IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


තැපෑලෙන් ආ බෙහෙත් බී දෑස් නොපෙනී ගිය පුතුට සහනයක් සොයයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොරෝනා වසංගතය පැවති කාල සීමාවේ තැපැල් මාර්ගිකව ලැබුණු බෙහෙත් භාවිතා කිරීමෙන් පසු දැඩි ලෙස රෝගාතුරව දෑස් නොපෙනෙන තත්ත්වයකට පත්ව තවමත් ප්‍රතිකාර ලබන තම පුත්‍රයා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන ලෙස දෙමව්පියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මෙසේ රෝගාතුරව සිටින්නේ මීරිගම හිරුවල වැවහේනවත්ත පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහු කල්එළිය ද්වීතික කනිෂ්ඨ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබිණි.

මෙම සිසුවා මාස 18 ක් තිස්සේ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීරිගම මූලික රෝහලේ සායනිකව ප්‍රතිකාර ලබමින් සිටි බවද කොරෝනා සමයේ රෝහලට නොගිය අතර තැපැල් මගින් ලැබුණු බෙහෙත් භාවිතා කළ බවද දරුවාගේ පියා වන කේ.ඒ. අනිල් කපිල කුමාර මහතා සදහන් කරයි.

තැපැල් මගින් ලැබුණු බෙහෙත් භාවිතා කරන අතරේ දරුවා දැඩි ලෙස අසනීප වූයෙන් මැයි මස 1 දින පුතා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කළ බවද ඔහු සඳහන් කරයි.

දරුවාට ලබාදුන් බෙහෙතක් විසවීමෙන් මේ හදිසි රෝගී තත්ත්වය උදාවී ඇති බව එහිදී දැනගන්නට ලැබුණු බවත්  ශල්‍යකර්ම හයකට ලක් කළ බවද පියා පැවසීය.

ක්‍රම ක්‍රමයෙන් පුතාගේ ඇස් පෙනීම දුර්වල වූ බවත් මේවනවිට පෙනීම නැතිවී ඇතැයි ද මාස දෙකකට වැඩි කාලයක් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලැබූ පුතා මේවනවිට කොළඹ අක්ෂි රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවද පියා සදහන් කළේය.

වැරදි බෙහෙත් නිකුත් කෙරුණේ කෙසේද කවුරුන් විසින්ද යන වග හෙළි කර ගැනීමටත් ඒ සදහා වගකිවයුත්තේ කවුරුන් දැයි අනාවරණය කර ගැනීමටත්   විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ‍දරුවාගේ මව ටී.ඒ. කේ.සුජාතා මැණිකේ මහත්මිය මීරිගම පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ.‍

මීරිගම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ජයන්ත අභයරත්න මහතා සදහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි. 



අදහස් (0)

තැපෑලෙන් ආ බෙහෙත් බී දෑස් නොපෙනී ගිය පුතුට සහනයක් සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 607 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 816 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 351 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site