(ජයන්ත සමරකෝන්)
වෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 762දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ඊයේ (18) ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව, වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් සිර දඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හමුවී සාකච්ඡා කර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.
සිරකරුවන් නිදහස් කිරීමේ උත්සවය නිමවත්ම බන්ධනාගාර රෝහල වෙත ගොස් ඇති ජනාධිපතිවරයා එහිදී අංක 3 වාට්ටුවේ උපස්ථායක රාජකාරියේ යොදවා සිටින ඥාණසාර හිමියන් හමුවී විනාඩි 15ක් පමණ සුවදුක් විචාරා ඇතැයිද එහිදී මුස්ලිම් අන්තවාදීන්ගේ සුළමුළ හා වත්මන් තත්ත්වය පිළිබඳව උන්වහන්සේ ජනාධිපතිවරයාට පැහැදිලි කර ඇතැයිද වාර්තා වේ.
මෙහිදී ජනාධිපතිවරයා මරණ දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සහ මරණ දඬුවම් ලබා සිටින අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති නිව්ටන් යන අයද මුණගැසී ඇතැයි දැනගන්නට තිබේ.
මේ පිළිබඳව බොදුබල සේනාවේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන්ගෙන් කළ විමසීමේදී උන්වහන්සේ පැවසුවේ ගලගොඩඅත්තේ හිමියන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් රටපුරා ගෙන යන වැඩපිළිවෙළෙහි සාධනීය ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා උන්වහන්සේ හමුවීම ගැන දකින බවය. උන්වහන්සේ නිදහස් කිරීමක් ගැන මේ අවස්ථාවේදී වචනයක් හෝ කතා කර නැතත්, මෙම 25 වැනිදායින් පසු ඒ පිළිබඳව රටපුරා උද්ඝෝෂණ, විරෝධතා සංවිධානය කර ඇති බවද උන්වහන්සේ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊටපස්සේ දුමින්ද ?
නීතිය වැරදිකරුවන් ලුහුබැඳ ... සිර ගත කළාවූ සියලු සිරකරුවන් ... තම සිර දඬුවම් සිරගෙය තුලම අවසන් කල යුතුයි ... එහෙම නොවුනොත් නීතිය සහ දඬුවම් , විහිළුවක් බවට පත්වෙන බව .. ස්ථීරයි .
මුන්වහන්සේව නිදහස් කලොත් රටේ මීට වැඩි කලහකාරී තත්ත්වයකට යොමු වියහැකිය. දැනට පවතින රටේ තත්ත්වය අනුව මිනිසුන්ට අවශ්‍ය සිත නිවන කතා මිස ,ආවේගශීලි වචන නොවෙයි.
ඒ විදියට බලනවිට ජනපති අනිත් දෙන්නා හමුවීම ඒ අය නිදහස් වීම පිළිබදවත් සාධනීය ප්‍රතිඵලයක් වෙයිද කියලත් හිතෙනවා....
අපේ හාමුදුරුවොත් ශේප් කරගෙන එන්න ඇති.
එක්තරා ලේකම් කෙනෙක් දුමින්ද සිල්වාව බේරාගන්න මොන තරම් වැලි කෑවාද? මේ අයද රටේ පාලන බලය ඉල්ලන්නේ?
ඥානසාර හිමිගේ මතින් තව කිහිප දෙනෙකුත් ගොඩ යයි වගේ
මේ අනතුර මුලින්ම දැක්ක අපේ හාමුදුරුවෝ නිදහස් වෙන්න ඕනි . අනික මේ සංඝයා වහන්සේ නමක් . සංඝයාට හිංසා කිරීම ආදීනව මේ අය දන්නවා නම් මෙහෙම වෙන්නේ නෑ. කල්ප ගණන් අපායේ දුක් විදින්න මේවට හව්ල් උන අයට සිද්ද වෙනවා. බුද්ද ධර්මය දන්නා කෙනෙක් කවදාවත් සංඝයා එක්ක ගැටෙන්නේ නෑ . අපේ හාමුදුරුවන් වහන්සෙට ඉක්මනින් නිදහස ලැබේවා !!
දබුළු ගියේ තලගොයි විතරක් බලන්නද..// වැලිකඩ ගියේ හිමිදුක විතරක් බලන්නද..// දිව්‍යලෝකේ මෙන්ම අපායත්ම දැක්කද..// මාළු වුණත් කුම්බලාවෝ වලිකුකුල්ලු වුණාද..//
දේශපාලන දෘෂ්ටිකෝණයෙන් බලනවිට මෙය නොකළ යුත්තක්... මෙම හමුවීම ජනාධිපතිගේ දේශපාලන ප්‍රතිරූපයට ඉතා හානිකරයි.
මේ. පාර අල්ලන්න යන්නේ මොන කස්තිරම්ද දන්නේ. නැහැ . දෙවෙනි මනමාලි ගෙනවා වගේ තව. අඩුව්වක් අල්ලයි ජනාධිපති වරණය ලග එනවනේ විපක්ෂය හමුවෙන්න රාත්‍රී ජාමේ ගියාද? එකපාරටම හිරගෙදරට ගියේ ඔය කියපු කරපුවා සේරම ඇත්ත...... කතාව ලගදීම හාමුදුරුවෝ එළිකරයි
නීතිය වැරදිකරුවන් ලුහුබැඳ නොගිය ... සිරගත නොකළාවූ සියලු දුෂකයන් දේශපාලකයන් නිවන් දක්වමුද?
එහෙමනම් ඉතින් නීතියක් මොකටද මේ රටට? නීතිය තරාතිරම් සලකනවාද? මොකක්ද මේ රටේ ජනතාවට දෙන ආදර්ශය? වැටත්, නියරත් ගොයම් කෑවානම් කාට පවසම් මේ අමාරුව කියා නිහඬව ඉඳිමුද? අධිකරණ තීන්දුවලට විරුද්ධව උද්ඝෝෂණ පවත්වන්නටත් පුළුවනිද? එය ගරු අධිකරණයට කරන අපහාසයක් නොවේද?
ජනාධිපතිතුමනි ඔබ කලයුත්තේ ගලබොඩ ඇත්තේ හිමියන් නිදහස් කර එතුමන් බුද්ධි අංශ සමග එක්කරන්න, වැඩ දන්නා අය ඇත්නම් ඔව්න්ගෙන් වැඩ ගන්න දැන ගන්න.
එ් කියන්නේ ඔක්කොම කණපිටද?
දැන් තියෙන්නේ මුස්ලිම් ඡන්ද ටිකත් විතරනේ. ඒ ටිකත් අඩුවේවි කියන බයට මේ ස්වාමින් වහන්සේ නිදහස් කරන එකක් නෑ.......
වැරදි කිසිවක් නොකළ අපි බලන්න කවුරුවත් එන්නේ නැහැ....
කතාවෙන් වීරයන් වුණාට දාපු ගමන් දුවන්නේ බන්ධනාගාර රෝහලට. මම දන්න විදියට තමන් ලද දඬුවම හරියටම ගෙව්වේ සරත් ෆොන්සේකා විතරයි.
ඔහොම යමු දුමින්ද සිල්වා, වෙලේ සුදා, මාකඳුරේ මදුෂ් ඊළඟට..
නීතියට අත පොවන්න වගෙයි හදන්නේ..
සහරාන්ලා ගැන උන්වහන්සේ කිව්වේ 2017 වසරේදී, නම් ගම සහිතව... නමුත් පාලකයෝ බෞද්ධ අන්තවාදීන් කියා හංවඩුව ගසා එම කාරණා මුස්ලිම් ඡන්ද යටපත් කළා. උන්වහන්සේ පසුව තම හඬ උස් කළා..
ඉංග්‍රීසි කාලේ වගේ බලනහර කපලා නිදහස් කරන්න. එතකොට වැඩ කිඩ බැහැ. ඔහේ පැත්ත වැටිලා ඉඳීවි....
මේ වෙසක් සමයේ සිරිසේන මහත්තයා දෙපත් නයි කතා වස්තුව පෙන්නනවා වගේ...
කව්ද කියන්නේ ඉන්නේ හිරේ කියා? එහෙම හිරකරලා නම් ඒකට අඳින්න ඇඳුමක් තිබෙනවා... එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ.. භික්ෂුවකට ඇලීම් බැඳීම් නැතිනිසා කොතන හිටියත් එකයි.
මේ වෙලාවේ ඇත්ත කතා කරනවට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න හොද නැහැ. මමත් මෙල්බන් වල ජීවත් වුණත්, ඔබ වගේ රටේ හැම ප්‍රශ්නයකදී මම මට පුළුවන් උපරිමය කරමි.
මුන් වහන්සේ අවුරුදු ගණනකට පෙර පෙන්වාදුන් දෙය ගැන සැලකිලිමත් වුණානම් මෙවන් විනාශයක් වළක්වා ගන්න තිබුණු බව අමතක කරන්න තරම් ගුණමකු වෙන්න එපා.
සසර සැරි සරන තෙක්, ඒ ඒ අය කල කම්, ඒ ඒ කලට ගෙවා දැමිය යුතුය. සංසාරය නොහොත් සංසරණය යනු කම්, පල, විපාක ගෙවා දමමින් කළ ගත කිරීමකි. විවිධ වූ මල්වෙඩි ඔතයි, පත්තු කරයි, පිපිරෙන වෙඩි දකියි. නැවත වෙනස් වෙඩි ඔතයි ....
ඇයි එයාව විතරක් ? අනික් සිරකරුවෝ වැරදි කරලා නැද්ද ?
අපේ හාමුදුරුවනේ ඔහොම ඉවසන්න මේ අය දනගස්සන කාලය ඈත නෑ.
සසර කෙටි කරගන්න මහන දම් පුරන්න සසුන්ගතවූ ඥානසාර හිමි හැසිරුන විදිය. නීතිය කාටත් සමාන වෙන්න ඕනේ. මමත් අදහන්නේ බුදු දහම.
නීතිය කාටත් පොදු විය යුතුයි..