( අජන්ත කුමාර අගලකඩ)
අභාවප‍්‍රාප්ත අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් තොරව නිරෝධායන නීතිරීති අනුගමනය කරමින් කරන ලෙස කළ දැනුම්දීමට උරණවූ ලංකා කම්කරු කොංග‍්‍රසයේ ප‍්‍රබලයකු සෞඛ්‍ය බලධාරීන්ට දුරකථනයෙන් බැන තර්ජනය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.
තොණ්ඩමන් මහතාගේ අවමඟුල් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් නිරෝධායන නීතිරීතිවලට අනුව කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ බලධාරියෙකු ලංකා කම්කරු කොංග‍්‍රසයට සම්බන්ධ ප‍්‍රබලයකුට දුරකථනයෙන් දැනුම් දුන් බව අවස්ථාවේ ඔහු අදාළ නිලධාරියාට මෙසේ බැණවැදී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
වතු ජනතාවගේ සහභාගීත්වයෙන් අවමඟුල් කටයුතු කරන බවට අදාළ ප‍්‍රබලයා වහස්බස් දොඩා ඇතැයිද වාර්තාවේ.
අනතුරුව සෞඛ්‍ය බලධරයා පොලිස්පතිවරයාට ද මේ බව දැනුම් දී නිරෝධායන නීති කඩකරන්නේද යන්න සොයා බලන ලෙස ඉල්ලීමක් කර ඇති බවද දැනගන්නට ඇත.
අවසන් කටයුතු සිදුවූ අද (31) දිනයේ රටටම ඇදිරි නීතිය පැනවූ නමුත් ඊයේ (30) දිනයේදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පැනවූයේ එහි ප‍්‍රථිඵලයක් නිසා බවද වාර්තාවේ.
නිරෝධායන නීති කඩකරමින් කටයුතු කරන්නේද යන්න පිළිබදව සොය බැලීමට පොලීසිය සහ හමුදාව විශාල වශයෙන් එම ප‍්‍රදේශයට යොදවා තිබූ බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද..? බොරු කතා... මේවගේ දේවල් වුනේ පහුගිය යහපාලන කාලේ. සර්ගේ කාලේ මේවා වෙන්න විදිහක් නෑ.. කෝ අර දේශප්‍රේමී කුඹියන් ටික...
කොරෝනා නීති ඇත්තේ මිය ගිය තොන්ඩමන් මහතාට නොවේ. ජීවත්වන නුඹලාටය. අපටය. කරුණාකර තව දුරටත් අපව විහිළුවට පත් කරන්න එපා...
ඔව්... හමුදාවයි, පොලීසියයි ඔහේ බලාගෙන හිටියා.. නීතීය කඩන හැටි...
මේවා මේ අවස්ථාවේදී සිදුවිය යුතු දේවල්ද? මට පෙනෙන්නේ රනිල් සජිත්ගේ කකුලෙන් ඇද්දා වගේ අයියත්, මල්ලිගේ කකුලෙන් අදිනවා. කොරෝනා නීතිවලට හිස නවමින් මාස 2 1/2ක් අැඳිරි නීතියට හිරවෙලා ගෙදරට වෙලා හිරවෙලා හිටපු රටේ පුරවැසියන්ට මොනවද හිතෙන්නේ? රටේ පුරවැසියන් 20000 කට විතර නඩු පවරලා නිරෝධායන නීති කැඩුවා කියලා. තව පුරවැසියන් 40000ක් විතර පිටරටවල සිරවෙලා ඉන්නවා.. ලංකාවට එන්න බැරුව ඉන්නවා... මෙහෙ රට පාලනය කරන දේශපාලකයින් ජෝගි නටනවා...
අවසානයේදී අපේ සර්ට පවුලේ කුරහන් සාටකයේ සෑබෑ හිමිකම උරුම විය..
තත්ත්වය මෙසේ වුවත්, මෙවැනි වාතාවරණයකට මඟපාදන අය හා හරිහැටි නීතිය ක්‍රියා නොකරන අය වළ කපාගන්නේ තමනුයි. මන්දයත්.. මැතිවරණය ඉදිරියේ ඇත. තමන් නෙලාගන්නේ තමන් වැපිරූ දේය.
අර දවල්ට පායන චැනල් එකේ අයට පේන්නේ නැද්ද දන්නේ නැහැ... නේද?
නිරෝධායන නීති කියලා දෙයක් තිබ්බද?
නිරෝධායනය ගැන කතාකරපු ලොකු මහත්වරු, නෝනාවරු පසුගිය දවස් ටිකේ හැංගිලා හිටියේ.... මොන කතාද ජනතාවට අායෙත් නම් රෙද්දක් ඇඳගෙන උපදෙස් දෙන්න බැහැනේ...
බොරු කිය කියා කඩේ යන්න පටන් ගත්ත සෞඛ්‍ය බලධාරියාට තාම බනින්න ඇත්තේ... දැන් ඡන්දත් තියන්න පුළුවන් කියලා හොරෙන් ලියුමත් යැව්වනේ...
කෝ මේ අපේ විමලේ සහ ගම්මා? ආඃ මට අමතක වුණා. එයාලා දෙන්න දීලා අපි චීනගෙන් ප්ලාස්ටික් බේසන් දෙකක් ගත්තනේ? එයාලා හිටියා නම් අද මෙහෙම වෙන්නෑ අප්පා....
ඇත්තටම මගේ රට ගැන හරි දුකයි...
අනිකුත් නීති කැඩුවා වගේ නෙමෙයි.., නිරෝධායන නීති කැඩීම නිසා මුලු රටම රෝගාතුර විය හැකියි. නීති කැඩුව රුමේනියාවෙ අගමැතිට පවා දඩ ගෙවන්න සිදුවුණා. අපට කොහෙද එහෙම හයියක්...?
මේ නොහික්මුණු මිනිසුන් විනයක් යටතට ගත යුතුයි. දන්නා කාලයේ සිටම කුණු වෙච්ච දේශපාලන ගොහොරුවේ බැසගෙන හිටි මිනිසුන් තදනීති යටතේ හික්මවිය යුතුයි.