IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගෝඨාභයට අපහාස වන පත්‍රිකා බෙදූ සිද්ධිය ගැන විමර්ශන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)

එක්සත් ජාතික පක්ෂ ජනධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන පරිදි මුද්‍රණය කරන ලදැයි කියන අත් පත්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධියක් මුල් කරගෙන දෙපාර්ශවයෙන්ම පානදුර දකුණ පොලිසියට ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

පානදුර නගර සභාවේ උප නගරාධිපති ඇතුළු පාක්ෂිකයින් පිරිසක් පානදුර දුම්රිය පොල අසල පත්‍රිකා බෙදමින් සිටියදී එම ස්ථානයට පැමිණ තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු නාගරික මන්ත්‍රී මහේෂ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එයට විරෝධය දක්වා ඇත.

‘‘මේ රට අනතුරේ‘‘ ‘‘ඔබේ නිදහස අනතුරේ‘‘ යනුවෙන් පිටු දෙකකින් යුත්  කරුණු ඇතුළත් අත් පත්‍රිකාවක් උප නගරාධිපතිවරයා ඇතුළු පිරිස බෙදමින් සිටි බව හිටපු නාගරික මන්ත්‍රීවරයා කීය.

එම මන්ත්‍රීවරයා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පානදුර නගරයේ පිහිටා ඇති එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලයට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එවැනි අත්පත්‍රිකා තොගයක් පොලිසියට භාරයට ගනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාගරික මන්ත්‍රීවරයාගෙන් සහ උප නගරාධිපතිවරයාගෙන් පැමිණිලි ලැබී ඇතැයි ද අපහාසාත්මක ලෙස පත්‍රිකා බෙදා හැරීම , එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට බලෙන් ඇතුළු වීම, පහරදීමට තැත් කිරීම, ආදී කරුණු කිහිපයක් එම පැමිණිලි වල සඳහන් ව ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (4)

ගෝඨාභයට අපහාස වන පත්‍රිකා බෙදූ සිද්ධිය ගැන විමර්ශන

chamath Tuesday, 12 November 2019 04:43 PM

මොන මඩ ගැසුවත් වැඩක් නැත 18 වෙනිදා ලංකාවේ ජනපති ගෝඨාභයයි

:       1040       1213

Sudath Wednesday, 13 November 2019 01:38 AM

මැකෝට ස්තුතියි

:       152       279

Chandu Wednesday, 13 November 2019 02:12 AM

මේ දේවල් වලින් සිද්ධ උනේ ගෝඨා ගේ ජය තවත් තහවුරු වුනු එක විතරයි

:       198       380

Pradeep Wednesday, 13 November 2019 03:04 AM

මේ වැඩ වලින් පැහැදිලි වෙන්නේ ඔවුන් දැනටමත් පරාජය භාරගෙන අවසන් බව නොවේද... දැන් මේ ගිලෙන්න යන අය පිදුරු ගහේ එල්ලෙන්න හදන්නේ.. වැඩක් වෙයිද...

:       225       450

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31309 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13503 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 934 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site