( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
තබ්බෝව අභය භුමියට අයත් විරක්කොඩිචෝලේයි රක්ෂීත වනාන්තරය වනසමින් දැව ජාවාරමේ නිරතවි සිටි දැව ජාවාරම් කරුවන් තිදෙනෙකු සමග රුපියල් ලක්ෂ 10 කට ආසන්න දැව තොගයක් සමග උපකරණ රැසක් කරුවලගස්වැව පොලිසියේ නිළධාරින් පිරිසක් අද ( 24 )අත් අඩංගුවට ගත් බව පවසයි.
මෙසේ අත් අඩංගුවට ගත් සැකකරුවන් විරක්කොඩිචෝල රක්ෂීත වනාන්තරයට යාබද පිහිටි පහරිය ගම්මානයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
පවතින ඇදිරි නීතිය ප්‍රයෝජනයට ගනිමින් දැව ජාවාරම් කරුවන් යාන්ත්‍රික කියත් සවිකල අත් ට්‍රැක්ටර් වනාන්තරයට රහසේ රැගෙන විත් දැව සංහාරය සිදු කරන බව කියයි.
තබ්බෝව අභය භුමියට අයත් විරක්කොඩිචෝල රක්ෂීතය හෙක්ටයාර් 22,764 ක භුමි ප්‍රමානයකින් සමන්විත වෙයි .
කරුවලගස්වැව , සාලියවැව හා වනාතවිල්ලුව පොලිස් වසම් තුනකට මැදිව ඇති තබ්බෝව අභය භුමියට අයත් මෙම රක්ෂීත වනාන්තරය දිගින් දිගටම වන අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති වනාන්තරයක් බව කියයි.
දැව ජාවාරම් කරුවන් වනාත්තරය තුළ ඇති අවුරුදු 200 කට වඩා පැරණී දැවැන්ත පළු වෘක්ෂයන් සේම විර ඇතුළු වෙනත් වෘක්ෂයන්ද යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් බිම හෙලා දැව ඉරිම සිදුකරන බව පොලිස් නිළධාරින් පවසයි
ඒ සමගම වනාන්තරය තුලට වාහන ගමන් කිරිමට හැකිවන ලෙස වනය වනසමින් මාර් ග ද සකසා ගෙන තිබු බව පොලිසිය පවසයි.
මෙසේ වනාන්තරයෙන් ඉරන ලද දැව රහසිගත ලෙස පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට රැගෙන යාම සිදු කර ඇති බවද කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් සමග යාන්ත්‍රික කියත් , අත් ට්‍රැක්ටරයක් ,ඉරන දල ලක්ෂ 10 කට ආසන්න පළු ලී තොගයක් වනාන්තරයෙන් රැගෙන විත් නිවසක් තුළ සගවා තිබියදී ගත් බව කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනී.




COMMENTS
ජාවාරමේ මුල හොයාගන්න. කැලේ ගස් බැඳලා ( දුටුගැමුණු සුදුසුවේ) අලුතින් ගස් වවලා අඩුම තරමින් අඩි 5'- 6 ' අතර ප්‍රමාණයකට ගස වැඩෙනකන් රැකබලා ගන්නකන් දිගේලි කරන්න අවශ්‍යයි. හැඟෙයි නම් මුළු පවුල පිටින්ම ගස් බඳින්න. වැඩේ ගොඩින්ම බේරෙයි. කොහොමත් නඩු කියන්නත් එපමණ කලක් යනවා නේද? එළියේ හිටියොත් නඩු ඉවර වෙනකනුත් කාලකන්නි ටික තව ගස් කපයි...
වැඩක් නැහැ... ඕක පිටිපස්සේ ලොකු මෝල් කාරයෙක් ඇති. එයා ඔය අයව බේරාගෙන අායෙමත් ඕකම තමයි කරන්නේ. කරන්න ඕනේ හිතාගන්න බැරි දඩ අය කිරීමයි. මම වැඩකරන ඒරියා එකේ අත්දැකීමෙන් කියන්නේ. මුදලාලි සල්ලි වියදම් කරන්නේ, ඔය දඩ මුදල ඔය මිනිස්සු අායෙමත් වනාන්තරය කපලා මුදලාලිට වෙච්චි පාඩුව ගෙවන හින්දා. ලොකු දඩ මුදලක් ගැහුවාම ඔය ගාන ගේන්න අමාරුයි...
මෙම වීරක්‍රියාව සිදුකළ කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන්ට අපගේ ප්‍රණාමය...! මේ වනාන්තර පාලුවන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි. මේ අය ගහකොළ වනාන්තර හා පරිසරයේ ඇති වටිනාකමක් දන්නා අය එහෙම නොවෙයි. ගෙදරින් ගිය නැකත හරි නැහැ වගෙයි. මෙදා පොටේ නම්, හම්බවෙයි වගේ..! මොකද රක්ෂිත කැපීම බලවත් වරදක්....
මා දන්නා තරමින් මෙම ජාවාරමට නිලධාරීන් සහාය ලබාදෙනවා. අත්අඩංගුවට ගත් අයගේ පෙර වැරදි සොයා බැලුවා නම් නඩු මිටි ගණනක් සොයාගන්න පුළුවන්. ජාතියත් වනසා පරිසරයත් වනසන කැලෑ පාලුවන්. දවස් දෙකෙන් එළියේ. ලබන සතියේ අලුතින් බඩු ටික අරන් ආයෙත් කැලේ යනවා. නීතිය හරියට කෙරෙනවා නම් මෙහෙම වෙන්නේ නැහැ..
තුවක්කුව අතේ අරන් ඉන්න කෙනාගේ ටීශර්ට් පාටෙන් කියන්න පුළුවන් මොන හයියටද ගස් කපන්නේ කියන එක...?