IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චීනයේ සිනෝෆාම් එන්නත් ලක්ෂ තුනක ප්‍රදානයක් ලංකාවට

 
( තිළිණි ද සිල්වා )

 
 
කෝවිඩ් 19 වයිරසය මර්දනය සදහා චීනයේ නිපදවූ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක්  පෙබරවාරි මැද භාගයේදී ශ්‍රී ලංකාවට බාර දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද (27) නිවේදනය කළේය.
 
චීනයේ සිනෝෆාම් ඖෂධ සමාගම නිපදවූ එම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 3 චීන රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදෙන්නක් බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
 
මෙම සිනෝෆාම් එන්නත මේවන විටත් චීනය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , සර්බියාව , බහරේන් , ජෝර්දානය , ඉරාකය , පකිස්ථානය ඇතුළු රටවල් කිහිපයක් මෙම එන්නත ජනතාවට ලබාදීම සඳහා අනුමැතිය ලබාදී ඇතැයි එම තානාපති කාර්යාලය පෙන්වා දේ.
 
තවද සීෂෙල්ස් ජනාධිපති , බහරේන් අගමැති , ජෝර්දාන් අගමැති , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති ඇතුළු ලොක නායකයින් රැසක් මෙම එන්නත ලබා ගෙන ඇති අතර පෙරේදා (26) දිනය වන විට මෙම එන්නත කිසිදු අතුරු ආබාධයක් නොමැතිව මිලියන 20 අධික පිරිසක් ලබා ගෙන ඇතැයිද චීන තානාපති කාර්යාලය කියා සිටී.
 
චයිනා නැෂනල් පාමසූටිකල් පුද්ගලික සමාගම නිපදවන සයිනොපාම් එන්නත රටවල් ගණනාවක තුන්වන අදියරේ පරීක්ෂණ මට්ටම පසුකර ඇති අතර මෙම පරීක්ෂණවලදී කොවිඩ් ආසාදනයවීම වැළැක්වීම සම්බන්ධයෙන් සියයට 79 ත්, සියයට 86ත්  අතර ඵලදායීතාවයක් පෙන්වා දී ඇති එන්නතක් යැයිද චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.



අදහස් (14)

චීනයේ සිනෝෆාම් එන්නත් ලක්ෂ තුනක ප්‍රදානයක් ලංකාවට

Lanka Wednesday, 27 January 2021 12:34 PM

කොරෝනා වයිරසය ලෝකයට දායාද කරපු චීනයම නිපද වූ සිනෝෆාම් එන්නතේ අතුරු ආබාධ කිසිවක් නැහැ කියලා කියන්නේ චීනයමයි... මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. දැනට චීන සිනෝෆාම් එන්නත භාවිතා කරපු බ්‍රසීල වාර්තාවක් තියෙනවා එහි සඵලතාවය 50.5% කියලා.. මේ පිළිබඳව හොඳට අන්තර්ජාලයේ හොයා බැලුවොත් ගොඩක් විස්තර තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්... එන්නත් ලක්ෂ 3ක් කියන්නේ... පළමු එන්නත සහ දෙවැනි එන්නත විදිහට දෙන්න පුළුවන් ලක්ෂ එකහමාරකට...

:       5       20

RuwanWednesday, 27 January 2021 12:55 PM

හොරකම් කළ අයම හොරාගෙන් පේන අහනවා වගේ...

:       2       17

Positive Thinking Wednesday, 27 January 2021 01:00 PM

මේ එන්නත ගත්තා කිසිම අවුලක් නැහැ... අද වෙන තුරු UAE වල...

:       13       9

NuwanWednesday, 27 January 2021 02:17 PM

එන්නත ගන්න එක නෙමේ ප්‍රශ්නේ... එන්නත් ගන්න ගිහින් වෙන අක්‍රමිකතා ගෙවන්න වෙන්නේ රටේ මිනිස්සුන්ටමයි.

:       2       12

Samantha-DubaiThursday, 28 January 2021 06:40 AM

මමත් මේ එන්නත ගත්තා.. දැන් අපට ලංකාවට ඇවිත් කෙළින්ම යන්න ඉඩදෙන්න ඕනෑ.. WHO එකේ නිර්දේශවල හැටියට...

:       2       3

Nuwan Wednesday, 27 January 2021 01:24 PM

පැණි සෙල්ලම් පෙන්න පෙන්න හිටියේ චීනෙන් කොමිස් තියාගෙන ගෙන්වන්න. ඉස්සෙල්ලා පොඩ්ඩක්.. නිකන් පස්සේ තමයි ගාණ කපන්නේ.. අපි නොදන්න අපේ ලොකු උන්දැලා...!!! 

:       2       17

බද්රානි Wednesday, 27 January 2021 02:17 PM

ඒ කියන්නේ චීන්නුත් දැන්, මීයන් වෙනුවට මීහරක්ව ඔවුන්ගේ පරීක්ෂණ සඳහා යොදා ගන්නවද?

:       1       23

චුටි පුතා Wednesday, 27 January 2021 04:50 PM

ඔව් අර චූටි, හිඟන දූපතේ ඉන්න හිඟන්නන් 69 ලක්ෂයටම වැක්සින් එක ගහලා බලනවාලු.

:       1       2

upul Wednesday, 27 January 2021 02:37 PM

රජය පැහැදිලිවම ඉහළ ප්‍රතිශතයක් සාර්ථක වෙන්නත් ලෝකෙට හඳුන්වලා දුන් දවස්වල ගිවිසුම් වලට ආවේ නැත්තේ චීනයේ එන්නත එළියට එනකම්. නුවන් කිව්වා වගේ එතකම් රටේ මිනිස්සුන්ට පැණි විගඩම පෙන්න පෙන්න හිටියේ.

:       0       19

මුණසිංහThursday, 28 January 2021 02:37 AM

අපේ මිනිස්සුන්ගේ ආකල්ප නම් හරිම අපූරුයි. නිකන් දුන්නත් වැරදියි! සල්ලිවලට ගත්තත් වැරදියි. කොහොම කිව්වත් එන්නතක සාර්ථකත්වය කියන්න අවු.5ක් වත් යනවා. ඇත්ත ඒක. මේකේ අතුරු ප්‍රතිඵල එනවා නම් ගහපු හැටියේම එන්නත් පුළුවන්. අවුරුදු ගණනාවක් ගිහිල්ලා වෙන්නත් පුළුවන්. ඒකෙත් 100කට ගැහුවොත් 70-80ක් විතරයි. ඔය කියන විදියට ප්‍රතිඵලදායකයි කියන්නේ. නමුත් පැණියේ අන්තර්ගත ද්‍රව්‍ය අපි දන්නවා මොනවද කියලා. එදිනෛදා ආහාරයට ගන්න සාමාන්‍ය කුළු බඩු වගේ ඒවා. ඒකත් වැඩිපුර හොඳ නැහැ. හැඳි 3ක් ගත්තට නම් හොඳ වෙනවද දන්නේ නැහැ... නමුත් සෞඛ්‍යයට හානිදායක නැහැ. ඒ කියන්නේ මේ ලෙඩේට හොඳම බෙහෙත සෞඛ්‍යාරක්ෂිත බව පමණයි.

:       3       3

chandima Wednesday, 27 January 2021 06:11 PM

ඔය මොනතරම් කිව්වත් එංගලන්තයේ පැත්තට ඔලුව හරවගෙන නිදාගන්න අර සංගමයේ ඔය බෙහෙතට කැමති වෙයිද? දන්නේ නැහැ...

:       2       2

ලසිත් Thursday, 28 January 2021 10:46 AM

නැත්තං චීනෙ පැත්තට හරවං නිදාගන්නද කියන්නේ? චීනෙ මේ එන්නත තාම ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙනත් නැහැ...!

:       0       0

Rata Perata Thursday, 28 January 2021 07:42 AM

මොකක්ද මේ නන්දසේන කරන වැඩේ අපේ රටට? රටේ තියෙන සම්පත් ටික විකුණනවා.

:       2       4

banda Thursday, 28 January 2021 10:17 AM

ඒ කියන්නේ නන්දසේන නිකම් ලැබුණු බෙහෙත් ටිකට හරි යන්න ජැටිය නිකන් දෙනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13554 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site