IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නීතිඥවරු අධිකරණ භූමියේ නිහඬ විරෝධතාවක

(නිමන්ති රණසිංහ)
 
ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග ලබාදීම නීතියට පටහැනි අත්තනෝමතික ක්‍රියාවක් බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු අද(24)  අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.
 
නීතිපතිගේ කාර්යභාරය අධිකරණයට මග පෙන්වීම සහ සහය වීම පමණක් බවත් එසේ තිබියදී විනිසුරුවරුන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම නීතිපතිගේ කාර්යභාරය නොවන බවත් ඔවුහු සඳහන් කළහ.
 
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ සංගමය මෙම විරෝධතාවට එක්ව සිටියහ.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)

 



අදහස් (42)

නීතිඥවරු අධිකරණ භූමියේ නිහඬ විරෝධතාවක

Mahesh Friday, 24 January 2020 07:55 AM

නීතිපතිගේ හැසිරීම වැරදියි. ඔහු ගැන පියවරක් ගන්න ඕනෑ. අනික ඔහු නිලධාරීන්ගෙන් පළිගනිමින් සිටින බව පේනවා. දේශපාලුවන් විතරක් සුරකිනවා.

:       19       279

arunaFriday, 24 January 2020 08:56 AM

නීතිපති කියලා තියෙන්නේ අත්අඩංගුවට ගන්න උසාවියෙන් වරෙන්තුවක් ගන්න කියලා. ඉතින් අධිකරණයට තමයි අවසාන තීරණය තියෙන්නේ..

:       226       205

MaheshFriday, 24 January 2020 09:25 AM

එයා කවුද එහෙම උපදෙස් දෙන්න. එයා හදන්නේ ඉන්න ආණ්ඩු සතුටු කරලා ලොකු පට්ටමක් ගන්න වගේ වැඩක්. මොහුගේ දුරකථන එහෙම පරික්ෂා කරා නම් මෙයාගේ වැඩ ගැනත් තේරුම් ගන්න ලේසිවෙයි. මොහුව එළවා දැමිය යුතුයි.

:       18       157

sameeraFriday, 24 January 2020 10:26 AM

මහේෂ්, අපි දන්නා විදියට එයා තමයි නීතිපති. එයාට ඒ බලය තියෙනවා .

:       104       58

SaliyaFriday, 24 January 2020 10:08 AM

නමුත් චම්පික රණවක අත්අඩන්ගුවට ගත්තේ නීතිපතිගේ තනි නියෝගයකට, කිසිම වරෙන්තුවක් නැතිවයි. මේ ගැන ගම්මන්පිල මාධ්‍ය හමුවකදී කිව්වේ මහේස්ත්‍රාත්වරයෙකුගේ වරෙන්තුවකට වඩා නීතිපතිගේ නියෝගය බලවත් බවයි. මේ නීතිපති කිසියම් මානසික විශාදයකින් පෙලෙන්නෙක් බවයි පෙනෙන්නේ...

:       1       273

ravinFriday, 24 January 2020 10:47 AM

අන්තිම වාක්‍ය නම් හරි... බලන්නකෝ මිනිහාගේ කොණ්ඩේ හැටි...

:       0       57

MaheshFriday, 24 January 2020 10:53 AM

මානසික අවුලකුත් ඇති. කොණ්ඩේ දැක්කහම ඒක තවත් හිතාගන්න පුලුවන් තමයි.

:       0       40

අබිලිංSaturday, 25 January 2020 01:34 AM

රවීන් හරියට හරි රටේ ඉහළම නිලයක් දරණ කෙනාට තමුන්ගේ කොණ්ඩයවත් පීරාගෙන සිටීමට නොහැකි නම් ඔහුගේ අනෙක් වැඩ ගැන කවර කතාද?.

:       0       20

anuraFriday, 24 January 2020 10:28 AM

මේ නීතිපතිම තමයි ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්න සති 2ක් තියලා දේශපාලන නඩුවක් දැම්මේ...

:       1       152

dilanSunday, 26 January 2020 08:17 PM

යූ.ඇන්. පී. කාරයන්ට නීතිපති වහ උනේ අර බැඳුම්කර සිද්දිය එළිකර ගත්තේ "දප්පුල දී ලිවේරා" නිසා. ඔය නිතිපතිම රණවිරුවන්ව, ගම්මන්පිලව, විමලව ඇතුලට දාද්දි යූ.ඇන්.පී. සෙට් එකට ඔහු වීරයෙක් වුනා සේම, ආපහු තමන්ටම පත්තු වෙද්දී නීතිපති ද්‍රෝහියෙක්වෙලා. ඔය කතා ගණන් ගතයුතු නැහැ. මහජනතාව බලන් ඉන්නවා දූෂිත අධිකරණ විනිසුරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන තුරු. ඒත් අපි දන්නවා ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නීතිපති තුමා හරහා මිසක කුඩු කාරයටයි, මිනිමරුවටයි, ස්ත්‍රී දුෂකයටයි කතා කරන කළු කොට් කාරයෝ හරහා නෙවෙයි කියල

:       0       48

Hemantha Friday, 24 January 2020 08:14 AM

"දප්පුල තප්පුලයි" හොඳ නිර්මාණශීලී බැනරයක්...

:       120       589

sam Friday, 24 January 2020 08:16 AM

දප්පුල කියවන්න ගත්තේ බැඳුම්කර විමර්ශනය කාලේ ඉඳලනේ.. එයා දේශපාලන බළල් අතක් කියලා නොදන්නවා නම් ඒ කිරි සප්පයෙක් පමණයි.

:       27       280

samFriday, 24 January 2020 09:20 AM

නමුත් ඒ කාලේ දප්පුල අපි හැමෝටම වීරයෙක් වුණා.

:       36       19

MaheshFriday, 24 January 2020 10:57 AM

පිස්සන්ට නම් ඉතින් ඔහු වීරයෙක් වෙන්න ඇති. රටේ සල්ලි නාස්ති කරමින් තනතුරත් කනවා.

:       1       42

ramanSaturday, 25 January 2020 02:51 AM

මහේෂ් පිස්සන් කියන්නේ කාටද? අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැඳුම්කර මගඩිය අල්ලන්න මුල්වුණේ දප්පුල සහ යසන්ත කෝදාගොඩ ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. දප්පුලගේ වැරදි තිබෙන්න පුළුවනි. නමුත් ඔහු තමයි ඒ වෙලාවේ රට වෙනුවෙන් පෙරට ආවේ. ඔබ අපට පිස්සන් කියන්නේ ඔබ එක්කෝ අැලෝසියස්ලාගේ කුඩු කාලා. නැත්නම් ෆුට්නෝට් කල්ලියේ එකෙක් හැටියට මිලියන් කීයක් හරි කාලාද?

:       30       27

Chandima Friday, 24 January 2020 08:18 AM

ඒ අය අද කරන්නේ දේශපාලනයක්..

:       1       201

සේන Friday, 24 January 2020 08:25 AM

ඒ කියන්නේ මේ සියලු දෙනාම රන්ජා එක්ක නීතිය නමපු එකට එකඟයි. මොවුන් සියලුදෙනා නීති විරෝධීන්..

:       397       710

athuraFriday, 24 January 2020 09:21 AM

රන්ජා එක්ක එකතුවෙලා කැලේ නීතිය නවන එක විතරයි දැන් කරන්න හදන්නේ...

:       0       16

krishantha Friday, 24 January 2020 08:28 AM

මේකේ තේරුම මොකක්ද? එයාලා කැමති කෙනෙක් එක්ක කතා කරගෙන කැමති නඩු තීන්දු දුන්නම අපි බාරගන්න ඕනෑ කියන එකද? විනිසුරු අත්අඩංගුවට ගන්න එක නීතිමය වරදක්ද? දන්න කෙනෙක් කියලා දෙන්නකෝ...

:       106       201

ජයනාදFriday, 24 January 2020 09:55 AM

මෙම විනිසුරුතුමා මුල් අවස්ථාවේම 2015 JSC එකට සහ හිටපු IGP ට පැමිණිලි කරලා තියෙනවා... ඒත් නිසි පරීක්ෂණ පවත්වලා නෑ. නමුත් පරීක්ෂණවලදී කියලා‍ තියෙනවා කෝල්වලට පොසිටිව් උත්තර දෙන්න කියල‍ා. ⁣ඒකෙන් නඩුවට සාක්ෂි හැදෙනවා මෙන්ම ආරක්ෂක පියවරක් වෙන නිසා... එතුමාට දිගටම මරණ තර්ජන ඇවිත් ආරක්ෂාව පවා ඉල්ලා තිබෙනවා. විශාල අසාධාරණයක් මෙතන තියෙනව මහජනතාව නොදන්න...

:       0       189

kumara Friday, 24 January 2020 08:30 AM

උපුලුත් ඉන්නේ...

:       32       150

sam Friday, 24 January 2020 08:31 AM

මේ නීතිපතිතුමාම පසුගිය ජනාධිපතිවරය‍ාගේ කාලයේත් මේ වගේ අත්අඩංගුවට ගැනීමේ තීරණ දුන්නා. ඒ වෙලාවේ ඔහුගේ තීරණ ගැනීම ගැන කතාකරන්න තිබුණා. එහෙම වුණා නම් සමහරවිට මේ වනවිට ඔහු තනතුරෙන් ඉවත්කරන්න ඉඩ තිබුණා.

:       5       5

Aris Friday, 24 January 2020 08:32 AM

කලබල වෙන්න එපා. වරෙන්තුවක් අරන් අත්අඩංගුවට ගන්නයි කියලා තියෙන්නේ... වරෙන්තු නියෝග දෙන්නේ අධිකරණයෙන් නිසා නීතිපති වැරදිනම් නොදී ඉන්න පුළුවන්...

:       55       97

sas Friday, 24 January 2020 09:09 AM

සීමාව ඉක්මවා වැඩ කරන බව පැහැදිලියි.

:       22       40

beau Friday, 24 January 2020 09:14 AM

මෙතන කොමෙන්ට් දාන වැඩි හරියක් බැඳුම්කර වංචාවෙන් වාසිගත්ත පුද්ගලයින් වගේ මට පෙනෙන්නේ...

:       73       142

saaliFriday, 24 January 2020 10:50 AM

මහේන්ද්‍රන්ගෙන් ගත්තා කියලද, කබ්රාල්ගෙන් ගත්තා කියලද පෙනෙන්නේ? ඔයා දෙවනියාගෙන් නේද ගත්තේ..?

:       0       118

ගල්කටස් Friday, 24 January 2020 09:29 AM

රන්ජාගේ ජරාව නාපු කාපු අයව තියන්න හොඳ නැහැ. ඉවත් කළ යුතුයි. රුයිතෙට යැව්ව අය රැකගන්නත් උද්ඝෝෂණ කරන අය ඉන්න පුදුම හරක් ඉන්න රටක්නේ මේක....

:       43       155

Buddika Friday, 24 January 2020 09:43 AM

නීතිපති පැහැදිලිවම වැරැදියි. ඒකාධිපති හැසිරීමක් තියෙන්නේ... දේශපාලන බලධාරීන් පිනවීමට සහ ඔහුගේ පුද්ගලික අනාගත බලාපොරොත්තු වෙනුවෙනුයි අද වැඩ කරන්නේ. මේ රටේ නීතියක් නැහැ. උසාවියෙන් දඬුවම් දීපු මිනිස්සුන්ට දූෂණ චෝදනා ඇති අයට රජයේ තනතුරු දීලා. අද ජනාධිපති ලේකම් කියන්නේ නැවත රජයේ තනතුරක් නොදරන බවට දිවුරුම් ප්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණයට දීපු කෙනෙක්...

:       2       162

samSaturday, 25 January 2020 06:54 AM

වෙනත් පුවත්වල තිබෙනවා ජනාධිපති මේ අත්අඩංගුවට ගන්න කියපු නියෝගයට එකඟ නැහැ කියලා. දැන් එතකොට බනින්නේ දප්පුලටද, ඔහුව පත්කරපු සිරිසේනටද, නැත්නම් ගෝඨාටද?

:       16       24

ruki Friday, 24 January 2020 09:45 AM

ඒ කාලයේ හිටපු නීතිපතිලා මොනතරම් වැදගත්ද..?

:       0       5

ධනා Friday, 24 January 2020 09:56 AM

මොවුන්දැලාගේත් හඬපට තියෙනවා ඇති. ඒකයි ඔය දඟලන්නේ...

:       20       9

Felix Friday, 24 January 2020 10:06 AM

එදා එය පුත්තලමෙහි ප්‍රසිද්ධ සතෙකුගේ නමින් නම් කරන ලදී... නමුත් අද?

:       0       1

sumith Friday, 24 January 2020 10:12 AM

මම බැලුවේ මේ දවස්වල ගිරිය පුප්පාගෙන කඩේයන ලෝයර් මහත්තයා කෝ කියලා, එයා අහලකවත් නැහැනේ...

:       0       60

ජයනාද Friday, 24 January 2020 10:25 AM

මෙතන ජනතාව නොදන්න ලොකු අසාධාරණයක් තියෙනවා. එතුමාට ආපු තර්ජන, බලපෑම් වලට සාක්ෂි තියෙනවා. මුල් බලපෑම කරපු ගමන් අධිකරණ සේවා කොමිසමට JSC හා IGP ට පැමිණිලි කරලා පොලිසිය මගින් කටඋත්තර පවා ගන්නවා. එයිට වඩා දෙයක් කරන්න බැහැ. විමර්ශන වලදී කියනවා කෝල්ස් වලට පොසිටිව් උත්තර දෙන්න කියලා... සාක්ෂි වගෙම තර්ජන අවදානම අඩුවෙන නිසා. ඒක නිසා හඬපටෙන් එහා බලන්න. ඇත්ත මොකක්ද කියලා. ඒක අහපුගමන් තීරණය කරන්න එපා. මෙතැනදී රන්ජන්ගේ හඬපටෙන් එහා ගිය කතාවක් තියෙනවා වෙන අය කතාකරලා කෙලින්ම මරණ තර්ජනය කරලා තියෙනවා. අපි දන්නා විදියට. රන්ජන් එක්ක ඩීල් නෙමෙයි, රන්ජන් පාර්ලිමේන්තුවේදී මෙම විනිසුරුතුමා ඉලක්ක කරලා ⁣වත්කම් ගැන ⁣සොයන්න කියනවා හැන්සාර්ඩ් වල ඇති ඒවා බලන්න. ඩීල් නම් එහෙම වෙන්නේ බෑ. එතුමා⁣ට වත්කම් තියෙනවා පරම්පරාවෙන් ආපු කාගෙන්වත් රුපියලක් ඕනෑ නැහැ. නමුත් මෙහෙම කළාම මෙතුමාගේ නැතිවෙන ගෞරවය ආයෙත් නිවැරදි කාරයෙක් වුණු දවසට එන්නේ නෑ. ඒක රජය වෙනුවෙන් නිල නීතිමතය. නීතිපති කියන්නේ ඉතා බලවත් තනතුරක්.. හිතන්න හරිද කියලා...?

:       9       18

dilanSunday, 26 January 2020 08:18 PM

අපි තාම කන්නේ බත් සහෝදරයා, තණකොළ නෙවෙයි.

:       0       2

Nimali Friday, 24 January 2020 10:30 AM

දැන් දඩයම පටන් අරන් ඉවරයි. පරිස්සම් වෙන්න.

:       1       9

samSaturday, 25 January 2020 06:56 AM

ඒ නිසාද මේ අත්අඩංගු නියෝග නවත්වන්න කිව්වා කියලා වෙනත් පුවත්වල තිබෙන්නේ..?

:       11       1

Rata Perata Friday, 24 January 2020 10:50 AM

'දප්පුල තප්පුලයි' නම් නියම කියමන.... රන්ජන් විතරක් නෙමෙයි ලොකු ලොකු දේශපාලකයින් ඔක්කොම නීතියට බලපෑම් කරනවා. දූෂිත ආයතනවලින් අධිකරණය අංක 1... මේ එකෙක්වත් රට හදන්න එන අය නෙමෙයි. අපිත් කාලා, රටත් කාලා, තමන්ගේ බඩ ගැන බලන පිරිසක් අපිට ඉන්නේ. තවත් එකඑකාට වඳින්නේ නැතුව අපි ඔක්කොම එකතුවෙලා බලපෑම් කරන එකතමයි කරන්න තියෙන්නේ...

:       1       147

Hafeel Friday, 24 January 2020 10:59 AM

නීතිපතිගේ නියෝගයෙන් මීට කිහිපදෙනෙක් අත්අඩංගුවට අරන් තියන්නේ. නමුත් ඒ අවස්ථාවලදී මේ නීතිඥවරු නිහඬ ඉඳන්, ඔවුන් වෙනුවෙන් තමාගේ සේවාදායකයා කියමින් හොඳට හම්බ කළා. දැන් එයාලාගේ පන්තියේ කෙනෙක් අත්අඩංගුවට ගනිද්දී පාරට බහිනවා. මේක සාධාරණද? මේ නීතිඥ සංගමුත්, රජයේ වෛද්‍ය සංගමුත් එකයි. ඔවුන්ගේ වාසියට තමයි.

:       30       112

Anura Nanayakkara Saturday, 25 January 2020 07:11 AM

නීතිය ගැන කිසිම දැනීමක් නැති මිනිස්සු පිස්සු දොඩවනවා.

:       0       14

chinthaka Sunday, 26 January 2020 08:20 PM

මම බොහොම සරල ප්‍රශ්නය අහන්නම්.., රටේ අපරාධ අඩු වුණාම, නඩු අඩුවෙනවා... නඩු අඩු වුණාම? කාටද පාඩු? මෙන්න මේ පින්තුරේ බලලා තීරණය කරන්න.

:       0       0

samantha Sunday, 26 January 2020 08:22 PM

දැන් අපිවත් අත්අඩංගුවට ගත්ත උසාවියෙන් වරෙන්තුවක් නිකුත් කරොත්, අපේ හිතවත්තුත් මෙහෙම උත්ඝෝෂණය කළොත් වරෙන්තුව නවතියි නේද? කොටින්ම මේකෙන් පේනවනේ නඩුකරතුමා සේවය කරලා තියෙන්නේ කාටද කියලා..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 48 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 311 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 184 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 125 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 204 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2160 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site