(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ බිම් මහලේ පිරිසිදු කිරීමේ කටයුතුවලදී වැරදි ද්‍රව්‍යයක් යොදාගැනීම නිසා ඇතිවූ ලිස්සායාමේ ස්වභාවය මේ වනතුරුත් පවතින අතර ඒ හේතුවෙන් බිම ඇද වැටුණු සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ඒ අතර මන්ත‍්‍රීවරුන් හය දෙනෙක්, සේවක සේවිකාවන් 14 දෙනෙක් සහ පිටතින් පැමිණි සිව් දෙනෙකු ද වන බව පැවසේ.
ඇද වැටුණු ඇතැමුන් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප‍්‍රතිකාර ද ලබාගෙන ඇති බව පැවසේ.
ඉකුත් 20 වැනිදා සිට දින හතරක් පුරා පාර්ලිමේන්තුවේ මෙම ලිස්සන ස්වභාවය පවතින අතර එහි තැන තැන ලිස්සන සුළු බව සඳහන් පුවරුද ප‍්‍රදර්ශනය කර තිබේ.
COMMENTS
එකෙක්වත් වැලිගම ගිහින් නැහැ වගේ. අපරාදේ.. මෙච්චර වියදම් කරලා කාටවත් නිසි දඬුවමක් දෙන්න බැරි වෙච්චි එක ගැන....
සේවක සේවකයින්ට පමණක් මගේ කණගාටුව ප්‍රකාශ කරමි..
225ම වට්ටලා ,අත පය කැඩිලා, බොරු කියන කටවල් තැලිලා, බොරු දත් සැට් කැඩිලා, බොරු කොන්ඩ ගැලවිලා,... තව ..අපිට මොනවාද? මෙය සිහිනයක් නොවේවා. ඇත්තක්ම වේවා. දුප්පත්කමේ පතුලේම සිටින ජනතාවගේ රීරි මාංශ උරාබොන මේ දියවන්නාවේ සිටින හිඟන නරි රැලම නැත්තටම නැතිවේවා...!!!
මී හරක් නම් වැටුනට කමක් නැහැ . අර සේවකයෝ පව් .
ලිස්සන සුළු බව සඳහන් කරපු පුවරු ප‍්‍රදර්ශනය කරලා මොනවා කරන්නද, හරියට හරකුන්ට "ගොයම් කෑම තහනම්" කියල බෝඩ් ගැහැව්වා වගේ. ඔකේ ඉන්න උන්ට ලියන්න කියවන්න පුලුවන්ද?
කරුණාකර සබාව ඇතුලේ බිමට පමණක් මේ බෙහෙත යෝඅදන්න
පදික වේදිකාවල තිබෙන වලවල් , කානු මත දමපු කොන්ක්‍රීට් ගැලවී යාම , මහා මාර්ගයේ තිබෙන වලවල් සහ ගලි පියන් නිසිලෙස සවිනොකිරිම නිසා දිනකට සියගණනක් මහමග ඇදවැටී තුවාල සිදු කරගන්නවද ? එම අඩුපාඩු වලට වගකියන්න ඕනේ මේ දේශපාලකයෝ , යුරෝපා රටවල නම් එහෙම වුනොත් වන්දි ඉල්ලලා නඩු දමනවා
තව දෙසිය එකක් ඉතිරිවෙලා.උන්ටත් ඉක්මනින්ම ලිස්සා ගොස් පස්ස බිම ඇනීමට අවස්තාව උදාවේව !!
ඡන්දෙට කලින් මුළු පර්ලිමේන්තුවම අළුතින් ටයිල් කිරීමට පියවර ගැනීමට අළුත් පොටක් වගේ. ලිෆ්ට් ටිකත් මාරු කලේ යස අගේට. ප්‍රශ්නවලින් ලිස්සලා යන්න කොහොමත් මේ 225 දක්ෂයි.
ඡන්දෙන් එලෙව්වත් යන්නේ නැති බහිරවයන් වැටිලා යන්නම ලැබේවා..
අනවශ්‍ය අය ඔයවගේ තැන්වලට ගියාම ඇනගන්නවා. දැන් තියන ආණ්ඩුවේ කවුද හරි මොලේ තියන එකෙක් ඉන්නේ. ඔක්කොම ගල් බමුණෝ...
ඕක ඉතින් මහා අමුතු දෙයක්ද? ඕකේ ඉන්න එවුන් කලේම ලිස්සලා යන එකනේ. මොවුන් ලිස්සා යාමට ඇති දක්ෂයන්.
කාගේවත් බෙලි කැඩිලා නැද්ද? අපරාදේ පොලිෂ්...!!!
පෙර නිමිති...
මනුස්සයෙක්ව මැරෙන්න ප්‍රර්ථනා කරන්න හොඳ නෑ, එ්ත් ඔය 225ම වැටිලා හැඳිගැවිලාම යන්න ඕනෑ..!!
ලිස්සන එක මෙයාලට අමුතු දෙයක් නොවෙයිනේ..!
මම නම් කියන්නේ ඔය දැන් ඉන්න 225 ම නිරෝගිව ඊළඟ පාරත් පත්වෙලා අවොත් හොඳයි. මොකද මෙයාලා ඇතිවෙන්න ඩොලර් බිලියන් ගණන් හොයලා තියෙන හින්දා දැන් අමුතුවෙන් ලොකුවට හොයන්න අවශ්‍ය නැහැ. නමුත් අලුතෙන්ම 225 1 අාවොත් උන් ටික රුපියලේ ඉඳලම හොයන්න පටන්ගන්න හින්දා රට ගොඩගන්නම බැරිවෙන්න වැටෙනවා. අනික අලුත් අය ආවොත් ඒ අය රටේ රාජ්‍ය සේවය ලක්ෂ 16 සිට 32 දක්වා නග්ගනවා. ගොඩක් දුරට පාර්ලිමේන්තු එන්න ලැම්බෝගිනි, රෝල්ස් රොයිස් අනුමත කරගන්න පුළුවන්... පව් ඉතින් සාමාන්‍ය පුද්ගලික අංශයේ සේවකයෝයි පවුල් ටිකයි එකතුවෙලා මේ රටම නඩත්තු කරන්න වෙනවා. මේ සිරිලංකාව...!!!
සතුටු හිතෙන දෙයක් ඇහුවා කාලෙකින්...
හිතා ගන්න පුලුවන් නෙද රටෙ තත්වය....කෙටියෙන් කියුවොත් මුන්ගෙ නොහකියාව
ඔය 24 මොකක්ද .....වැරදියට පාවිච්චි කරලා ලංකික ජනතාවම ලිස්සල වැටිලා තියෙද්දී (අර හොරු 225 නැතිව )...
මේගොල්ලෝ ලිස්සලා වැටෙන්නේ 2020 දී ඒ ජනතාව රට පිරිසිදු කිරීමේ කටයුත්ත කලාම. එතකොට බර වැඩි, ඔලු කෙලින්ම කඳට සවිවෙලා ඉන්න සමහරුන්ගේ ඔලු කඳෙන් ගැලවිලා දියවන්නවටම වැටේවි.
අම්මපා හිතට දැනෙන සතුටක්...
ඔබ පන්සලට පල්ලියට කෝවිලට දේවාලයට යන හැම වෙලාවකම මෙම මහජන මුදල් නාස්ති නොකර රටට වැඩක් නොකරන අය නැතිවෙන්න කියලා අධිෂ්ඨාන පුජාවක යෙදෙන්න.