Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඇත්නම් එය දින තුනක් ඇතුළත තහවුරු කරන්නැයි ඉල්ලා ආචාර්ය ඉගුරුවත්තේ සුමංගල හිමියෝ කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී අද (10) උපවාසයක් ඇරඹූහ.
‘‘අපේ උත්තරීතර මාතෘ භූමිය ඇමෙරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්‍ෂගේ කුමන්ත‍්‍රණයෙන් බේරාගනිමු’ යනුවෙන් සඳහන් බැනරයක් ප‍්‍රදර්ශනය කරමින් උන්වහන්සේ උපවාසයේ නිරතව සිටිති.
උන්වහන්සේ සමග තවත් භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් සහ ගිහි පිරිසක් ද එම ස්ථානයේ රැදී සිටින අතර සුමංගල හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් තවත් පිරිස් එම ස්ථානයේ බැනර ප‍්‍රදර්ශනය කරනු ද දක්නට ලැබිණි.
මෙම උපවාසය ආරම්භ කරමින් ආචාර්ය ඉගුරුවත්තේ සුමංගල හිමියෝ මෙසේ පැවසූහ.
‘‘ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක්ක මගේ කිසිම පෞද්ගලික අමනාපයක් නැහැ. ජනාධිපතිවරණයට එතුමා සමඟ තවත් 34 දෙනෙක් ඉදිරිපත් වී සිටිනවා. මේ තරගයේ ඇමෙරිකානු පුරවැසියෙක් සිටීම ඒ 34 දෙනාට වූ අසාධාරණයක්. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස මිස ශ්‍රී ලංකා පුරවැසියෙක් ලෙස අපට දැනගන්නට ලැබී නැහැ.
ලංකාවේ මැතිවරණ නීතිය අනුව මැතිවරණ දෙපාර්තමේන්තුව, පොලීසිය, අධිකරණය මෙන්ම රටේ ජනතාවත් නොමග යවමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කරන බව පේනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. ඒ දේ පෙන්නුම්කරදීමම මට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හැකිනම් ඉදිරි දින තුන ඇතුළත තමන් ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බවත්, ශ්‍රී ලංකා පුරවැසියකු බවත් ඔප්පු කළොත් ගැටලුවක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලුදෙනාටම මා ආරාධනා කරන්නේ මේ රටේ ජනතාවගේ අයිතිය ආරක්‍ෂා කරගැනීම සදහා මා සමඟ එක්වන ලෙසයි.’’
(ඡායාරූප - චතුර එස්.කොඩිකාර)
sirimal Sunday, 10 November 2019 10:45 AM
මේක ගැන මීක් කිවේ නැති සමහර මාධ්‍ය මේ වැඩේ වැරදියි කියලා තිබ්බා සාකච්චාවට " බ්‍රේකින් නිවුස් " දෙනවා දැක්කා. ඒ අතරේ "සමහර මාධ්‍ය මඟින් එක අපේක්ෂකයෙකු හට අසාධාරණ අන්දමින් වැඩි ප්‍රචාරයක් ලබාදෙනවාය කියලා කතාබහක් තියෙන පසුබිමක "සමහර මාධ්‍ය අයිතිකරුවන් එක්තරා අපේක්ෂකයෙකුගේ රැස්වීම්වලට ඒ අපේක්ෂකයා එක්ක වාහනෙන් යනවා දැක්කා" කියලා මැතිවරණ කොමසාරිස්තුමා බකබක ගාලා හිනාවෙන ගමන් කියනවත් දැක්කා. අනේ මන්දා...
Reply : 1114 915
Shan Sunday, 10 November 2019 10:46 AM
පන්සලට වෙලා දෙන දේ කාලා පැත්තකට වෙලා ඉන්නවද? රට්ටු හිනස්සවන්නේ නැතිව...
Reply : 3458 3478
wishwa Monday, 11 November 2019 02:44 AM
මේකෙන් අපහසුතාවයට ලක්වෙන්නේ සජිත් තමයි. දිනන්න බැරි නිසා මේවා කරනවා කියලා ඕනෑ කෙනෙකුට තේරෙනවා.
Reply : 376 528
priyan Sunday, 10 November 2019 10:53 AM
සජිත්ගේ සාමාන්‍ය පෙළ සහතිකේ පෙන්වනකම් උපවාසයක් කරන්න ඕනේ...
Reply : 1197 1844
Dilan Sunday, 10 November 2019 12:23 PM
ව්‍යවස්ථාවේ එහෙම නැති නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ...
140 697
විනිවිද Sunday, 10 November 2019 01:30 PM
"අනේ ගරුතර හාමුදුරුවනේ, තවම ගෝඨාවත් ඔහුගේ ඇස්දෙකෙන් දැකලා නැති ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ සහතිකය ඔබවහන්සේට පෙන්වීමට ඔහුට නොහැකිබව මෛත්‍රියෙන් යුතුව ඔබවහන්සේට දන්වා සිටිමු.."
738 562
Senarath Sunday, 10 November 2019 10:59 AM
ගෝඨාභයගේ පුරවැසිභාවය තහවුරු කරන එක මැතිවරණ කොමසාරිස්ට අයිති වැඩක්. එ්ක උසාවි ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලැබුණා. සිංගප්පූරු ජාතිකයෙක් වූ මහේන්ද්‍රන් ඇවිල්ලා බැහැ. බැංකුව කොල්ලකාගෙන යනකොට මේ හාමුදුරුවෝ කොහෙද හිටියේ? ගෝඨාභය රටට ආදරේ කෙනෙක් බව 2005 සිට 2015 දක්වා යුද්ධයට දීපු දායකත්වයෙන් සහ එතුමාට පැවරුණු කොළඹ සංවර්ධනය කිරීමේ වැඩ නිමකළ ආකාරයෙන් පෙන්නුම් කළා.
Reply : 4331 5244
Chanak los angeles Sunday, 10 November 2019 08:24 PM
යුද්ධය දරුණුවට යන අතරතුර රටෙන් පලාගිහින් පිටරටක බින්න බැස්සේ ලංකාවට ආදරේ නිසාද..? පිටරට බින්න බහින්න ඉල්ලා එරටට ලිඛිතව ඉදිරිපත් කළ හේතු ඔබ දන්නවද? දන්නේ නැතිනම් කටවහගෙන ඉන්න. මේක හොඳට අහගන්න. ඇමරිකාවට නිසි ක්‍රමවේදයකින් තොරව හදිසියේ ඇතුළුවන පුද්ගලයෙකුට ඉන්න ලැබෙන්නේ සීමිත කාලයයි. ඒ අතරතුර ඔහුට මව්රටට නොයා බින්න බහින්න ඕනෙනම් හෝම්ලෑන්ඩ් එකට පෙත්සමක් ඉදිරිපත් කළ යුතුයි. එම පෙත්සමේ තම මව්බිමට නැවත යාමට නොහැකි කාරණා ඇතුළත් කළ යුතුයි.
Reply : 58 23
Fernando Sunday, 10 November 2019 10:59 AM
එයා කොහොමත් දිනන්නේ නැහැ. පොරවාගෙන හිටපු සිංහවෙස් ගැලවිලා තියෙන්නේ... දැන් රැල්ල ජාතික ජන බලවේගයේ අනුර කුමාරට තමයි..
Reply : 2751 2162
යාපා Monday, 11 November 2019 06:44 AM
Fernando, ඔයා තව හීන දකින්න යාලුවා. මේවායින් ඔප්පුවෙනවා ගෝඨාභය නියත වශයෙන්ම ජයගන්නා බව..
Reply : 0 79
රජින්ද Sunday, 10 November 2019 11:01 AM
බොරු වලවල්, මඩ, මර උගුල්වලින් සපිරි අන්තිම සතියේ රංගනය ඇරඹුණා. ඔහොම දේවල් කරනකොට ගෝඨාභයට ඡන්දය නොදී ඉන්න අයත් ඡන්දය දෙනවනේ. මංගල ඇමතිගේ ටීම් එක කරන්නේ තවත් බුද්ධිමත්, දැන උගත් එජාප ඡන්ද නැති කරගන්න වැඩමයි. සියලු සහතික මැතිවරණ කොමිසමෙන් පවා පිළිගත් හින්දනේ ඔහුට අපේක්‍ෂකකම ලැබුනේ. බුද්ධ චීවරය විහිලුවකට ගන්න බය හිතෙන්නේ නැතිද?
Reply : 3720 4140
Vajira Sunday, 10 November 2019 11:03 AM
ගෝඨාභය දිනුවත් ගෙදර යන්න වෙනවා.
Reply : 1343 1301
shanika Sunday, 10 November 2019 01:45 PM
ඡන්දය දිනුවත් නැතත් දවසේ වැඩ ඉවරවෙලා හවසට ගෙදර යනවා තමයි.
Reply : 26 251
යාපා Monday, 11 November 2019 06:41 AM
වජිර සිත නිවන කතා කියන්නේ ඕවට තමයි යාලුවා. කමක් නෑ... තව දවස් 6ක්නේ. ඔය ටිකෙත් සිත නිවාගන්න යාලුවා....
Reply : 0 6
LAJJAYI Sunday, 10 November 2019 11:04 AM
මොකටද මෙයාලා මෙච්චර බය අප්පා... කිසිම වැඩක් කරන්නේ නැතිව, බයිලා ගහගහ ඉඳලා දැන් කොහෙවත් නැති හේතු අරගෙන නටනවා. පිටිපස්සේ ඉඳලා මිනිස්සු නොමග යවන මේ වගේ මිනිස්සු..., උපැවිදි කරන්න ඕනේ. මම කාට ඡන්දෙ දුන්නත් අවසාන යුද්දෙදී ගෝඨාභයගේ කාර්යභාරයට ගරු කිරීමක් තියෙනවා.
Reply : 211 2052
Nissanka Sunday, 10 November 2019 11:05 AM
බැරි වෙලාවත් ගෝඨාභය දිනලා ඡන්ද පෙත්සමකින් ගෙදර යන්න වුණොත් රට ලොකු අවුලකට යනවා.
Reply : 1125 998
singapuli Sunday, 10 November 2019 11:06 AM
එන් ජී ඕ වැඩක් බව පැහැදිලියි.
Reply : 26 843
Amith Sunday, 10 November 2019 11:13 AM
අවසරයි අපේ හාමුදුරුවනේ..., මහබැංකුවේ අධිපති දාපුවෙලේ කොහෙද හිටියේ? කොටි මිනිස්සු මරනකොට උපවාසේ කොහෙද තිබ්බේ? සම්බන්ධන්ගේ පුරවැසිභාවය හොයන්නේ කවදාද?
Reply : 66 1425
කමල් Sunday, 10 November 2019 11:32 AM
අවසරයි අපේ හාමුදුරුවනේ... දොස්තර් ශාෆිට විරුද්ධව උපවාස කරනකොට කොහෙද හිටියේ..?
Reply : 0 13
Thilina Sunday, 10 November 2019 11:14 AM
මේවා මහ ලැජ්ජ නැති වැඩ... අද ප්‍රසිද්ධ සාකච්ඡාවක් තියලා අවශ්‍ය කරන සියළුම ලිපි ලේඛන මහජනතාවට ඉදිරිපත් කළා නේද? තවත් මොනවද මේ බාල වැඩ...? මේ වගේ බොළඳ වැඩ වලින් වෙන්නේ ගෝඨාභයට තවත් ඡන්ද වැඩි වෙන එකයි.
Reply : 552 1056
saliya Sunday, 10 November 2019 11:18 AM
මේක නීතිවේදියෝ බලා ගනීවි. ස්වාමීන්වහන්සේ මේවායින් අයින්වන්න. ශාසනයට ගරුකරලා...
Reply : 282 842
kap Sunday, 10 November 2019 11:30 AM
ඔබලාගේ වැඩවලට බාධා නම්, හාමුදුරුවෝ අයින් වෙන්න ඕනේ... තමන්ගේ දේවල්වලට හාමුදුරුවෝ ඉදිරියට එන්න ඕනේ... එහෙම නේද? මේ හාමුදුරුවෝ කියන්නේ, ඇමෙරිකන් පුරවැසියෙක් නෙමෙයි නම්, එ්ක ඔප්පු කරන්න කියලනේ. ඇයි එ්ක කරන්න බැරි? මොනවා හරි හංගනවද?
Reply : 658 505
Chandi Monday, 11 November 2019 01:45 AM
මොනවත් හංගන්න දෙයක් නැහැ. අදාළ තැන්වලට ඒවා පෙන්වලා තියෙන්නේ. නිකන් කාලේ කන වැඩ මේවා...
0 7
ruchi Sunday, 10 November 2019 11:21 AM
කොහෙවත් යන ඇත්තන්ට පෙන්නන්න අවශ්‍ය නැහැ. ගෝඨාභය රටේ නීතිය අනුව අවශ්‍ය අදාළ තැන්වලට පෙන්නුවා නම් එච්චරයි.
Reply : 508 1236
Pradeep Sunday, 10 November 2019 11:23 AM
දැන් එතකොට MCC ගිවිසුම අත්සන් කරන්න යන්නේ ගෝඨාභයද..? ඒ මනුස්සයාට පුදුම බලයක් තියෙන්න ඕනෑනේ.... ආණ්ඩුවේ නැතුවත් ඒ වගේ ප්‍රබල තීරණයක් ගන්න. ඒ කියන්නේ ඔබවහන්සේ පිළිගන්නවා පවතින ආණ්ඩුවේ ඉන්නේ තීරණයක් ගන්න බැරි පඹයින් ටිකක් කියලා..
Reply : 22 349
Janaka Sunday, 10 November 2019 12:15 PM
ගෝඨා කවදාවත් කිව්වද අත්සන් කරන්නේ නෑ කියලා. ස්වාමීන් වහන්සේ හරි. ඇයි ගෝඨාට බැරි සහතික පෙන්වන්න? මම අපේක්ෂකයා විතරයි පක්ෂෙ කරපු දේවල් වලට මම වැරදි නෑ කියයි.
Reply : 330 314
ශාන්ත Sunday, 10 November 2019 11:36 AM
අනේ හාමුදුරුවනේ මේ උපවාසයට විසඳුමක් ලැබුණොත් මහබැංකු හොරුන්ටත් දඬුවම් දෙන්න කියලා උපවාසයක් අරඹන්න. අපිත් එනවා සහායට...
Reply : 0 0
Donald Dissanayaka Sunday, 10 November 2019 11:37 AM
මෙයාලා කොහෙද උන්නේ... මහ බැංකුව අන් අයෙකුට බාර දෙනකොට... උපවාස කරන්න කවුරුත් උන්නාද? සේරම අරන් පැන්නා...
Reply : 0 0
Gamini Sunday, 10 November 2019 11:43 AM
Cope කමිටුව සොයාගත් විස්තරවල වැරදි කරුවන්ටත් දඬුවම් දෙන්න කියලා උපවාස කරන්නත් හාමුදුරුවෝ එනවා නේද?
Reply : 0 0
ගල්කටස් Sunday, 10 November 2019 11:45 AM
උසාවියෙන් සහතික කරා පුරවැසි භාවය... ඔච්චරම බය අැයි? අන්තිම දවස් කිහිපයේ කැම්පේන් එක බූස්ට් කරපු නිසා සජිත් බය වුණා නේද? අැයි ඔය කියනවා වගේ සජිත් දිනනවා නම් බය වෙන්නේ? අන්තිම තුරුම්පුත් ගහන්න ගහන්න බහුතර සිංහලයා මෙවර රැවටෙන්නේ නැහැ. කැම්පේන් එක කරන්නේ බැසිල්, මහින්ද බව අමතක කරන්න එපා... එයාලා ගේම් එක ගානට කරනවා. අැඟට පතට නොදැනී හෙට ගෝඨාභයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යෝජනාවක් හරි. ගෙනාවත් පුදුම වෙන්න එපා..
Reply : 271 1125
සුමනා Sunday, 10 November 2019 11:49 AM
මඩවැඩට වෙන්කරපු කෝටි අට ඉතුරුයි නම් බෙදාගන්න එකනේ තියෙන්නේ. හත්පොලේ ගාගන්නේ නැතුව...
Reply : 109 196
Wasantha Sunday, 10 November 2019 11:52 AM
බුදුසසුන නැති කරන්නේ මේ වගේ අය. හාමුදුරුවරු මැදිහත් වෙන්න ඕනෑ වෙලාවක් තියෙනවා. එ්ත් දැන් බණ අමතක වෙලා දේශපාලනය කරන තැනට වැටිලා.
Reply : 118 420
beau Sunday, 10 November 2019 11:57 AM
බලන්න ඔය සිවුරු දාගෙන ඉන්නේ කවුද කියලා...
Reply : 23 253
dd Sunday, 10 November 2019 12:03 PM
මේකෙන් වෙන්නේ ලැබෙන දන් වේලත් නැති වෙන එකයි. අර මහ බැංකුවේ හොරා ගේන්න කියලා ඔතන ඉන්න බැරිද? ඡන්දේ ඉල්ලන්නද හදන්නේ?
Reply : 60 196
Chandi Sunday, 10 November 2019 12:05 PM
එජාපය අන්තිම නාටකය පටන් ගත්තා. නියත පරාජය පෙනිපෙනී මේ කරන වැඩවලට රැවටෙන්න තරම් අපි මෝඩයින් නෙවෙයි.
Reply : 207 621
Amila Sunday, 10 November 2019 01:21 PM
රටේ නායකයා වියයුත්තේ අපේ රටේ මනුස්සයෙක් මිසක් ඇමෙරිකන් රූකඩයක් නෙවේ...
Reply : 859 313
Chandi Sunday, 10 November 2019 02:54 PM
අමිල, මට පේන විදිහට ඔබත් පරාජයේ වියරුවෙන් දඟලනවා වගෙයි.
48 529
Amila Sunday, 10 November 2019 04:08 PM
වරක් රටේ රජෙක් නෑ කියලා මොඩයෝ ටිකක් එකතුව ඉන්දියානු ජාතියෙක් ගෙනත් රටේ රජා කරගත්තා. ඒ තමයි රටේ අවසන් රජු.. ඒක නිසා වෙන රටක පුරවැසියෙක් වගේම වෙන රටවල අයට බැලමෙහෙවරකම් කරපු අය රටේ නායකයා නොකල යුතුයි. රටේ ස්වෛරීභාවයට හානියක්. රටට හිතැති රටට ආදරය කරන ජනතාව මේ ඇමරිකන් කුමන්ත්‍රණය පරාජය කරනවා කියන එක විශ්වාසයි මිත්‍රයා..
430 167
යාපා Monday, 11 November 2019 06:36 AM
Amila, අනිවාර්යයෙන්ම මිත්‍රයා රටේ මනුස්සයෙක් තමයි. ජනාධිපති වෙන්න ඕනෑ. ඒක අධිකරණයෙනුත් ඔප්පුකරලා ඉවරයි. මොකද ඔබ වැන්නන් සිටින්නේ ඉතාමත් සුලු පිරිසක් බැවිනි..
0 5
Dilan Sunday, 10 November 2019 12:26 PM
උපවාස කරන්නේ අනෙක් අපේක්ෂකයින් 34 දෙනාට අසාධාරණයක් වෙන නිසාද? සජිත්ට අසාධාරණයක් වෙන නිසාද?
Reply : 2 166
mp Sunday, 10 November 2019 12:44 PM
බුදු අම්මේ මෙතැනට ඇවිල්ලා තියෙන්නේ මොකටද? බලන්න මේට්ට දෙකයි, කොට්ට දෙකයි. නිවනට යන්නේ මෙහෙමද?
Reply : 2 236
mahinda Sunday, 10 November 2019 12:52 PM
අනේ හොඳයි එක නමක් වගේම තවත් නමක්... වීරෝදාර සංඝරත්නය... මේක පොහොට්ටුවේ වැඩක්ද හංසයාගේ වැඩක්ද?
Reply : 9 1
Bamunuarachchi Sunday, 10 November 2019 01:13 PM
අලි සබ්රි මහතාණෙනි, ලැබී ඇති ලිපිලේඛන ඉදිරිපත් කරන්න එපා.. සිංහලයාගේ පුරාවිද්‍යා ප්‍රදේශ ඇමරිකාවට නතු වුණාට එ් වෙනුවෙන් උපවාස කරන්න බැහැ. ගෝඨාභය මහතාගේ පුරවැසිකමයි මේ ප්‍රශ්නය....
Reply : 302 527
Ranil Sunday, 10 November 2019 03:04 PM
මුස්ලිම් අය කැමැති නැහැ නේද? දැන් නම්බුව දීලා මහතාණෙනි කියලා කතා කරන්නේ.. බමුණෙක්ද? වසලයෙක්ද මේ?
Reply : 315 204
Bamunuarachchi Monday, 11 November 2019 06:04 AM
අලි සබ්රි මහතාණෙනි, ලිපිය දැන්ම ඉදිරිපත් කරන්න එපා කීවේ මෙයා ලිපිය දැකලා උපවාසය අත්හැරියොත් මම බලාපොරොත්තු වෙන වැඩේ සිද්දවෙන්නේ නැහැ. මෙයාව ආදාහනය කරන්න පන්සලකුත් නැහැ. සුදුරෙද්දක ඔතලා ටොපියක් වගේ වල දාන්න තමයි වෙන්නේ...
Reply : 0 0
Rick Sunday, 10 November 2019 01:18 PM
අපරාදේ පන්සලට වෙලා ඉන්නේ නැතුව අස්සේ රිංගනවා...
Reply : 168 226
Amila Sunday, 10 November 2019 01:19 PM
රට දාලා ගිහින් ආයේ අයියා රටේ නායකයා වුණාම ආපු කෙනෙක් කොහොමත් රටේ නායකයා නොකළ යුතුයි. මේ අපේක්ෂකයා ඇමරිකානුවෙක් වගේම ඔහුගේ නෝනා සහ පුතා පවා ඇමරිකාවේ කියලා යළි යළිත් ඔප්පුවෙලා ඉවරයි. මෙහෙම රට දුන්නොත් අපේ රටත් ඉවර කරනවා. දේශප්‍රේමීන් සියලුම දෙනා එකතුව මේ ඇමරිකානු පිල්ලිය පරාජය කළයුතුයි. රටේ අනාගතය උදෙසා..
Reply : 1223 909
Chandi Sunday, 10 November 2019 02:57 PM
දේශප්‍රේමීන් සියල්ලම එකතුවී රට වෙනුවෙන් කළ යුතු දෙය 16 වෙනිදා කරනු ඇත. ඉන්පසුව අපි කතාකරමු..
Reply : 165 254
Gamarala Monday, 11 November 2019 02:06 AM
මහා බැංකුව අධිපතිකම දෙන වෙලාවේ කොහෙද හිටියේ? අර සංඝයාට දුන්න ගානෙන් කීයක් ලැබුණද? කොහොමටත් ගෝඨාභය උප්පත්තියෙන්ම ශ්‍රී ලංකාවේ උපන්, බෞද්ධ, සිංහලයෙක් බව අමතක කරන්න එපා! ඒ වගේම නිහඬ සිංහයෙක්. තමන්ට ඇමෙරිකාවට යන්න ලැබුණොත් යන්නේ නැද්ද කියලා අවංකවම කියනවද? මේ විරුද්ධ වෙන හැම කෙනෙකුටම ඇමෙරිකාවට යන්න තමයි ඕනෑ නේද?
Reply : 0 8
sudda Monday, 11 November 2019 10:37 PM
සරත් ෆොන්සේකා ඇමරිකාවට යනකොට හොඳයි. ගෝඨා ගියාම නරකයි. දෙපිට කාට්ටු කතා ඇයි?
0 6
යාපා Monday, 11 November 2019 06:13 AM
උසාවියෙන් ඔප්පු කරා, මැතිවරණ කොමිසම පිළිගත්තා... තවත් මොනවද? ඇත්තටම සජිත් කියන්නේ පොඩ්ඩක් හරි කොන්දක් තියන කෙනෙක් කියලා හිතාගෙන හිටිය එකත් මෙතැනින් නම් ඉවරයි.
Reply : 0 5
පැ.තුම් Sunday, 10 November 2019 01:53 PM
කොළ පාට සිවුරකුත් ඇඳගත්තා නම් හරියටම හරි...
Reply : 345 436
Manjula Sunday, 10 November 2019 02:11 PM
මහනායක හාමුදුරුවරු එකතුවෙලා මෙවැන්නන් ශාසනයෙන් අයින් කළ යුතුයි.
Reply : 144 248
Ruhunu Sunday, 10 November 2019 02:34 PM
බුදුහාමුදුරුවෝ බුද්ධ පුත්‍රයන්ට දේශනා කරන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා... ජාති භේද අල්ලගෙන උපවාස කරන්න නොවෙයි.
Reply : 5 99
Appuhami Sunday, 10 November 2019 03:03 PM
කොන්ත්‍රාත් එකක්ද කොහෙද මේ කරන්නේ...?
Reply : 51 179
කුමාර Sunday, 10 November 2019 04:10 PM
උපවාස උපවාස, දැන් හංදියේ කඩේ ලඟ පොඩි කොල්ලෙක් උපවාසයක්.. ඇයි ඇහුවාම ඉතිරි සත පනහ දෙනකම් උපවාස කරනවලු...
Reply : 2 16
Aris Sunday, 10 November 2019 04:28 PM
පුරවැසිභාවය ඉවත් කර ගැනීම නීතියට අනුව අදාල තැන් වලට පෙන්නුවා නම් ඒ ඇති... හාමුදුරු කෙනෙක් හෝ ගිහියෙක් වේවා මේ වගේ අයට කරන්න තියෙන්නේ ඕනෑ නම් නැගිටින්න... නැත්නම් පරලොව යන්න ඉඩදී නිහඬව ඉන්න එකයි.
Reply : 8 114
wije Sunday, 10 November 2019 05:07 PM
අනේ මන්දා... අධිකරණයෙන් පුරවැසිභාවය පිළිගත්තා නම් තවත් ඉතින් මොනවද පෙන්වන්න කියන්නේ? මෙහෙම අනුවණ ක්‍රියාවන්වල යෙදීමෙන් වෙන්නේ සජිත්ට තියන ඡන්ද වලින් දෙක තුනක් හරි අඩුවෙන එක තමයි.. මොකද හැම කෙනකුටම තේරෙනවා මේ කරන්නේ ගෝඨාභයව අප්‍රසාදයට පත්කරන්න තමයි කියලා. හැබැයි සජිත් මහත්තයෝ මේකෙන් අප්‍රසාදයට පත්වෙන්නේ ඔබතුමාම තමයි. ඔබතුමාට දිනන්න පුළුවන් නම් මේ වගේ නින්දිත, පහත් වැඩ කරන්නේ නැතුව තරග කරලා දිනන්න... ඔබතුමාට කොන්දක් තියනවා කියලා පෙන්වන්න.
Reply : 16 131
kavantissa Sunday, 10 November 2019 06:10 PM
මේක මහා කෝලමක් වෙලා තියෙන්නේ...
Reply : 0 0
sisira Sunday, 10 November 2019 10:27 PM
හුඟ කාලයකට පස්සේ අපේ හාමුදුරුවරුන් හොඳ සැප නින්දක සුවය විඳින පාටයි. මේ වගේ දේවල් කරන්නද ඔය කසාවත දරාගත්තේ අපේ හාමුදුරුවරුනේ...!!
Reply : 0 0
Bandara Monday, 11 November 2019 01:16 AM
අවසරයි හාමුදුරුවනේ..., ලොකු අමාරුවක් පේන පාටක් නම් නැහැ වගේ...
Reply : 0 0
gamarala Monday, 11 November 2019 01:57 AM
ඇයි මේ අවසන් මොහොතේ උපවාස? ඇතිතරම් කල් තිබුණා නොවේද ඕක කරන්න. උසාවියෙන් තීරණයක් දී තිබියදී, මැ.කෝ. පිළිඅරන් තිබියදී මේ කරන්නේ මහජනතාව කුලප්පු කරන වැඩ. උපාසිකා, උපාසිකාවන් ඉතසිතින් දෙන දානය වළඳා සසර කතර කෙළවර කරගන්න මහන්සි නොගෙන මේ කරන කටයුත්ත සංඝයා වහන්සේ කෙනෙකුට නොගැලපේ. අර අපවත් වූ හිමියන්ගේ ආදාහනය කරන්න ඉඩනුදුන් අවස්ථාවේ නිහඬව සිටි ඔබ වහන්සේ හිටි හැටියේ මේ කරන්නේ මඩ ගැහීමට නේද? ජනතාවනි, කලබල නොවෙන්න. ඔබගේ වටිනා ඡන්දය රට, ජාතිය සහ ආගම රැකගැනීම වෙනුවෙන් පාවිච්චි කරන්න. මෙය අපට ලැබෙන අන්තිම අවස්ථාවයි. මෝඩ මිනිසුන්ගේ නොමග යැවීම වලට නොරැවටී කටයුතු කළොත් ඔබත් ගොඩ, රටත් ගොඩ. ජනතාවට ජයවේවා..!
Reply : 0 0
rocky Monday, 11 November 2019 02:10 AM
හරි හරි! හරෝ.. හරා!! ගෝඨාභය කරපු දේවල් හරි, කරන දේවලුත් හරි... ඉදිරියේදී කරන්න යන දේවලුත් හරි... ඔක්කොම හරි..! වැරදි කෙරුවත් හරි, මිනීමැරුවත් හරි, කොමිස් ගැහුවත් හරි, අපේ ගෝඨාභය කවමදාවත් වැරදි කරන්නේ නැහැ..! කරන්නේ ඔක්කොම හරි දේවල් විතරයි...!
Reply : 0 0
naga Monday, 11 November 2019 02:42 AM
ඔය සහතිකේ මැතිවරණ කොමිසම දැකලා පිළිඅරගෙන ඉවරයිනේ... ඉතින් එතැනට ගිහිල්ලා චෙක් කරගත්තා නම් ඉවරයි..
Reply : 37 118
Sunil gikiyanage Monday, 11 November 2019 03:01 AM
මේ හාමුදුරුවෝ කවුද? පන්සල කොහෙද? මහණ වුනේ කවද්ද?
Reply : 26 65
priyan Monday, 11 November 2019 04:05 AM
මෙතන තියෙන අදහස්වලට දාලා තියෙන ලයික් ඩිස්ලයික් දිහා බැලුවාම ඡන්ද ප්‍රතිඵලේ ගන්න පුළුවන්...
Reply : 0 0
somisena Monday, 11 November 2019 04:38 AM
කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඊයේ දිනයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ඊයේ රාත්‍රියේ එම ස්ථානය අතුරුදන් වී තිබේ. හිමිනම වෙනුවට එම ස්ථානයේ ගිහියකු පමණක් සිටිනු දක්නට ලැබිණි...
Reply : 0 35
Herath Banda Monday, 11 November 2019 04:38 AM
ගෝඨාගේ ආණ්ඩු සමයේ මෙරට ධර්ම සංගායනාවක් කර දුස්ශීල මහණුන් පන්නා දැමියයුතු අතර, තායිලන්තයේ මෙන් සංඝයාට දේශපාලන භුමිකාවේ රඟපෑම් නතර කර උත්තරීතර ථේරවාදය ස්ථාපිත කළ යුතුයි.
Reply : 0 51
සුසිල් Monday, 11 November 2019 04:38 AM
එජාපය එකට වැටෙන්න තියෙන ඡන්ද ටිකත් නැති කරන වැඩක් ඔය කරන්නේ... කියන්න තියෙන්නේ පව් කියලා විතරයි.
Reply : 0 29
raheem Monday, 11 November 2019 04:44 AM
ඔය උපවාසය කරන්න ඕන මැතිවරණ කොමිසම ඉදිරිපිට මැතිවරණ කොමසාරිස් ගාව විස්තර තියනවා. එතැනින් බලාගන්න පුළුවන්නේ...? මොනවට මෙච්චර කරදර වෙනවද? දැන් නිදහස් චතුරශ්‍රය උපවාස චතුරශ්‍රය වෙලා...
Reply : 0 0
sudda Monday, 11 November 2019 07:07 AM
2010 දී ඇමරිකන් ග්‍රීන්කාඩ් තියාගෙන සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිකමට ඉල්ලන වෙලාවේ මේ හාමුදුරුවෝ කොහෙද හිටියේ?
Reply : 0 31
chandima Tuesday, 12 November 2019 05:51 PM
මේ වැඩේ නම් හරියනවමයි හාමුදුරුවනේ.
Reply : 1 0
sampath Thursday, 14 November 2019 11:47 AM
ගෝඨා මැදමුලන වැසියෙක්. අනික ඇමෙරිකන් පුරවැසියෙක්නම් මෙහෙ නඩු දැම්මේ කොහොමද ?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.