IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ප්‍රීමා සමාගම තදින් සිටී

(රංජිත් රාජපක්ෂ) 

වැඩි කළ  තිරිගු  පිටි මිල  කිසිසේත් අඩු නොකරන බව ප්‍රීමා සමාගම  ලංකාවේ  සියලුම තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් වෙත අද (11) දැනුම් දි ඇත.
 
ලෝක වෙළදපොළේ තිරිගු ඇට මිල ඉහළ යාමත්, ආනයනය කරන තිරිඟු ඇට සදහා රජය මගින් පනවා ඇති අධික බදු මුදල හමුවේ තිරිඟු පිටි මිල යළිත් රු 4 සිට රු 5.50 දක්වා විවිධ මිල ගණන් යටතේ වැඩි කිරීමට ප්‍රීමා සමාගම කටයුතු කළ බවට එම සමාගම විසින් තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.
 
නව මිලට ප්‍රීමා සමාගම විසින්  එම සමාගමේ තිරිඟු පිටි අලෙවි කරන සියලුම එජන්තවරුන්ට පිටි තොග නිකුත් කර ඇති බවත්, ඒ අනුව තිරිගු පිටි කිලෝවක් පැවති මිලට වඩා රු 4 සිට 5.50 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බව ප්‍රීමා තිරිගු පිටි අලෙවි එජන්තවරු පවසති.
 
නව මිල අනුව ප්‍රීමා තිරිගු පිටි කිලෝවක් රු 90 සිට රු 100 දක්වා විවිධ මිල ගණන් යටතේ වෙළදපොලේ අලෙවි කරනු ලබයි.
 
ප්‍රීමා තිරිගු පිටි මිල වැඩි විමත් සමග බේකරි හිමියන් ග්‍රැම් 450 ක පාන් ගොඩියක් සදහා වැඩි කල රු 2 මුදල සහ ඉහළ දැමු බේකරි නිෂ්පාදන වල මිල පිටි මිල අඩු කරන තෙක්  අඩු නොකරන බව බේකරි හිමිවරු කියාසිටිති.
 
තිරිගු පිටි මිල ඉහළ  යාමත් සමඟ ආපන ශාලා හිමියන්ද තිරිගු පිටි ආශ්‍රිත නිෂ්පාදන  වල මිල ගණන්ද ඉහළ දමා  ඇත.



අදහස් (22)

ප්‍රීමා සමාගම තදින් සිටී

දිමුත් Wednesday, 11 September 2019 05:56 AM

කොහොමද ඒකාධිකාරය ?

:       143       26

chandimaWednesday, 11 September 2019 11:57 AM

කොළඹ පිටිමොල වහලා ඒකාධිකාරය ඔය සමාගමට දුන්නේ ජේ.අර්. ආණ්ඩුවෙන්...

:       0       47

Indhika Wednesday, 11 September 2019 06:21 AM

අඩු කරන්න එපා. එක එක්කෙනාට ඡන්දෙ ගන්න සමාගම් පාඩු විදින්නේ මොකටද ? ඡන්දෙට බලෙන් සල්ලි ගන්නවා වගේ වැඩක්.

:       309       257

max Wednesday, 11 September 2019 06:32 AM

නිවට බාබර් දැක්කම එළුවාත් නිකට පානවලු. කොන්ද පණ ඇති නායකයෙක් සහිත සවිමත් ආණ්ඩුවක් රටට ලබා ගැනීමට සැවොම එක් වෙමු.

:       215       177

chandimaWednesday, 11 September 2019 11:56 AM

යසඅගේට ලංකා ආණ්ඩුවට අයිති වෙලා තිබුණු කොළඹ වරායේ පිටි මෝල වහලා මුළු ලංකාවේම පිටි ඇඹරීමේ ඒකාධිකාරය ඔය සිංගප්පුරු ප්‍රීමා සමාගමට දුන්නේ ජේ.ආර්. ආණ්ඩුවෙන්. "කුම්බලාවන් මාළු කෑවා නම් දුක විඳපන් බෑනෝ" කිව්වලු.

:       0       8

rim Wednesday, 11 September 2019 07:08 AM

මේ වගේ දේවල් වලට රජයක් විදියට තදින් ඉන්න ඕන. එහෙම නොවුනොත් මේ වගේ දේවල් වෙනවා. දැන්වත් සේරම හිතලා හරි තීරණයක් ගන්න වෙනවා.

:       35       59

sumith Wednesday, 11 September 2019 07:09 AM

නොදන්නා ප්‍රස්තා පිරුලු කියන්න ගිහින් වරිගේ නහ ගන්න එපා .

:       20       16

DilanWednesday, 11 September 2019 07:33 AM

ඇත්ත තිත්තයි නේද ?

:       12       17

lalithm Wednesday, 11 September 2019 07:24 AM

සමාගම් දෙකක් තිරිඟු අඹරනවා. තව අයවලුන් පිටි ගේන්න බෙදා හරිනවා. ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වෙන්න දුන්නම හරි නේද?

:       1       3

Aris Wednesday, 11 September 2019 08:19 AM

තදින් හිටියේ නැත්නම් බංකොලොත් වෙලා සමාගම වහල දාන්න වෙයි.

:       10       8

Aris Wednesday, 11 September 2019 08:19 AM

තදින් හිටියේ නැත්නම් බංකොලොත් වෙලා සමාගම වහල දාන්නත් වෙයි.

:       6       1

ධම්ම Wednesday, 11 September 2019 08:41 AM

අපි තුන්වේලම බත් කාපු මිනිස්සු..

:       1       16

RaveendraWednesday, 11 September 2019 10:34 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. අපගේ අදහස්වලට අපට පමණක් නොව අපගේ දෙමව්පියන්ටද පලු යන්න දොස් පවරනු ඇත. නමුත් කිවයුතු දෙය කිව යුතුමයි. ඔය පිටි මිල අහස උසට ඉහළ දැම්මාට නම් කිසිදු වැරැද්දක් නොමැත. මක්නිසාද යත් " දොස්තර මහත්තයලා" වැඩිදෙනෙකු හරි මනාපයි මිනිසුන් තුන්වේල නොව හය වේලක් පිටිම ගිලිනවා නම්... දශක කීපයකට පෙර සිට පිටි ගිලීමට ලාංකීය ජාතියට පුරුදු කලේ විදේශිකයන් නිකමට නොවේ.. අප අවංකව හිතුවොත් දැන් වර්තමානයේ ලාංකිකයන් එහි නියම ප්‍රතිඵල භුක්ති විඳිනවා. දැන්වත් ඔය මලජරා භාවිතය අඩුකර ගැනීමට හැකිනම් මිනිසුන්ගේ ලෙඩරෝගවලට යම්කිසි සහනයක් ලැබෙනු ඇත.

:       31       77

nimal Wednesday, 11 September 2019 08:57 AM

ලෝක වෙළඳ පොලේ තිරිඟු පිටි කිලෝ එකක් රුපියල් හතලිහක් වෙනවා . (1 ton = 218 US $) . එතකොට 125 % - 200 % වැඩිවීමක් . ( 90-40 = rs 50) .

:       0       5

chandimaThursday, 12 September 2019 11:59 AM

අපේ ලංකාවේ දුම්රිය වගේ, පිනට ප්‍රවාහනය කරන නැව් සමාගමක් හම්බුනොත් නම් ඒ ලෝක වෙළඳපලේ මිලට ටිකක් වැඩිය පිටි දෙන්න පුළුවනි.

:       0       0

PA - RA Wednesday, 11 September 2019 09:40 AM

ලංකාවේ මිනිස්සු තුන්වේලම බත් කනවා. මොලේ නැත්තේ එ්කද? නමුත් බිස්කට්, කේක්, පැටිස්, සමෝසා, රොටි, බනිස්, රෝල්ස්, මේවා කන්න පොඩි දරුවන් මෙන්ම තරුණ මහලු සියල්ලන්ම කැමතියි. දේශපාලන බඩජහරියෝ, ඇම්බැට්ටයෝ අපිට අවශ්‍ය නැත. කළයුතු දේ, පාකිස්ථාන්, ඉරාන, ඇමරිකා, සෞදි වගේ රටවල පිටි තියනවා. මොවුන්ගේ එ්කාධිකාරය වසා දැමීමට පාන්පිටි (මයිදා) ගෙන්වීම ප්‍රශ්නයක් නම් වීට් 9 (ආටා) ගෙන්වන්න. එයින් සාදන රොටි ඉතා ගුණයි.. සීනි ලෙඩුන්ට කදිමයි, (තමිස්, කුමුස් ) අරාබි රටවල ඉන්දියා, බංගලාදේශ, ඉරාන, ඉන්දුනීසියා, සිංගප්පූර්, වගේම ප්‍රංශයේ, මැලේසියා මාලේ රටවල උදේ රාත්‍රී ප්‍රධානතම ආහාරයකි.

:       0       75

Jayampathi Wednesday, 11 September 2019 09:41 AM

තව ටික දවසක් ඔහොම යමු... අහවල් කෙනා ජනාධිපති වුණොත් ඔය සෙල්ලම් බෑනේ. සුදුවෑන් තමයි.

:       75       17

kamal Wednesday, 11 September 2019 09:49 AM

රටක් යටත් විජිතයක් ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ රටේ මූලික ආහාර වෙනස් කිරීමෙන්...

:       0       19

sam Wednesday, 11 September 2019 10:35 AM

1970 - 77 සිරිමා සහ එන්.එම්. කාලේ කරාවගේ පාන් හෝ පාන්පිටි කෑම නැවැත්වීම හෝ අඩු කර, බත් සහ අනිකුත් දේ (අල - බතල වගේ) කන්න පුරුදුවුණා නම් හරි. ඒවා තම්බලා කඩවලා විකුණුවා නම් උදේට පාන් ගන්න කට්ටිය බතල, මයියොක්කා කාවි. ප්‍රායෝගික ක්‍රම සහ විධි බලලා කළොත් රටේ සෞඛ්‍යයත් ඉබේම හරියන්න ගනීවි.. පාන් පිටි ආහාරවලින් හැදෙන ලෙඩත් අඩුවෙන නිසා...

:       0       48

dilal Wednesday, 11 September 2019 10:39 AM

ජේ.ආර්. ජනාධිපතිවරයාගේ කාලයේ ප්‍රීමා පිටි කම්හල ආරම්භ කලේ අවුරුදු 20කින් අපේ රටට අයිතිවන ආකාරයටයි. නියමිත අවුරුදු 20ක කාලය අවසන් වනවිට පොදු පෙරමුණ බලයට ඇවිදිල්ලා. ඒ අය හොර රහසේම ප්‍රීමා කම්හල ඒ සමාගමටම ආපසු වික්කා කියා මහත් ආන්දෝලනයක් තිබුණා නේද?

:       52       2

Sunil Wednesday, 11 September 2019 10:57 AM

ආණ්ඩුව නටන්නේ සමාගම් වල තාලෙට. ඡන්දෙට එන්නකෝ.

:       1       21

MISHAL-MATARA Wednesday, 11 September 2019 11:52 AM

ඕකට හොඳම පිළියම කුබූස් රොටි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27961 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18185 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 656 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 853 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site