
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අළුතැපොල වලගම්බා මහා විද්‍යාලයීය ශාලා අංක දෙක ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සළකුණු කරමින් සිටි කාන්තාවක මරණයට පත්ව ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අංක 20 ඩී අළුතෑපොල වෑගොව්ව ලිපිනයේ පදිංචිව සිටි ජේ ඒ සීලවතී නැමැති 69 හැවිරිදි කාන්තාවකි.
ඇය සිය ඡන්දය භාවිතා කරමින් සිටියදී ඇද වැටී ඇතැයි ද අනතුරුව මිනුවන්ගොඩ රෝහලට රැගෙන ගිය බවද පොලිසිය සඳහන් කරයි. ඒ වනවිට ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් හෙළි කර ඇත.
මියගිය කාන්තාව හදවත් රෝගයකින් පෙලෙමින් සිටි අයෙකු බව එම අයගේ පුතා සඳහන් කළ බව ද පොලීසිය සඳහන් කරයි.
මරණ පරීක්ෂණය මිනුවන්ගොඩ රෝහලේ දී රෝහලේදී පැවැත්වීමට නියමිතය. මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්දය සළකුණු කරමින් සිටි කතක් මිය යයි