
(දසුන් රාජපක්ෂ)
යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටු කාර්යාලයක් ස්ථාපිත කර තිබුණේදැයි තමා නොදන්නා බව එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද (28) ප්‍රකාශ කළේය.
එම පාලන සමයේ තමා සිදුකළේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ ව්‍යාපෘතිවලට අදාල ආර්ථික උපදේශ ලබාදීම බව ද මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේය.
මලික් සමරවික්‍රම මහතා මේ බව කියා සිටියේ සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ඩී.එස්. ජයවීර මහතා මෙම කොමිසමට කළ පැමිණිල්ලක වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් සාක්ෂි ලබාදෙමිනි.
මලික් සමරවික්‍රම මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල එහිදී දන්වා සිටියේය. එම හරස් ප්‍රශ්න ඇසීම ඔක්තෝබර් 6 වැනි දින සිදු කරන ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය.
COMMENTS
මේ තුන්ලොකේම වෙන දේවල් හොඳාකාරවම සොයා බලන සහ මනාලෙස අවධානයෙන් සිටින මම දැන් ඇස් ඇරලත් නැති තාමත් තොත්ත බබා ...
ඕවා මොනවාද? සමහරු තමන්ගේ නෝනට ගෙවල් අරන් දුන්නා කියලවත් නොදැන හිටියේ..
මේ කට්ටිය නිසා තමයි රනිල්ටත් ගෙදර යන්න සිද්ධ වෙච්ච ලොකු හේතුවක් උනේ. මේ උදවිය. රනිල් නිසා උඩට ඇවිත් අන්තිමට බෙල්ල කපල යනවා.