(චමිල් රූපසිංහ)
රට තුළ විශාල අසමගියක් ඇතිවී ඇති බවත් මෙම තත්ත්වය ආරම්භ වූ දා සිටම මහා සංඝරත්නය හා රටේ විද්වතුන් නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශ කළත් රජය ඒ සම්බන්ධව වගකීමක් බාර නොගත් බවත් එම නිසා රට තුළ මෙවන් තත්වයක් උද්ගත වී ඇති බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ පවසති.
අද වන විට රට තුළ නොයෙක් ප්‍රදේශවල වල පොලිස් ඇදිරි නීතිය යොදා ඇති බවත් මේ ආකාරයට රට පැවතියහොත් මහා විනාශයකට රට පත් වන බවත් රජය ඒ නිසා විශේෂයෙන් අවධානය යොමු කර මේ ප්‍රශ්නය පිළිබඳව තීරණයක් ගැනීමට කටයුතු කළ යුතු බව මහානාහිමියෝ පැවැසූහ.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ මෙසේද පැවැසුහ.
‘‘බොහෝ දෙනා අද කියන්නේ රටේ නායකයෙක් නෑ රජයක් නෑ රටේ ජනතාවට ආරක්ෂාවක් නෑ කියල ඒ බව රට දිහා බලන විටදී හා මේ ප්‍රශ්න දිහා බලන විට පේනව මේ බව වගකිව යුතු අයට නොයෙක් අවස්ථාවලදී දැනුවත් කළත් ඒ අය ගණන් නොගෙන නොඇසුන පරිදී හිටපු නිසා තමයි මේ තත්වයන් අද රට තුළ උදාවෙලා තියෙන්නෙ.
ඒ නිසා තව දුරටත් මේ තත්ත්වය උත්සන්න වුවහොත් විශාල හානියක් හා ජන හානියක් සිදුවෙනවා. ඒ නිසා මේ අවස්ථාවෙදීවත් අවධානයෙන් සැලකීමෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකතුව කටයුතු කරනවානම් මේ ව්‍යවසනය විපත්තිය නැති කර ගන්න පුළුවන්. ඒ නිසා වගකීමෙන් මහාසංඝයා සඳහන් කර සිටින්නේ මේ ප්‍රශ්නය පිළිබඳව අවධානයක් යොමු කර මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නට රජය කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ පැවැසූහ.
COMMENTS
අගමැතිතුමනි, දැන් රටේ නායකයා ඔබතුමායි. අප ඔබතුමා විශ්වාස කරමු. වහාම ජාතිය අමතන්න
හමුදාවට බාරගන්න කිව්වොත් නරකද?
පළමුව කල යුත්තේ වෛරය වපුරුවන රැස්වීම් ප්‍රකාශන නීතියෙන් තහනම් කිරීමයි.
ඇයි අර හිට්ලර් කෙනෙක් ගැන එක කාලයක් කිව්වා නේද?
ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂය තුට්ටුවකටවත් මායිම් නොකළහ. ඡන්දය දුන් 62 ලක්ෂයම ගර්හාවට ලක්කර ඇත බීරිඅලින්ට වීනා වාදනයෙන් ඵලක් නැත.
වගකීම බාරගන්න හරි, නොගන්න හරි එයා රටේ ඉන්න එපැයි...
ඔබවහන්සේ වදාල අදහස් ගැන මාගේ ගෞරවණීය ප්‍රණාමය. ඒත් හාමුදුරුවනේ බලකාමයෙන් අන්ධවූවන්ට සත්‍යය අවබෝධ වෙයිද?
ජාතිවාදයට උඩගෙඩි දෙනවා නේද?
උගත් අය සියළු දෙනාම මේ රට හැර යා යුතුයි. අනාගතය හොඳ නැත
මහානායක හිමියනි අපි ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා හිස මුදුනෙන් පිළිගන්නෙමු. එහෙත් පාලකයින් යැයි කියාගන්නා ඇත්තන්ගේ ඇස් අන්දය. කන් බිහිරිය. ඔවුන්ට පෙනෙන්නේ කතිරය විතරමය. ඔවුන්ගේ රාජකාරිය වී ඇත්තේ කුනු කන්දල් ඇවිස්සීම පමණකි.
ගරු අගමැතිතුමා දැන උගත් බුද්ධිමතෙකි. ජාතිය ඇමතිය යුතුයි.
මට තේරුම් ගිය හැටියට, මේකේ ඩිස්ලයික් දාලා තියෙන අය නම් තවම පාට කන්නාඩි තුලින් දකින ආකාරය මිස යථාර්තය හෝ නියම ප්‍රකෘති පාට දැකලා නැති මෙන්ම දකින්න කැමතිත් නැති ආකාරයකුයි. මම..... මම..... මම ...... වශයෙන් කෙටි කාලීනව , ඉක්මනින් ගොඩ වැඩි කැර ගැනීමේ ප්‍රයත්නයක් එක පාර්ශවයකට ඇති බවක් නම් පෙන්නුම් කැරේ. එම යටි අරමුණැති න්‍යාය පත්‍රයෙන් බැහැර වන තුරු , ගරුතර අතිපූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේ ඉල්ලා සිටින අයුරින් ප්‍රධානීන් දෙදෙනා එක්ව කටයුතු කරනු ඇතැයි සිතීම උගහටය.
අපේ මුළු ජීවිතේම ගෙවුනේ රටේ මිනිස්සුන්ගේ අසමගියේ භයානක ප්‍රතිපල මැදින්. ආයෙත් ඒ ටික කරලා අපේ ළමයින්ටත් ඒ නරක ඉරණම අත් වෙන්නයි යන්නේ. 83 දී පාසල් සිසුවෙකුව සිටි මට ඒ අඳුරු දවසේ පාසලෙන් මාව එලියට ගත් මගේ මාමා , නගරයේ කෝලාහල මැදින් මාව ගෙදර අරන් ගිය හැටි තවම මතකයි. නැවත මගේ ජීවිත කාලයේ එවැනි අත් දැකීම් දරා ගන්න හැකි වෙන එකක් නැහැ.
සිංහලයෙක් තමන්ගේ ජාතිය වෙනුවෙන් කතාකළොත් ජාතිවාදය.. වෙන ආගමිකයෙක් කතා කළොත් එයාලගේ අයිතිය. අනේ මන්දා භානුක මහත්මයාලා වගේ අයත් ඉන්නවනේ ජාතිය ගැන හැඟීමක් නැති.
ජනපති - අගමැති අසමගියක් ඇති කළ නායකයා? SLFP සහ UNP සමගිය බිඳ SLFP සහ SLPP සමගිය ඇති කරන කට්ටිය, සහ කුමන්ත්‍රණය සිදු කල දිනය? උපාලි සිටින්නේ කොහෙද? ආගමික නායකයින් අාදර්ශ නොවුනහොත් රට විනාශ වේ. හිට්ලර් ඉල්ලීමේ ප්‍රතිඵල තමයි.
1983 කළු ජූලිය දැක්කට පස්සේ ආයෙත් ඒ වගේ දෙයක් දකින්න අපි ආසා නැහැ. කරුණාකර ජාතිවාදයත්, ආගම්වාදයත් මම තමා කෙරුමා කියන අයත් පිටුදකිමු. නැතිනම් මුළු රටේම ඉන්න උගත්, තරුණ පරපුරම රට අත්ඇරලා යනවා. කම්කරුවන්, රියදුරන් සහ මහල්ලන් විතරක් ඉන්න රටක් ඉතුරුවෙලා තිබුණාම හොඳද? අතිපූජ්‍ය මහනායක ස්වාමීන් වහන්සේලා අනිත් ආගම් නායකයෝත් එකතු කරගෙන නීතිය හා සාමය ස්ථාපිත කරන්න රජයට බල කරන්න. සමහර ස්වාමීන්වහන්සේලා මේ වෙලාවේ දේශපාලනය කරන්න පටන්ගෙන...
අපේ හාමුදුරුවනේ කුඩුවේ ඉන්න හිර කාරයට එලිය ඉන්න පොලිස් කාරයාගේ වැඩේ කරන්න බැහැනේ සියලු අවස්ථා බලතල වසාදමා ජනපති මේ විනාශයට ඉඩ හැර රටින් පැන්නා අදත් එය එසේම කලා මෙහි වරද හදන ඕනේ ඔහුයි අගමැති කියන්නේ කුඩු කල සිර කරුවෙක් වගෙයි ඔහුට කිසිම බලයක් නැහැ අද ඇතිවෙලා තියන තත්වයට පොලිසියෙන් කියනවා අත්අඩංගුවට ගත් අයව වසර 10 හිරේ යවනවා කියල එතකොට දයාසිරි සහ ජොන්ස්ටන් පොලිසියට බලපෑම් කරලා අරන් ගියා එහෙම කරන්න ඔවුන්ට කොහෙන්ද බලය එකෙන් වැටහෙන්නේ ඔවුන් මේ වරදකරුවන් මේ සදහා යොදවල තියන බවයි මේ කාගේ මිනිස්සුද ඒ සේරම ජනපතිගේ මිනිස්සු මේ සියලු කලබල ඇති කරන්නේ ජනපතිගේ උවමනාවට හා ඔහුගේ අනුදැනුම ඇතිව රටේ නීතිය එක එකට එක එක විදිහට කරන එකයි වරද?
අපේ හාමුදුරුවනේ, කුඩුවේ ඉන්න හිර කාරයාට එළියේ ඉන්න පොලිස් කාරයාගේ වැඩේ කරන්න බැහැනේ... සියලු අවස්ථා බලතල වසාදමා ජනපති මේ විනාශයට ඉඩ හැර රටින් පැන්නා අදත් එය එසේම කළා.. මෙහි වරද හදන්න ඕනේ ඔහුයි. අගමැති කියන්නේ කුඩු කල සිර කරුවෙක් වගෙයි ඔහුට කිසිම බලයක් නැහැ. අද ඇතිවෙලා තියන තත්වයට පොලිසියෙන් කියනවා අත්අඩංගුවට ගත් අයව වසර 10ක් හිරේ යවනවා කියලා... එතකොට දයාසිරි සහ ජොන්ස්ටන් පොලිසියට බලපෑම් කරලා අරන් ගියා.. එහෙම කරන්න ඔවුන්ට කොහෙන්ද බලය? එ්කෙන් වැටහෙන්නේ ඔවුන් මේ වරදකරුවන් මේ සඳහා යොදවලා තියන බවයි... මේ කාගේ මිනිස්සුද? ඒ සේරම ජනපතිගේ මිනිස්සු මේ සියලු කලබල ඇති කරන්නේ ජනපතිගේ වුවමනාවන් හා ඔහුගේ අනුදැනුම ඇතිව රටේ නීතිය එකඑකට එකඑක විදිහට කරන එකයි වරද...
ජනපති, අගමැති මොනවා වුනත් ඕනෑම රටක ජනතාව විසින් පිළිපැදිය යුතු යටත් විය යුතු සිවිල් නීතියක් ස්ථාපිත වී තිබෙනවා. ඊට අවනත නොවී ක්‍රියා කරන ඕනෙම පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන දඬුවම් කළ හැකියි.. ජාතීන් සමූහයක් වෙසෙන මේ රටේ කිසිවෙකුට රටේ ස්ථාපිත නීතියට පිටින් යන්න කිසිඳු අවස්ථාවක ලැබෙන්නේ නැහැ. කිසිවෙකුත් එහෙම පෙළඹෙන්නෙත් නැහැ.. මේ රටවල් එහෙම නොවෙන තැනට ජනයාව නීතිය මගින් ඇද බැඳ දමා තිබෙනවා.. අපේ රටේ සමහර පුද්ගලයන් නීතිය අතට ගෙන දඟලන විදිය ආරක්ෂක අංශ සමග වාද විවාද වෙන හැටි දුටුවාම පුදුම හිතෙනවා. දැන්වත් මේ තත්වය වෙනස් කර විශේෂයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් කරන ස්ථානයකට එයට අනවශ්‍ය කිසිදු පුද්ගලයෙකුට පැමිණීමට තියා ඒ දිහා බලා සිටීමටවත් ඉඩ දෙන්න එපා..
තොරතුරු ලැබිලත් ඒවා ක්‍රියාත්මක කරපු නැති සිරිසේන නේද ඉස්සරවෙලාම ගෙදර යවන්න ඕනේ? ගහනකොටත් රටවල් වල, ඊට පස්සේ පුතාගේ මගුල්, දැන් අායෙත් 27ක් එක්ක රට ගිහින්. මේ වගේ නායකයෙන් අපිට වැඩක් තියෙනවද? දෝෂාභියෝගයක් ගෙනැල්ලා සිරිසේන අයින් කරන එක තමයි ඉස්සරවෙලාම කරන්න ඕනෑ. ඊට පස්සේ භාරකාර රජයක් පත් කරලා, සරත් ෆොන්සේකාට ජාතික ආරක්ෂාව භාර දෙන්න ඕනෑ. මේවා කරන්නේ නැතුව මොවුන් ටික ජොලියේ ඉන්න... අහිංසක මිනිස්සු මැරෙනවා..
මෛත්‍රී දේශපාලන විශාරදෙයක් නොවේ... ඔහු සතුව දේශපාලන න්‍යායපත්‍ර තියෙනවා.
මේ අවස්ථාවේදී කාදිනල් තුමා හැර අනිකුත් සියලුම දේශපාලුවන් තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි කර ගන්න තමයි දඟලන්නේ.