(සේනක බණ්ඩාර)
ගල්නෑව ගොවි ගම්මාන මාර්ගය අසළ බෝක්කුවක් යට තිබී ටී - 56 මැගසිනයක්, ගුවන්යානා නාශක උණ්ඩයක් සහ එම්.පී.එම්.බී. වර්ගයේ උණ්ඩ හතරක් අද(12) සොයාගත් බව ගල්නෑව පොලීසිය කියයි.
කිසියම් අයකු මාස ගණනාවකට පෙර එම උණ්ඩ එහි දමාගොස් ඇතැයි පොලීසිය සැක පහළ කරයි.
මැගසිනය සහ උණ්ඩ තොගය මළ කා ඇති බවද පොලිසිය කියයි.
හදිසි දුරකථන අංකයට ලැබූ තොරතුරක් අනුව මෙම උණ්ඩ හමුවී ඇත.
අනුරාධපුර විශේෂකාර්ය බලකාය සමඟ ගල්නෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd