(ක.ග.කරුණාරත්න)
මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයට සහ පොලොන්නරුව කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන එන ගුවන් මගීන්ට යම්කිසි රෝගී තත්වයක් ඇතිවුවහොත් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා පොලොන්නරුව මහ රෝහල සූදානම් කර ඇතැයි එහි අධ්‍යක්‍ෂ , විශේෂඥ කුමාර මහතා අද (10) පැවැසීය.

ඒ සඳහා විශේෂ ඒකකයක් සහ පුහුණු කාර්ය මණ්ඩලයක්ද සූදානම් කර ඇති බව වෛද්‍ය සම්පත් ඉන්දික මහතා කීය.
කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හමු වුවහොත් ඔවුන් වහාම කොළඹ බෝවන රෝග සෞඛ්‍ය විද්‍යායතනයට මාරුකර යැවීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ආපු කට්ටියට කරපු අසාධාරණයෙන්ම හිතාගන්න පුළුවන් බේත් කරන විදිහ ගැන...