(චමිල් රූපසිංහ)
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා-19 ආසාදනය වී ඇති බව තහවුරු වු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරියෙක් පැවැසීය.
වසන්ත යාපා බණ්ඩාර මහතා පසුගිය දා කළ පී සී ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ඊයේ (24 ) රාත්‍රියේ ලැබී ඇති අතර ඒ බව තහවුරු වී තිබේ.
මන්ත්‍රීවරයා තෙල්දෙනිය නිරෝධායන මධ්‍යස්ථානයට හෝ කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුට්ටිය වටේටම අල්ලලා වගේ...
225න් තවම 6යි...
ඉක්මන් සුවය ලැබේවා!
‘කෝවිඩ් වසන්ත‘ ලෙස ලියාපදිංචි කළෙමි.
මගේ ගුරුවරයකු වූ ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
වියත් මගේ යන කෙනෙක්, වැඩ කෙසේදැයි තීරණය කිරීමට කල් මදිය.