IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ට්‍රම්ප්ට නඩු දමයි

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතාකරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් එරට සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව ජනාධිපතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත. 

ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා නැවැත්වීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා දැඩි ක්‍රියාමාර්ග ගත්තේය.

විරෝධතාකරුවන් විසිරුවා හැරීමට හමුදා කැඳවන්නේ යැයි ද එක් අවස්ථාවකදී තර්ජනය කළේය. විරෝධතාකරුවන් ධවල මන්දිරය ඉදිරිපිටද විරෝධතාවල නිරත වූ අතර එක් අවස්ථාවකදී කඳුළු ගෑස් මෙන්ම රසායනික ද්‍රව්‍යය ද යොදාගනිමින් විරෝධතාකරුවන්ට දැවන්ත ප්‍රහාරයක් එල්ල විය. ඡායාරූපයක් ගැනීම සඳහා ජනාධිපති ට්‍රම්ප් අසල තිබූ පල්ලියකට යෑමට පෙර විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය එලෙස රසායනික ද්‍රව්‍ය සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

ඇමෙරිකාවේ ෆෙඩරල් අධිකරණයක මෙම නඩුව පවරා තිබෙන අතර එහි මූලිකත්වය ගෙන ඇත්තේ ඇමෙරිකාවේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ‘ද ඇමෙරිකන් සිවිල් ලිබර්ටීස් සංවිධානය’යි.

බලහත්කාරයෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමට ගත් තීරණය නිවැරැදි යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතිපති විලියම් බාර් පවසා ඇත. 

ජනාධිපතිවරයාගේ, නිලධාරීන්ගේ සහ රාජ්‍ය (ෆෙඩරල්) දේපළ ආරක්ෂා කරගැනීම සඳහා එලෙස කිරීමට සිදු වූ බව ද ඔහු පවසා ඇත.


අල්ජසීරා

ඡායාරූපය - ඒ.එෆ්.පී. 

055


 



අදහස් (14)

ට්‍රම්ප්ට නඩු දමයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 June 2020 02:51 PM

ඔන්න දවසකටවත් මිනිස්සු ...ලෝක පොලිස් කාරයාටත් නඩු දැම්මා එහෙනම් ... තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතිනවායයි පැවසෙන සමහර රටවල මෙවැනි නිර්භීත කෙලින් වැඩකරන මිනිසුන් ඉපදුණු දිනක ඒ රටවල මෙවැනි නායකයන් සිටියොත්,ඔවුන්ට උණ ගැනේවි නේද අම්මපා ...

:       0       59

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 June 2020 03:13 PM

අපේ රටේ ජනාධිපති කෙනෙකුට මෙන්න කියල දායි... නඩුතියෙන නඩුවෙනුත් අයින් වෙන්න පුළුවන් අපූරු සාධාරණ නීතියක් තමයි තියෙන්නේ අපේම වාසනාවට. පැරදිලා ගෙදර ගියාමත් එහෙමයි. සහරාන් බෝම්බ ගසා කළ විනාශයට පියවර නොගත් සේනාධිනායකයා නිදැල්ලේ උනාට රටේ මුදල් වැය කොට කොමිසම් පත්කොට වැරැදි කරුවන් සොයනවා. නරි නාටක ...

:       1       107

Champa Friday, 05 June 2020 03:43 PM

තව කොච්චර නඩු දාන්න තියෙනවද? මැද පෙරදිග ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අහිමි කරමින් ඔවුන් සමූල ඝාතනය කරපුවටත් නඩු දාන්න ඕනේ. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අස්ථාවර කරලා එක්කෝ ඇමරිකාවට අවනත රාජ්‍ය පාලකයින් (2015 ලංකාව) හෝ ඇමරිකන් පුරවැසියන් රාජ්‍ය පාලකයන් ලෙස පත් කිරීම (2019 ලංකාව) මගින් පුරවැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් අහිමි කිරීම් ගැනත් කතා කරන්න ඕනේ.

:       4       71

ලැවොයිසියර්Saturday, 06 June 2020 03:44 PM

චම්පා@.. 2015 ලංකාවේ ආණ්ඩු පෙරළිය සිදුවන දවස්වල ට්‍රම්ප් කියන්නේ කව්ද කියලවත් ලෝක මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. මිනිහ බලයට ආවේ 2016 අවුරුද්දේ..

:       0       0

Ajith NissankaTuesday, 09 June 2020 04:04 PM

ඔය මනුස්සය ලංකාව තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නැහැ !

:       0       0

chandima Friday, 05 June 2020 03:58 PM

ට්‍රම්ප් නඩුවලට සැලෙන්නේ නැහැ. දැන් මේ ජනාධිපති වුනු හින්ද උසාවි ගානේ රස්තියාදු නොවුනට මිනිහට නඩු පිට නඩු. උසාවිය නිකන් ගෙදර වගේ. කි දෙනෙකුට කියල නම් කණු පොලු තියලද?

:       1       58

Pradeep Friday, 05 June 2020 04:08 PM

ඇමරිකාවේ මෙතෙක් පත්වූ අකාර්යක්ෂම සහ දුර්වලම පාලකයා ට්‍රම්ප්.. හරියට අපේ මෛත්‍රිපාල මහතා වගේ..

:       2       80

CiscoSaturday, 06 June 2020 08:20 AM

ඇයි මයිත්‍රීපාල පමණක්. ඒ සමගම පත් වූ අනෙක් කෙනත් එහෙමම නේද?

:       103       341

ලැවොයිසියර්Saturday, 06 June 2020 03:50 PM

ත්‍රිවිධ හමුදාවේත් පොලිසියේත් සහයෝගය තියෙන නිසා ඔහෙ ෂේප් වෙලායනවා...

:       11       5

රවින් Friday, 05 June 2020 04:53 PM

ජනාධිපති වුවත් ව්‍යවස්ථාව උල්ලංගනය කල හැකිද?

:       0       2

Rasika Friday, 05 June 2020 06:28 PM

මොහුව ජාත්‍යන්තර අධිකරණයකට ගෙනියන්න ඕනේ . මාධ්‍යවෙදීන්ට පහර දීම, රසායනික ප්‍රහාර, ජාතිවාදී ක්‍රියාමාර්ග, සුදු කොඩි අරන් අපු විරෝධතා කරුවන්ට වෙඩි තබන්න කියල අණකිරීම. මානව හිමිකම් උල්ලංගනය කිරීම්... ඉතාම බරපතලයි . ලංකාවේ නඩුවකුත් දාන්න ඕනේ , JVP එකයි අර පුරවැසි පෙරමුණයි එකතුවෙලා...

:       115       95

Perera Saturday, 06 June 2020 12:08 AM

නොදියුණු රටවල් වල ඔහොම තමයි. අපේ වගේ දියුණු රටවල් වලනම් කඳුළු ගෑස් ගහලා වෙඩිත් තියල නාවලා හතර හන්දිත් කලා තමයි පොලිසිය විරෝධතා කරුවන්ව ගෙදර හරි ඉස්පිරිතාලවලට හරි යවන්නේ.

:       0       71

කේ.ඩබ්. ආනන්ද සිරි Saturday, 06 June 2020 04:47 AM

වැඩක් නැහැ නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ගේ ....

:       36       2

Jayantha Thursday, 11 June 2020 05:43 PM

මේකෙ ලංකාවේ ඉඳගෙන ට්‍රම්ප් ගැන නොදන්න දේවල් කතාවෙන මෝඩයින්ට කියන්න තියෙන්නේ නොදන්න දේවල් කතා නොකර ඉඳපන් කියන එක විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31027 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13152 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site