( ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වෙලේ සුදා, කංජිපානි ඉම්රාන්, සුසෙයි, පොට්ට නවුෆර්, ඇතුළු නමගිය පාතාල අපරාධකරුවන් අතරින් කිහිපදෙනෙක් අධිකරණයේ විභාග වන නඩු සඳහා කොළඹට රැගෙන ඒමේදී බන්ධනාගාර බසයට දැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව ආරක්ෂක කවුන්සිලය වෙත දන්වා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
මේ පිළිබඳව ජනාධිපතිවරයාගේද අවධානයට යොමු කර ඇතැයිද බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේය.
එවැනි විශේෂ ගණයේ රැදවියන් 20 දෙනකු පමණ දැනට දැඩි ආරක්ෂාව සහිතව බූස්ස බන්ධනාගාරයේ විශේෂ සිර කුටි 20 ක රඳවා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
මේවා ප්‍රසිද්ධ කළ යුතුද?
මේ පාතාලයන්ගේ ආරක්ෂාව සඳහා මහජන මුදල් වියදම් කරන්න එපා. වෙන දෙයක් වුනාවේ කියලා අවම ආරක්ෂාව සපයන්න.