
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව නාගමඩුව වැවට අයත් රක්ෂිතයක තිබු වටිනා ශාක වර්ග රැසක් දරට කපා තිබෙනු දක්නට ලැබිණි.
මෙසේ කපා ඇත්තේ වැව් රක්ෂිතයට අයත් අක්කර දෙකක පමණ තිබු කොහොඹ, මාදං, ඇතුළු ශාකමය අතින් වටිනා ගස් රැසක් බව කියයි.
අදාල රක්ෂිතයේ තිබු මෙම දැවැන්ත ගස් කපා ට්‍රැක්ටර් යොදා ගනිමින් ඇද ඇති බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
අක්කර 15 කට ආසන්න වපසරියකින් යුත් නාගමඩුව වැව පුත්තලම වනාතවිල්ලුව ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති සුන්දර වැවක් වෙයි.
මෙම නාගමඩුව වැවේ එක් පසකින් මොන්ගිල්ආරු ඔය ගලා බසින අතර ඒ ඔය තුලද තිබු ශාක මෙසේ කපා ඇති ගස් අතරට අයත් බව කියයි.
මෙම වැව් රක්ෂිතය ආසන්නයේ පිහිටි පුද්ගලික ඉඩමක් හිමි පුද්ගලයකු වැව් රක්ෂිතයේ ශාක දරට කැපිමට ලබාදී ඇති බවත් මෙයට පෙර මෙම කන්ද මත තිබු කුඹුක් ගස්ද මෙම පුද්ගලයා කපා දමා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
සිද්දිය වාර්තා විමත් සමග වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් නිලංග නන්දසේන මහතා හා අදාල වසම භාර ග්‍රාම නිළධාරි වරයාද සමග පැමිණ නිරික්ෂණයක නිරත වුහ.
මෙහිදි ප්‍රාදේශීයවරයා මෙහිදී පවසා සිටියේ මෙම රක්ෂිතයේ සිදුකර ඇති කටයුත්ත සම්පුර්ණයෙන් නීති විරෝධි ක්‍රියාවක් බවය.
"මෙම සිද්දිය පිළිබදව මෙයට පෙර කෘෂිකර්ම කමිටුව පැවැත්වෙන අවස්ථාවකදී වාර්තා වෙලා ඒ පිළිබදව වනාතවිල්ලුව පොලිසිය දැනුවත් කළා. ඒ සමගම මේ ශාක කපා දැමිමට සම්බන්ධ සැකකරු අදාල රක්ෂිතයට බලපත්‍ර තිබෙන බවට දන්වලා තිබේනවා. නමුත් වැව් රක්ෂිතයට බලපත්‍ර ලැබීම ගැටළුවක්.
ඒ සමගම මේ කපලා තිබේන ගස් සදහා කිසිදු අවසරයක් අරන් නැහැ. එසේම මේ කපලා තිබේන කොහොඹ, මාදම් කපන්න කිසිම ලෙසකින් අවසර ලබා දිලත් නැහැ. ඒ නිසා මේ පිළිපබදව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා." යැයි ඔහු පැවසිය.





COMMENTS
මේ සහගහන අපරාධය කිරීමට සැලසුම් කළ, ඊට දායක වූ සියලුම සහාසික නරුමයින්ට, ඔවුන්ට හෙනහතම වදියි..
අවසරයකින් තොරව පරිසරය විනාශ කිරීමට (ගස් කැපීම, පස් කැපීම, වැලි කැපීම, තෙත්බිම්, ජලපෝෂක ප්‍රදේශ විනාශ කිරීම, වනසතුන් දඩයම් කිරීම) ඇතුළු පරිසරයට හානිකරන්නා වූ පුද්ගලයන් සහ ඒ සඳහා නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකර බලපත්‍ර නිකුත් කල සියලු දෙනාට දස වසරක සිරදඩුවම් ලබාදීමට කටයුතු කළයුතුවේ.
මෙම මහා පාපකර්මයට දායකවුණු ඒ අය පමණක් නොව ඔවුන්ගේ අඹුදරුවන්ද මෙම පව්කාර මල්වට්ටියට අත ගසා ඇති බැවින් මෙලොවදීම එහි ගුණ අගුණ ලබාගනු නියතය.
කාලකන්නි රටක... කාලකන්නි ජනතාව... කාලකන්නි පාලකයින් නිසාම තමයි.
ඕවා ගැන ඔච්චරටම කලබල වෙන්න දෙයක් නැහැ. අනාගතයේදී ඔය ගස් වෙනුවට රටඉඳි ගස් සිටුවේවි. ඔය වනයේ සිටින තිරිසන් සත්තු වෙනුවට, ඔටුවන් පැමිණේවි. එතකොට අපිට ඔටුකිරි බී රට ඉඳි කා තිරිසන් වීමට හැකිවේවි. අනික ඔය බොරතෙල් වගේද අපේ රත්තරන් නිධිවල වටිනාකම..? අනාගතයේදී අපට ලැබෙන ප්‍රතිලාභ ගැන සිතා මම නම් දැනටමත්, මැදපෙරදිගින් හෝ යුරෝපයෙන් මගේ ගෙදරට ගෘහ සේවිකාවක් ගේන්න ඉල්ලීමක් කරලයි තියෙන්නේ? කාටද ආඩම්බර?
මේවගේ සාපරාධී වනාන්තර විනාශයන් පුද්ගල ඝාතනයන් හා සමානයි. මෙවැනි සාපරාධී පුද්ගලයින්ට එරෙහිව ඉතාමත් කෙටි කාලයක් තුළ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නමුත් ශ්‍රී ලංකාවේ තිබෙන නීතිමය රාමුවක් තුළ තව වසර 20 කින් වත් ඔය අදාළ පුද්ගලයාට දඬුවම් නොලැබේවි. බොහෝ විට ඔහු දේශපාලන කුක්කෙක් විය හැකියි. වනාන්තර වල තිබෙන වැදගත්කම මිනිසුන්ට කියා දීම ඉතාමත්ම වැදගත්ය. අපගේ පාදඩ ටීවී නාලිකා ද ඉන්දියාවේ තිබෙන කුණුහරප නාට්‍ය ප්‍රදර්ශනය කරමින් මෙවැනි උතුම් කාර්යයට දායක නොවන්නේය. නූතන සන්නිවේදනයේ මිනිසුන් සතුව ඇති දැනුම වර්ධනය කිරීම සඳහා මාධ්‍ය ආයතන වලට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම ඇත...
මෙපමණ විනාශයක් සිදුවන තුරු අදාල බලධාරීන් නින්දේ පසුවීම අදහාගත නොහැකි කාරණයක්... පුවත්පත් වල පලවන බොහොමයක් මෙවන් ක්‍රියා සිදුවීමට පෙර හෝ සිදුවන අතරදී අදාල බලධාරීන් දැනුවත් නොවීම හාස්‍යයට කරුණක්. වනාන්තර සතා සිව්පාවා විනාශ කරමින් මිනිසුන් මේ කරන්නේ සියතින් ගෙල සිඳගැනීමක් බව ඔවුන්ට නොවැටහෙන්නේ ඇයි?
‘‘ඔක්සිජන් කන්නද‘‘ කියලා අහපු අයගේ වැඩ වෙන්න ඇති... !!!
ජනපතිතුමාට පාලනයක් නොමැති වන සංහාරය... මේකේ පාලනයක් ගන්න බැරි දූෂිත දේශපාලකයන් නිසා.
කරු මහත්මයා, පිළිසඳර පවත්වන්න ඉඩක් තියෙන්න ඕනෑ නිසා දුරස්ථභාවය තියාගන්න සුද්ද කර දැම්මාද දන්නේ නෑ නේද?