විනීතා එම් ගමගේ
නීති විරෝධී ලෙස අලි ඇතුන් 39 දෙනෙක් ඉකුත් රජය සමයේ අලි රොෂාන් විසින් අල්ලා විකුණා ඇතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
ඔවුන් වෙනුවෙන් නඩු 17ක් පවරා ඇතැයි කී අමාත්‍යවරයා මේ 39 දෙනාට අමතරව තවත් අලි පස් දෙනෙක් පිළිබඳවද තොරතුරු සොයා ගත් බවත් ඒ පිළිබඳව නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවත් කියා සිටියේය.
එම අලි පස්දෙනා සන්නස්වලින් ලියා දී ඇතැයි කී අමාත්‍යවරයා එය නීත්‍යානුකූල කටයුත්තක් නොවන්නේ යැයි ද කීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රාජගිරියේ පිහිටි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේ අද (7) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය.
‘‘පසුගිය කාලයේ කාලේ අලි අල්ලලා ගෙනත් පන්සලක තියාගෙන විකුණපු ඒ ජාවාරම කළ අලි රොෂාන්. දැන් කවුරුත් එයා ගැන දන්නවා හරියට සරදියෙල් වගේ.
සන්නස්වලින් ලියල අලි දෙන්න බැහැ. ඒක නීත්‍යානුකූල නම් පහුගිය කාලේ උතුරෙන් අල්ලපු රත්තරන් කාට හරි සන්නසකින් ලියල දෙන්න තිබුණ නේ. එහෙම කළා කියල ඒව අයිති කරගන්න පුළුවන් ද?
මේ අලි හතර දෙනාගෙන් එක්කෙනෙක් කතරගම දේවාලයට දීල. භාර ගෙන තියෙන්නේ ශෂින්ද්‍ර රාජපක්ෂ. තව දෙන්නෙක් ගෝඨාභයට. එයින් එක්කෙනෙක් මේ හතර දෙනාගෙන් එක්කෙනෙක්. අනිකා සත්තුවත්තෙන් අරන්. මේ දෙන්නා ඡන්දයට දින දෙකකට පස්සේ කෑම්ප් එකට භාර දීලා. තව අලියෙක් ඉන්නවා හුංගම. එම අලියා අත්අඩංගුවට ගන්න ඊළඟ නඩු වාරයේදි අවසරය ලැබෙයි කියා හිතනවා.
අනෙක් අලි දෙන්නාගෙන් එක්කෙනෙක් හිටපු ජනාධිපති ගේ ආරක්ෂක නෙවිල් ලඟ. අනෙක් අලියා උපාලි දිසානායක කියල කෙනෙක් ලඟ. මේ අනවසර අලි තබා ගැනීම වෙනුවෙන් උපරිම නීතිය ක්‍රියාත්මක කරනවා.
මේ අවුරුද්දේ ගතවූ මාස අට හමාරක කාලය තුළ අලි ඇතුන් 185 දෙනෙක් මිය ගිහින් තිබෙනවා. අලි මිනිස් ගැටුම නිසා මිනිසුන් 65 දෙනෙක් මිය ගිහින්. මේ මිය ගිය 185 දෙනා ගෙන් සිය දෙනෙක් මිය ගියේ පහුගිය ජනවාරි පෙබරවාරි මාර්තු මාසවල දී. අනෙක් පිරිස ඉන්පසුව මම අමාත්‍යංශය භාර ගත්තට පසුවයි.
ළඟදිම අපේ සේවක ප්රශ්නය විසඳන බැවින් අලි වැට අවසන් කර ගන්න බැරි වුණත් මේ පිරිසගෙන් අපට ප්රශ්නය බොහෝ දුරට විසඳ ගත හැකියි. අවුරුදු 35 ක් පැරණි අලි මිනිස් ගැටුමට නිසි පිළිතුරු හොයන්න අවුරුදු 75 ක් පරණ මේ වන ජීවී දෙපාර්තමේන්තුවට බැරි වුණා. අපි නීත්‍යානුකූල ක්‍රමයකටම මේ ප්රශ්නය විසඳනවා.‘‘යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
COMMENTS
අසරණ සතුන්ට මොන ක්‍රමයෙන් හරි සැපක් ලැබෙන වනම් හොඳයි. බොරුවට නීති තියා ගෙන අසරණයන් අපා දුක් විදින්නේ. . දම්වැල් දමාගෙන හිර කරගෙන තියා ගෙන ඉන්නේ , දුප්පත් රටක සතෙක් වෙලා ඉපදෙන්න ලොකු පවක් කරලා ඇති. ඉතින් ඒ සතුන්ට වද දෙන්න එපා.
පන්සල, අලියා සහ බුද්ධාගම අතර සම්බන්ධයක් තිබේද? අලියන් පන්සල් භූමි තුල කකුල් තුවාල වෙනකල් දම්වැල් වලින් බැඳගෙන ඉන්නේ ඇයි? මෙය සත්ව හිංසනය නොවේද? පොඩි ළමයි මේවා දැක පව් අලියා කියන එක පන්සල අයිති අපේ හාමුදුරුවන්ට නොඇසෙන්නේ ඇයි?
නීතියානුකූලව අලි ඇතුන් විකුනන්න කාටද බලය තිබෙන්නේ.. එහෙනම් මිනිස්සුන්වත් විකුණන බලය තිබෙන්න එපාය. ඒගොල්ලෝ කැළයට අයිතීයි කැලය ඒගොල්ලන්ට අයිතීයි. අපට අයිති ඒගොල්ලෝ කැලයේ සිටින හැටි බලා රස විඳින එකයි. 1968 කාලයේ වැලිකන්ද ප්‍රදේශයේ ඉන්න කාලේ මමනම් ඒ රස වින්දා.
ෆොන්සේකා ඔය ගමන් පැහැදිලි කරන්න නීත්‍යානුකූලව කැලේ අලි මිනිසුන්ට දෙන්න බලය තිබෙන්නේ කාටද කියලා...
ලංකාවේ අලි මිනිස් ගැටුමට කල හැකි එක ප්‍රායෝගික පිළියමක් නම්, මේ වන අලින් අල්වා උන් ඇති කළ හැකි අයට ලබාදීමයි. මේ ලිපියේ සඳහන් කල ඇති අලින්, මෙලෙස හැකියාවක් ඇති අයට ඇති කිරීම ලබා නොදුන්නා නම්, බොහෝවිට මේ අලින් මේ වනවිට ගොවීන්ගේ වෙඩි පහරට ලක්වී මරුමුවට පත්වීමට ඉඩ තිබුණා. අද අලි, මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී කළ යුත්තේ නීතියේ එල්ලී සිටීම නොව, ප්‍රායෝගික විසඳුම් සෙවීමයි.