(රංජන් කස්තුරි)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (02) පස්වරුවේ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන කොමිසමේ සාමාජිකයින් හමුවී අදහස් හුවමාරු කර ගත්තේය.
ප්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාවය එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමාගේ අභිලාෂය එය බවද ජනාධිපතිවරයා එම කොමිසමේ සමාජිකයින් හමුවේ පැවසීය.
ඉකුත් පාලන සමයේදී ජාතික ආරක්ෂාව පිළිබඳව ලිහිල් ආකල්පයකින් ක්‍රියා කිරීම නිසා බුද්ධි අංශ යාන්ත්‍රණය බිඳ වැටුණු බවද එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත වීම නතර කිරීමට නොහැකි වූ බවද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි පැත්තටද ඇඟිල්ල දික් වෙන්නේ කියලා බලන්නද?
හැම ආණ්ඩුවක්ම ආපුගමන් පෙන්නන්න හදන්නේ සුපිරි වැඩකිඩ, හැබය් ටික කලක් යනකොට තමයි වැටහෙන්නේ මේවායේ පිටින් ඔපෙ තිබුනට යටින් නිකම් හපයක් බව. මේ පාර එහෙම නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ඡන්දෙට කලින් කට්ටියක් වාර්තාවක් හැදුව වගේ මතකයි. ඒ ගොල්ලන්ට එක අමතක වෙලද කොහෙද?
කොමිසමට හිතන්න ඕනෑ විදිහට ජනාධිපති කියලා දීලා වගේ.
කෝ හදපු වාර්තාව ???