(ලක්ෂ්මී ජයකොඩි)
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පාසල් 16 ක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇත.
වතු නිවාස හා ප‍්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කළේ දිවංගත තම පියාණන් වන ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම්ට අනුව මෙම පාසල් ජාතික පාසල් බවට පත් කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි.
ඒ අනුව නුවරඑළියේ දිස්ති‍්‍රක්කයේ හයිලන්ඞ් විද්‍යාලය , බොස්කෝ විද්‍යාලය , තලවකැලේ දෙමළ මහා විද්‍යාලය ,හොල්බෘක් දෙමළ මහා විද්‍යාලය, බොගොවන්තාලාව ශාන්ත මරියා විද්‍යාලය ,නෝර්වුඞ් දෙමළ මහා විද්‍යාලය, මස්කෙළිය සෙන් ජෝශප් විද්‍යාලය , හොරන්සි විද්‍යාලය, බ්ලුම් ෆීල්ඞ් විද්‍යාලය, රාගල දෙමළ මහා විද්‍යාලය, අල් මින්හාජ් මුස්ලීම් මහා විද්‍යාලය ,පුඩළුඔය දෙමළ මහා විද්‍යාලය , ශුද්ධ ති‍්‍රත්ව දෙමළ මහා විද්‍යාලය , මෙතෝදිස්ත විද්‍යාලය, මරයා දෙමළ මහා විද්‍යාලය යන විදුහල් ජාතික පාසල් බවට පත් කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.
කඳුකරයේ පාසල් අධ්‍යාපන නඟා සිටුවීමට එම ප‍්‍රදේශ වල පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම වැදගත් බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නැයි තමන්ද අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගෙන් කළ ඉල්ලිම් වලට යහපත් ප‍්‍රතිචාර හිමිව ඇති බවද ජීවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
369
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2164
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1642
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නුවරඑළියේ පාසල් 16 ක් ජාතික පාසල් කිරීමට යයි
දිමුත් Thursday, 21 January 2021 09:21 AM
දැන් ඔවුන්ට විතරක් විශේෂ සැලකීමක් මොකද? ඒක වෙනම රටක්ද?
Neel prasanna Friday, 22 January 2021 08:01 AM
සුපිරියි.