
(නිමන්ති රණසිංහ)
ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1277ක් බවද එම ආරංචි මාර්ග පවසයි.
මෙම ආසාදිත නිලධාරීන් දිවයිනේ පොලිස් ස්ථාන 85කින් වාර්තා වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කොටුව පොලිසියේ නිලධාරීන් 162 දෙනකුටද, බොරැල්ල පොලිසියේ නිලධාරීන් 107 දෙනකුටද, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 68 දෙනකුටද, කෙසෙල්වත්ත පොලිසියේ 76 දෙනකුටද, ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් 39 දෙනකුටද, මරදාන පොලිසියේ නිලධාරීන් 23 දෙනකුටද, පිටකොටුව පොලිසියේ නිලධාරීන් 20 දෙනකුටද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 15 දෙනකුටද, පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 12 දෙනකුටද, පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් 08 දෙනකුටද, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් 09 දෙනකුටද, පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේ නිලධාරීන් 23 දෙනකුටද, කුරුඳුවත්ත පොලිසියේ 31 දෙනකුටද, මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.
කොරෝනා වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන් 1277 දෙනා අතුරින් 925 දෙනකු සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති අතර නිලධාරීන් තවත් 352 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
මහජන ඡන්දෙන් පත්වෙලා එන නියෝජිතයන් හමුවීමට එන මිනිස්සුන්ට පාට් දාන වැඩේට නම්, මොවුන් අති දක්ෂයින් බව නිතර පෙනෙනා කරුණක්. ඩිෆෙන්ඩරයට නැග්ගම කිසිම මාර්ග නීතියක් සතපහකට ගණන් ගන්නේ නැහැ. ආරක්ෂක කපොළු වල ඉන්නා නිලධාරීන් මොවුන්ව දුටුවිට හිසනමා පැත්තකට වෙනවා. ඒක තමයි රටේ පේන්න තියෙන සාමාන්‍ය තත්ත්වය. ඉස්සෙල්ලම මොවුන්ට බිම යාමට පුරුදුකල යුතුයි. මේ රටේ දේශපාලකයින් අමාරුවෙන් හදාගන්නා ඡන්ද පදනම බිඳ දමනා ඒක මොවුන් කරන්නේ කිසිඳු අමතර ප්‍රතිලාභයක් නොමැතිවයි.
තවම සමාජ ගතවී නැද්ද?, සර් ඔයා ඇත්තටම ෆේල්, දුන්නු ඡන්දය ගැන දුකයි...
ළඟදී අහන්න ලබුණු හොඳ ආරංචියක්.... හැදිච්ච අය ඉක්මණට හොඳ වෙන්න ඕනෑ.. හැබැයි ඔය කියන ප්‍රභූ අයට බෝ කරලා...
ප්‍රභූන්ට හැදිලා නැද්ද? අනේ කොරෝනා එයාලාව තනිකරන්න එපා...
කරුමෙට මහ ප්‍රභූ ඇතුලු හොර නඩයට හැදෙන්නේ නැහැනේ... අහිංසක මිනිස්සුන්ටයි ඒකත්...
"ප්‍රභූන්" කියන ජාතියට මොනවටද මහජනතාවට හීනෙන්වත් ලැබෙයි කියල හිතන්න බැරි මේ හැටි ආරක්ෂාවක්?
පුලුවන් නම් ඔය එක්කෙනෙක් අර අපේ රටට එන්නත තාම ඔනේ නැහැ කියලා කියපු කෙනාට කොරෝනා ටිකක් දෙන්න. එයා ඒක බීලා හොදකර ගනියි.
ප්‍රභූන්ට හැදුණොත් සිංගප්පූරුවේ යයි බෙහෙත් ගන්න. ඒත් පව් මේ ආරක්ෂකයින්... මේ අයට ඉතින් සාදික්කා කසාය තමයි බොන්න වෙන්නේ.
ප්‍රභූ අයගේ ආරක්ෂකයන්ට කොවිඩ් වැළඳී තිබේනම්, ඒ අය ආරක්ෂා කළ ප්‍රභූන්ට කොරෝනා නැත්තේ කොහොමදැයි කියන්න කිසිම හේතුවක් නැහැ..!! ලොක්කෝ ඔය වසංගතය පොඩ්ඩන්ටත් නොමිලේම බෙදා දෙනු ඇත.
මහජන ඡන්දයෙන් පත්වී ප්‍රභූන් වෙන්න බැහැ... ඔවුන්ට ආවතේව කරමින් කුඩ අල්ලමින් දොරවල් අරිමින්, වහමින් ඔවුන්ගේ බිරින්දෑවරුන්ටද, දරුවන්ටද ආවතේව කරමින් දෑත්, දෙපා හන්දිපත් රුදාව හැදෙනකම් පෙරගමන් යමින් මේ නිලධාරීන් ඔවුන් ප්‍රභූන් කරනවා. මේ වුවදුර තුළින් ඔවුන්ට කේවට්ටයන් එපාවෙලා කුඩය තමන්ම අල්ලා ගනිමින් අපේ ගණයට වැටෙනවා.
මුට්ටි අල්ලන්න ගිහින් වෙච්චි හදියක් අම්මපා...
කව්ද ඔය ප්‍රබු කියන්නේ? එංගලන්තේ ලෝඩ් වරුන්ට සාමි වරුන්ට නෑකම් කියන අයද නැතිනම් ඒ කාලේ බයිසිකලයක් වත් නැතිව සිටි ගමේ අයද?
අපේ රටේ කොහෙද ප්‍රබූවරු ඉන්නේ? වැඩි හරියක් හොර දූශිත දේශපාලුවන් මිසක්?
අපි මෙ ආසාවෙන් බලන් ඉන්නේ ප්‍රභූ පොකුර බිහිවෙන කල්...දැනටත් එක්කෙනෙක් නුවරට වෙලා හෙළිකොප්ටරෙන් එන කෑම කකා ඉන්නවනේ. ඔහොම යමුකෝ...