
(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වැළඳී සුවය ලබාසිටින සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිය අමාත්‍යංශයේ රාජකාරී කටයුතු අද හෙටම ආරම්භ කරනු ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන්, කොළඹ අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වන්නිආරච්චි මහත්මිය සුවය ලබා ඉකුත් දා රෝහලින් පිටව ගියාය.
සෞඛ්‍ය ඇමැතිවරියට කොරෝනා වැළඳීම නිසා සෞඛ්‍ය ඇමැති ධූරයේ වැඩබැලීමට රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් දා පත්කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා පාරත් "එළ මුත්‍රා මුට්ටියයි පැණි බෝතලෙයි" අරගෙනද එන්නේ?
අපේ රටට කරන විපත් දැකලා සොබාදහමින් දඬුවම් කරනු ඇත.
ඉක්මනට එන්න... නැතිනම් වැඩ නැති වෙයි...