IMG-LOGO

තොන්ඩමන්ගේ අවමඟුල නිරෝධායන නීතිවලට කළැයි කම්කරු කොන්ග්‍රසයේ ලොක්කෙක් පරළ වෙයි

( අජන්ත කුමාර අගලකඩ)

අභාවප‍්‍රාප්ත අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් තොරව නිරෝධායන නීතිරීති අනුගමනය කරමින් කරන ලෙස කළ දැනුම්දීමට උරණවූ ලංකා කම්කරු කොංග‍්‍රසයේ ප‍්‍රබලයකු සෞඛ්‍ය බලධාරීන්ට දුරකථනයෙන් බැන තර්ජනය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.
 
තොණ්ඩමන් මහතාගේ අවමඟුල් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් නිරෝධායන නීතිරීතිවලට අනුව කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ බලධාරියෙකු ලංකා කම්කරු කොංග‍්‍රසයට සම්බන්ධ ප‍්‍රබලයකුට දුරකථනයෙන් දැනුම් දුන් බව අවස්ථාවේ ඔහු අදාළ නිලධාරියාට මෙසේ බැණවැදී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
 
වතු ජනතාවගේ සහභාගීත්වයෙන් අවමඟුල් කටයුතු කරන බවට අදාළ ප‍්‍රබලයා වහස්බස් දොඩා ඇතැයිද වාර්තාවේ.
 
අනතුරුව සෞඛ්‍ය බලධරයා පොලිස්පතිවරයාට ද මේ බව දැනුම් දී නිරෝධායන නීති කඩකරන්නේද යන්න සොයා බලන ලෙස ඉල්ලීමක් කර ඇති බවද දැනගන්නට ඇත.
 
අවසන් කටයුතු  සිදුවූ අද (31) දිනයේ රටටම ඇදිරි නීතිය පැනවූ නමුත් ඊයේ (30) දිනයේදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පැනවූයේ එහි ප‍්‍රථිඵලයක් නිසා බවද වාර්තාවේ.
 
නිරෝධායන නීති කඩකරමින් කටයුතු කරන්නේද යන්න පිළිබදව සොය බැලීමට පොලීසිය සහ හමුදාව විශාල වශයෙන් එම ප‍්‍රදේශයට යොදවා තිබූ බවද වාර්තාවේ.



අදහස් (17)

තොන්ඩමන්ගේ අවමඟුල නිරෝධායන නීතිවලට කළැයි කම්කරු කොන්ග්‍රසයේ ලොක්කෙක් පරළ වෙයි

kap Sunday, 31 May 2020 12:52 PM

පිස්සුද..? බොරු කතා... මේවගේ දේවල් වුනේ පහුගිය යහපාලන කාලේ. සර්ගේ කාලේ මේවා වෙන්න විදිහක් නෑ.. කෝ අර දේශප්‍රේමී කුඹියන් ටික...

:       308       1018

Rata PerataMonday, 01 June 2020 06:22 AM

ඒක ඇත්ත. දැන් එක බයියෙක් හොයාගන්න අමාරුයි.

:       196       221

BamunuarachchiTuesday, 02 June 2020 12:40 PM

ඔතනම ඉන්නේ 58 ලක්ෂෙන් දෙන්නෙක්. ඔය බයියෝ දෙන්න පලකරන අදහස් දැක්කම තුවාත් නොමිලේම ලැබෙනවා.

:       0       0

BamunuarachchiTuesday, 02 June 2020 02:06 PM

සිංහල බෞද්ධයින් 75% ඉන්න බෞද්ධ සංස්කෘතියට හැදුණු රටක් නිර්ආගමික කරන්න හදන අමනයින් බලයට පත් කරන්න හදන්නේ එ වගේම අමන රැලක් තමයි.

:       0       0

සෙල්වම් Sunday, 31 May 2020 01:41 PM

කොරෝනා නීති ඇත්තේ මිය ගිය තොන්ඩමන් මහතාට නොවේ. ජීවත්වන නුඹලාටය. අපටය. කරුණාකර තව දුරටත් අපව විහිළුවට පත් කරන්න එපා...

:       29       242

ශෂික මනෝහර Sunday, 31 May 2020 01:42 PM

ඔව්... හමුදාවයි, පොලීසියයි ඔහේ බලාගෙන හිටියා.. නීතීය කඩන හැටි...

:       32       752

de silva Sunday, 31 May 2020 01:58 PM

මේවා මේ අවස්ථාවේදී සිදුවිය යුතු දේවල්ද? මට පෙනෙන්නේ රනිල් සජිත්ගේ කකුලෙන් ඇද්දා වගේ අයියත්, මල්ලිගේ කකුලෙන් අදිනවා. කොරෝනා නීතිවලට හිස නවමින් මාස 2 1/2ක් අැඳිරි නීතියට හිරවෙලා ගෙදරට වෙලා හිරවෙලා හිටපු රටේ පුරවැසියන්ට මොනවද හිතෙන්නේ? රටේ පුරවැසියන් 20000 කට විතර නඩු පවරලා නිරෝධායන නීති කැඩුවා කියලා. තව පුරවැසියන් 40000ක් විතර පිටරටවල සිරවෙලා ඉන්නවා.. ලංකාවට එන්න බැරුව ඉන්නවා... මෙහෙ රට පාලනය කරන දේශපාලකයින් ජෝගි නටනවා...

:       0       0

වසන්ත Sunday, 31 May 2020 02:07 PM

අවසානයේදී අපේ සර්ට පවුලේ කුරහන් සාටකයේ සෑබෑ හිමිකම උරුම විය..

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 31 May 2020 02:11 PM

තත්ත්වය මෙසේ වුවත්, මෙවැනි වාතාවරණයකට මඟපාදන අය හා හරිහැටි නීතිය ක්‍රියා නොකරන අය වළ කපාගන්නේ තමනුයි. මන්දයත්.. මැතිවරණය ඉදිරියේ ඇත. තමන් නෙලාගන්නේ තමන් වැපිරූ දේය.

:       0       0

Nishantha Sunday, 31 May 2020 02:44 PM

අර දවල්ට පායන චැනල් එකේ අයට පේන්නේ නැද්ද දන්නේ නැහැ... නේද?

:       0       0

Lakmal Ginigathhena Sunday, 31 May 2020 02:47 PM

නිරෝධායන නීති කියලා දෙයක් තිබ්බද?

:       0       0

pradeepa Sunday, 31 May 2020 03:09 PM

නිරෝධායනය ගැන කතාකරපු ලොකු මහත්වරු, නෝනාවරු පසුගිය දවස් ටිකේ හැංගිලා හිටියේ.... මොන කතාද ජනතාවට අායෙත් නම් රෙද්දක් ඇඳගෙන උපදෙස් දෙන්න බැහැනේ...

:       0       0

Prasad Sunday, 31 May 2020 03:30 PM

බොරු කිය කියා කඩේ යන්න පටන් ගත්ත සෞඛ්‍ය බලධාරියාට තාම බනින්න ඇත්තේ... දැන් ඡන්දත් තියන්න පුළුවන් කියලා හොරෙන් ලියුමත් යැව්වනේ...

:       2       83

Sirisena Sunday, 31 May 2020 03:40 PM

කෝ මේ අපේ විමලේ සහ ගම්මා? ආඃ මට අමතක වුණා. එයාලා දෙන්න දීලා අපි චීනගෙන් ප්ලාස්ටික් බේසන් දෙකක් ගත්තනේ? එයාලා හිටියා නම් අද මෙහෙම වෙන්නෑ අප්පා....

:       2       134

Prabha Sunday, 31 May 2020 06:19 PM

ඇත්තටම මගේ රට ගැන හරි දුකයි...

:       0       59

Rohana Monday, 01 June 2020 04:21 AM

අනිකුත් නීති කැඩුවා වගේ නෙමෙයි.., නිරෝධායන නීති කැඩීම නිසා මුලු රටම රෝගාතුර විය හැකියි. නීති කැඩුව රුමේනියාවෙ අගමැතිට පවා දඩ ගෙවන්න සිදුවුණා. අපට කොහෙද එහෙම හයියක්...?

:       0       82

සේන Monday, 01 June 2020 06:51 AM

මේ නොහික්මුණු මිනිසුන් විනයක් යටතට ගත යුතුයි. දන්නා කාලයේ සිටම කුණු වෙච්ච දේශපාලන ගොහොරුවේ බැසගෙන හිටි මිනිසුන් තදනීති යටතේ හික්මවිය යුතුයි.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 97 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 642 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site