
(ප්‍රියාණි මංගලිකා)
කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන බතික්, අත්යන්ත්‍ර, රෙදිපිළි, දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සමීප ආශ්‍රිතයන් ලෙස ස්වාමීන් වහන්සේලා 05 නමක් ඇතුලුව හෙට්ටිපොළ කාර්යාල මහජන දිනයට සහභාගි වූ හා ආශ්‍රිතයන් ලෙස 75දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
මෙම පිරිසට අවශ්‍ය උපදෙස් ලබා දී ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර ඇති බවද, ඔවුන්ට පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ඊට අමතරව අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයන් ඇතුලු ආරක්ෂක අංශ සාමාජිකයන් ද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ හෙට්ටිපොළ පොලිසිය එක්ව සිද්ධියට සම්බන්ධ සමීප ආශ්‍රිතයන් සොයා තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
අනේ... ඉක්මණටම අපිට සුබ ආරංචියක් අහන්න ලැබේවා...!!!
දයාසිරි ගියොත් රටට හොඳයි. 225න් එකෙක් යනවා.
ඇමතිගෙ කටු ලෙවකන අය ගැන සරලවම අදහසක් මේකෙන් ගන්න පුලුවන් වෙයි මිනිස්සුන්ට.