( රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මඟ පිළිබඳව හෙට (24) පැවැත්වෙන සාකච්ඡාව සඳහා සහභාගීවන මන්ත්‍රීවරුන්ට කොටි ලාංඡන සහිත පත්‍රිකා බෙදා හැර ඇතැයි දෙමළ ජනතා සභාවේ මන්ත්‍රීවරු පවසති.
හෙට පැවැත්වෙන එම රැස්වීමේදී විග්නේෂ්වරන් මහතාගේ ඉදිරි දේශපාල ගමන පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට ද නියමිතය.
එම රැස්වීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී ඊයේ (22) රාත්‍රියේ මෙම පත්‍රිකා කිහිප දෙනෙකු අතර බෙදා ඇති බවත් යාපනයේ ඇතම් ස්ථාන කිහිපයක තවත් පත්‍රිකා දමා ගොස් ඇති බවත් මන්ත්‍රීවරු පවසති.
එම පත්‍රිකාවේ දෙමළ ජනතා සභාවේ සම සභාපති වරයෙකු වන වෛද්‍ය පී.ලක්ෂ්මන් මහතාගේ ඡායාරූපයක්ද යොදා ඇති අතර ‘නායකයින්ගේ මාසයේ මහා නැගිටීම, දෙමළ ජනතා පෙරමුණේ නායකයින්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වන්න යැයිද සඳහන් කර තිබේ.
‘නායකයින්ගේ මාසය‘ යනුවෙන් සඳහන් කර ඇත්තේ කොටි සංවිධානයේ මහවිරු මාසය මෙන්ම කොටි නායකයාගේ උපන්දින මාසය වශයෙන් හැඳින්වීමට හැකි යැයිද ඔවුහු පවසති.
කෙසේ වෙතත් මෙම පත්‍රිකා සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාවේ ප්‍රබල සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ මෙම පත්‍රිකා බෙදා හැර ඇත්තේ හෙට (24) දිනයේ පැවත්වෙන දෙමළ ජනතා සභාවේ රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ දරන පිරිසක් බවයි.
2025 නොවැම්බර් මස 04
411
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2184
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙමළ ජනතා සභාවේ මන්ත්‍රීවරුන්ට කොටි ලාංඡන සහිත පත්‍රිකා