IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


පැය 28 ක් ප්‍රශ්න කළ නාලක ද සිල්වා හෙටත් කැඳවයි

තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක
 
ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද තෙවැනි දිනටත් පැය නවයකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
 
උදෑසන 10.00ට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි ඒ මහතාගෙන් රාත්‍රී 7 පමණ වන තෙක් ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
 
යළිත් වරක් ඒ මහතා හෙට උදෑසන 9.00ට රහස් පොලිසියට කැඳවනු ලැබ ඇත.
 
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතාගෙන් පැය 28කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම විමර්ශනය පවත්වයි.
 
මෙම විමර්ශන යන අතරතුරු චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට ද පොලිසිය කටයුතු කළේය.
 

 

 



අදහස් (3)

පැය 28 ක් ප්‍රශ්න කළ නාලක ද සිල්වා හෙටත් කැඳවයි

සතයපාල Monday, 22 October 2018 03:39 PM

සාමාන්‍ය මනුස්සයෙක්ව නම් මෙහෙම හවසට ගෙදර යවලා නැවත උදේට කැඳවලා ප්‍රශ්න කරන ක්‍රමවේදයක් රහස් පොලිසියේ නැහැ. ගෙදර යවනවා තියා ගෙදරින් එන ළඟම ඥාතියෙක්ටවත් බලන්න දෙන්නේ නැහැ. මෙයාට විතරක් මෙහෙම විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ පොලිසියේ ඩී.අයී.ජී කෙනෙක් නිසාද? නැත්නම් රටේ ජනාධිපතිවරයාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කල බවට චෝදනා ලද නිසාද?

:       1       0

YAMADUTHA Monday, 22 October 2018 04:04 PM

නීත්‍යානුකූල පුද්ගලයින්ට පොලිසිය වැඩකරන හැටි තමයි.

:       0       0

angelo nugara Monday, 22 October 2018 05:40 PM

අත්අඩංගුවට ගන්න බැරිද?

:       0       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 814 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 936 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site