friday, 22 May 2020 03:33 PM

කොටි ත්‍රස්‌තයන්ගේ උවමනාවට අපගේ රණවිරුවන් හිරගෙට යැවීම සම්බන්ධයෙන් බරපතල විරෝධය මෙසේ දක්වා සිටිමු.

:       5       1

Rohana Kumbalgamuwa Friday, 22 May 2020 03:40 PM

පාලකයෝත් හමුදාවේ, පාලිතයෝත් හමුදාවේ... කාටද කියන්නේ?

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 May 2020 03:55 PM

මෙවැනි දඩබ්බර මිනිසුන් හමුදාවේ නම භක්ෂණය කරනවාට මොවුන්ට හමුදාවෙන් දෙන දඬුවම කුමක්ද? මේ අයත් රණවිරුවන්ට අයිතිද දන්නේ නැහැ...

:       1       26

karu Friday, 22 May 2020 03:56 PM

චණ්ඩිකම් කරන්න දෙන්න එපා. කන පැලෙන්න ගහලා කූඩුවේ දමන්න දෙන්නවම. පොලිසියේ මහත්වරුන්ගේ ඉවසීම ගැන ස්තුතියි.. එ්ත් මුන් මට එහෙම ඔය පාට් දැම්මොත් උස්සලා පොළොවේ ගහනවා.

:       0       12

Mr Don Friday, 22 May 2020 05:32 PM

යුද විරුවන්ට අත නොතබනු...

:       10       1

කුමාර Friday, 22 May 2020 06:51 PM

රණ විරුවෝ ....

:       0       1

පී . ඉලංගරත්න Friday, 22 May 2020 11:40 PM

ඔන්න ඒක නම් ගාය තමයි. බෙහෙත් දිය යුතුමයි.

:       0       1

Rowan karunarathna Saturday, 23 May 2020 12:48 AM

අපේ හමුදාපතිතුමා කියයිද දන්නේ නැහැ... තවත් වීරෝදාර රණවිරුවන් දෙන්නෙක් කියලා...

:       0       1

rana Saturday, 23 May 2020 02:33 AM

හා හා බලාගෙන ඔය රණවිරුවෝ නේද? බැහැපල්ලා කාණුවට ගනිල්ලා කරේ තුවාය අතට... පැත්තට හැරිලා දුවපියව්...

:       0       1

rocky Saturday, 23 May 2020 02:54 AM

හත් වලාමේ! මොකද මේ අරියාදු කරන්නේ? වහාම ඒ දෙන්නාට වැඳලා සමාව අරගන `පිය විරු` වහන්සේව නිදහස් කිරීම සුදුසුයි නේද? `වීරෝදාර රණවිරුවන්` දෙන්නා පොඩි අඩියක් ගහලා පොඩ්ඩක් විනෝද වෙන්න පොලිසියට පැනලා මානුෂික මෙහෙයුමක් දෙන්න ඇති. ඕවා ගණන් ගන්න තරම් දේවල් නොවෙයිනේ! අපි ඒවා ඉවසන්න එපායැ...!

:       0       1

Anuruddha Saturday, 23 May 2020 03:20 AM

රණවිරුවෝ නේද?

:       0       1

Kavidu Saturday, 23 May 2020 03:22 AM

රණවිරුවන්ට අත නොතබනු...

:       0       1

ravi Saturday, 23 May 2020 07:55 AM

අපේ රටේ මිනිස්සු මොන.. මොන තරාතිරම්වල වෘත්තීයන් හදාරා තිබුණත්... අර මුඩුක්කු ගතිපැවතුම් මේ අයගෙන් තුරන් වෙන්නේ නැහැ..

:       0       1

Rata Perata Saturday, 23 May 2020 08:10 AM

ඕවට උදාහරණ දුන්නෙත් ඔය ඉන්න සෙට් එකම තමයි. මර්වින් රූපවාහිනියට පැන්නා, වරායට ආයුධ අරගෙන පැන්නා, කිසිදෙයක් වුනේ නෑ.

:       0       1

supun Saturday, 23 May 2020 10:26 AM

රණවිරුවෝ වෙන්නැති... ඇයි ගැහුවේ නැත්තේ මතක හිටින්න...?

:       0       1

lalithm Saturday, 23 May 2020 10:58 AM

විනය අරක්කු වලට යටවෙලා වගේ?

:       0       1

ධම්ම Saturday, 23 May 2020 04:06 PM

හමුදාවේ වුණාට සියලුම දෙනා රණවිරුවන් නොවෙයිනේ.

:       0       2

Jayantha Sunday, 24 May 2020 01:17 AM

පියා වෙනුවෙන් ඉදිරිපත් වූ මේ පුතුන් දෙදෙනා අගය කළ යුතුය. කෙසේ වුවත් කලහකාරී ලෙස හැසිරීම නිසා උසාවි නොදමා එළිවෙන තුරු පොලිස් කුඩුවේ තබන්නයි තිබුනේ

:       34       1

rocky Monday, 25 May 2020 06:03 AM

ධම්ම මහත්තයා මොනවද මේ කියන්නේ? හමුදාවේ සියලුදෙනාම රණවිරුවෝ තමයි. දැනට ඉන්න පිරිස විතරක් නොවෙයි, ඉදිරියේදී බඳවා ගන්න අයත් රණවිරුවෝ. නිකම්ම නොවෙයි,"වීරෝදාර" රණවිරුවෝ. මට හිතෙන්නේ මීට පස්සේ සාමාන්‍ය සේවා මොකුත් නැහැ රණවිරු සේවය!! රටවිරු සේවය. කොරෝනාවිරු සේවය...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site