IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාතාලයේ දෙදෙනෙකුට මරණ දඬුවම

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
පාතාල නායක පාමංකඩ අශෝක නමැත්තා සමඟ එක්ව දෙල්කඳ ප‍්‍රදේශයේ දී මිනීමැරුම් සිදුකළ පාතාල නායකයකු ඇතුළු පුද්ගලයින් සය දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාතාල සාමාජිකයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මරණ දඬුවම් නියම කළේය.

ගංගොඩවිල මහෙස්ත‍්‍රාත් අධිකරණ සිරමැදිරිය තුළ ක්ලේමෝ බෝම්බයක් අටවා දුරස්ථ පාලකයක් මඟින් පුපුරුවා හැර මරා දැමු පාමංකඩ අශෝක නැමැත්තාගේ විරුද්ධවාදී පාතාල නායකයා ඇතුළු සයදෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට මරණ දඬුවම් නියම කෙරිණි.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම් නියම වුයේ පාමංකඩ අශෝක නැමැති පාතාල නායකයාගේ ගෝලයින් බව කියන සම්පත් ප‍්‍රනාන්දු හෙවත් චම්පික සහ එම්.එස් සුරන්ත පෙරේරා හෙවත් ආමි මල්ලී නැමැත්තාටය.

1999 සැප්තැම්බර් මස 18 වැනිදාත් සැප්තැම්බර් මස 25 වැනිදාත්  අතර කාලය තුළ ගංගොඩවිල ප‍්‍රදේශයේ දී යු. ඩී. දිලන්ත සමන් කුමාර නමැත්තා ඝාතනය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මියගේ මෙහෙයවීම යටතේ මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා මෙම නඩුවේ ප‍්‍රධාන සාක්කිකරු විය.



අදහස් (2)

පාතාලයේ දෙදෙනෙකුට මරණ දඬුවම

ravi Thursday, 10 January 2019 12:20 PM

මරණීය දණ්ඩනයට නියම වුවන්ගෙන් බන්ධනාගාර පිරිලා. දැන්වත් එක්‌කෙනෙක්ට දෙන්නෙක්ට දඬුවම් දුන්නනම් අනිත් අයට ඉගෙනගන්න එක්ක ... හොඳයි නේද .

:       0       0

Shantha Thursday, 10 January 2019 12:34 PM

37 ක් මරපු කොටින්ට සිර දඩුවම් පමණක් ලබා දී, එයද වසර පහකින් ගෙවි යන ලෙස මහා අධිකරණය නියම කලේද අදය. කොහොමද ඒක..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site