(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඇත්නම් එය දින තුනක් ඇතුළත තහවුරු කරන්නැයි ඉල්ලා ආචාර්ය ඉගුරුවත්තේ සුමංගල හිමියෝ කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී අද (10) උපවාසයක් ඇරඹූහ.
‘‘අපේ උත්තරීතර මාතෘ භූමිය ඇමෙරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්‍ෂගේ කුමන්ත‍්‍රණයෙන් බේරාගනිමු’ යනුවෙන් සඳහන් බැනරයක් ප‍්‍රදර්ශනය කරමින් උන්වහන්සේ උපවාසයේ නිරතව සිටිති.
උන්වහන්සේ සමග තවත් භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් සහ ගිහි පිරිසක් ද එම ස්ථානයේ රැදී සිටින අතර සුමංගල හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් තවත් පිරිස් එම ස්ථානයේ බැනර ප‍්‍රදර්ශනය කරනු ද දක්නට ලැබිණි.
මෙම උපවාසය ආරම්භ කරමින් ආචාර්ය ඉගුරුවත්තේ සුමංගල හිමියෝ මෙසේ පැවසූහ.
‘‘ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක්ක මගේ කිසිම පෞද්ගලික අමනාපයක් නැහැ. ජනාධිපතිවරණයට එතුමා සමඟ තවත් 34 දෙනෙක් ඉදිරිපත් වී සිටිනවා. මේ තරගයේ ඇමෙරිකානු පුරවැසියෙක් සිටීම ඒ 34 දෙනාට වූ අසාධාරණයක්. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස මිස ශ්‍රී ලංකා පුරවැසියෙක් ලෙස අපට දැනගන්නට ලැබී නැහැ.
ලංකාවේ මැතිවරණ නීතිය අනුව මැතිවරණ දෙපාර්තමේන්තුව, පොලීසිය, අධිකරණය මෙන්ම රටේ ජනතාවත් නොමග යවමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කරන බව පේනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. ඒ දේ පෙන්නුම්කරදීමම මට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හැකිනම් ඉදිරි දින තුන ඇතුළත තමන් ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බවත්, ශ්‍රී ලංකා පුරවැසියකු බවත් ඔප්පු කළොත් ගැටලුවක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලුදෙනාටම මා ආරාධනා කරන්නේ මේ රටේ ජනතාවගේ අයිතිය ආරක්‍ෂා කරගැනීම සදහා මා සමඟ එක්වන ලෙසයි.’’

(ඡායාරූප - චතුර එස්.කොඩිකාර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගැන මීක් කිවේ නැති සමහර මාධ්‍ය මේ වැඩේ වැරදියි කියලා තිබ්බා සාකච්චාවට " බ්‍රේකින් නිවුස් " දෙනවා දැක්කා. ඒ අතරේ "සමහර මාධ්‍ය මඟින් එක අපේක්ෂකයෙකු හට අසාධාරණ අන්දමින් වැඩි ප්‍රචාරයක් ලබාදෙනවාය කියලා කතාබහක් තියෙන පසුබිමක "සමහර මාධ්‍ය අයිතිකරුවන් එක්තරා අපේක්ෂකයෙකුගේ රැස්වීම්වලට ඒ අපේක්ෂකයා එක්ක වාහනෙන් යනවා දැක්කා" කියලා මැතිවරණ කොමසාරිස්තුමා බකබක ගාලා හිනාවෙන ගමන් කියනවත් දැක්කා. අනේ මන්දා...
පන්සලට වෙලා දෙන දේ කාලා පැත්තකට වෙලා ඉන්නවද? රට්ටු හිනස්සවන්නේ නැතිව...
සජිත්ගේ සාමාන්‍ය පෙළ සහතිකේ පෙන්වනකම් උපවාසයක් කරන්න ඕනේ...
ගෝඨාභයගේ පුරවැසිභාවය තහවුරු කරන එක මැතිවරණ කොමසාරිස්ට අයිති වැඩක්. එ්ක උසාවි ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලැබුණා. සිංගප්පූරු ජාතිකයෙක් වූ මහේන්ද්‍රන් ඇවිල්ලා බැහැ. බැංකුව කොල්ලකාගෙන යනකොට මේ හාමුදුරුවෝ කොහෙද හිටියේ? ගෝඨාභය රටට ආදරේ කෙනෙක් බව 2005 සිට 2015 දක්වා යුද්ධයට දීපු දායකත්වයෙන් සහ එතුමාට පැවරුණු කොළඹ සංවර්ධනය කිරීමේ වැඩ නිමකළ ආකාරයෙන් පෙන්නුම් කළා.
එයා කොහොමත් දිනන්නේ නැහැ. පොරවාගෙන හිටපු සිංහවෙස් ගැලවිලා තියෙන්නේ... දැන් රැල්ල ජාතික ජන බලවේගයේ අනුර කුමාරට තමයි..
බොරු වලවල්, මඩ, මර උගුල්වලින් සපිරි අන්තිම සතියේ රංගනය ඇරඹුණා. ඔහොම දේවල් කරනකොට ගෝඨාභයට ඡන්දය නොදී ඉන්න අයත් ඡන්දය දෙනවනේ. මංගල ඇමතිගේ ටීම් එක කරන්නේ තවත් බුද්ධිමත්, දැන උගත් එජාප ඡන්ද නැති කරගන්න වැඩමයි. සියලු සහතික මැතිවරණ කොමිසමෙන් පවා පිළිගත් හින්දනේ ඔහුට අපේක්‍ෂකකම ලැබුනේ. බුද්ධ චීවරය විහිලුවකට ගන්න බය හිතෙන්නේ නැතිද?
ගෝඨාභය දිනුවත් ගෙදර යන්න වෙනවා.
මොකටද මෙයාලා මෙච්චර බය අප්පා... කිසිම වැඩක් කරන්නේ නැතිව, බයිලා ගහගහ ඉඳලා දැන් කොහෙවත් නැති හේතු අරගෙන නටනවා. පිටිපස්සේ ඉඳලා මිනිස්සු නොමග යවන මේ වගේ මිනිස්සු..., උපැවිදි කරන්න ඕනේ. මම කාට ඡන්දෙ දුන්නත් අවසාන යුද්දෙදී ගෝඨාභයගේ කාර්යභාරයට ගරු කිරීමක් තියෙනවා.
බැරි වෙලාවත් ගෝඨාභය දිනලා ඡන්ද පෙත්සමකින් ගෙදර යන්න වුණොත් රට ලොකු අවුලකට යනවා.
එන් ජී ඕ වැඩක් බව පැහැදිලියි.
අවසරයි අපේ හාමුදුරුවනේ..., මහබැංකුවේ අධිපති දාපුවෙලේ කොහෙද හිටියේ? කොටි මිනිස්සු මරනකොට උපවාසේ කොහෙද තිබ්බේ? සම්බන්ධන්ගේ පුරවැසිභාවය හොයන්නේ කවදාද?
මේවා මහ ලැජ්ජ නැති වැඩ... අද ප්‍රසිද්ධ සාකච්ඡාවක් තියලා අවශ්‍ය කරන සියළුම ලිපි ලේඛන මහජනතාවට ඉදිරිපත් කළා නේද? තවත් මොනවද මේ බාල වැඩ...? මේ වගේ බොළඳ වැඩ වලින් වෙන්නේ ගෝඨාභයට තවත් ඡන්ද වැඩි වෙන එකයි.
මේක නීතිවේදියෝ බලා ගනීවි. ස්වාමීන්වහන්සේ මේවායින් අයින්වන්න. ශාසනයට ගරුකරලා...
කොහෙවත් යන ඇත්තන්ට පෙන්නන්න අවශ්‍ය නැහැ. ගෝඨාභය රටේ නීතිය අනුව අවශ්‍ය අදාළ තැන්වලට පෙන්නුවා නම් එච්චරයි.
දැන් එතකොට MCC ගිවිසුම අත්සන් කරන්න යන්නේ ගෝඨාභයද..? ඒ මනුස්සයාට පුදුම බලයක් තියෙන්න ඕනෑනේ.... ආණ්ඩුවේ නැතුවත් ඒ වගේ ප්‍රබල තීරණයක් ගන්න. ඒ කියන්නේ ඔබවහන්සේ පිළිගන්නවා පවතින ආණ්ඩුවේ ඉන්නේ තීරණයක් ගන්න බැරි පඹයින් ටිකක් කියලා..
අනේ හාමුදුරුවනේ මේ උපවාසයට විසඳුමක් ලැබුණොත් මහබැංකු හොරුන්ටත් දඬුවම් දෙන්න කියලා උපවාසයක් අරඹන්න. අපිත් එනවා සහායට...
මෙයාලා කොහෙද උන්නේ... මහ බැංකුව අන් අයෙකුට බාර දෙනකොට... උපවාස කරන්න කවුරුත් උන්නාද? සේරම අරන් පැන්නා...
Cope කමිටුව සොයාගත් විස්තරවල වැරදි කරුවන්ටත් දඬුවම් දෙන්න කියලා උපවාස කරන්නත් හාමුදුරුවෝ එනවා නේද?
උසාවියෙන් සහතික කරා පුරවැසි භාවය... ඔච්චරම බය අැයි? අන්තිම දවස් කිහිපයේ කැම්පේන් එක බූස්ට් කරපු නිසා සජිත් බය වුණා නේද? අැයි ඔය කියනවා වගේ සජිත් දිනනවා නම් බය වෙන්නේ? අන්තිම තුරුම්පුත් ගහන්න ගහන්න බහුතර සිංහලයා මෙවර රැවටෙන්නේ නැහැ. කැම්පේන් එක කරන්නේ බැසිල්, මහින්ද බව අමතක කරන්න එපා... එයාලා ගේම් එක ගානට කරනවා. අැඟට පතට නොදැනී හෙට ගෝඨාභයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යෝජනාවක් හරි. ගෙනාවත් පුදුම වෙන්න එපා..
මඩවැඩට වෙන්කරපු කෝටි අට ඉතුරුයි නම් බෙදාගන්න එකනේ තියෙන්නේ. හත්පොලේ ගාගන්නේ නැතුව...
බුදුසසුන නැති කරන්නේ මේ වගේ අය. හාමුදුරුවරු මැදිහත් වෙන්න ඕනෑ වෙලාවක් තියෙනවා. එ්ත් දැන් බණ අමතක වෙලා දේශපාලනය කරන තැනට වැටිලා.
බලන්න ඔය සිවුරු දාගෙන ඉන්නේ කවුද කියලා...
මේකෙන් වෙන්නේ ලැබෙන දන් වේලත් නැති වෙන එකයි. අර මහ බැංකුවේ හොරා ගේන්න කියලා ඔතන ඉන්න බැරිද? ඡන්දේ ඉල්ලන්නද හදන්නේ?
එජාපය අන්තිම නාටකය පටන් ගත්තා. නියත පරාජය පෙනිපෙනී මේ කරන වැඩවලට රැවටෙන්න තරම් අපි මෝඩයින් නෙවෙයි.
උපවාස කරන්නේ අනෙක් අපේක්ෂකයින් 34 දෙනාට අසාධාරණයක් වෙන නිසාද? සජිත්ට අසාධාරණයක් වෙන නිසාද?
බුදු අම්මේ මෙතැනට ඇවිල්ලා තියෙන්නේ මොකටද? බලන්න මේට්ට දෙකයි, කොට්ට දෙකයි. නිවනට යන්නේ මෙහෙමද?
අනේ හොඳයි එක නමක් වගේම තවත් නමක්... වීරෝදාර සංඝරත්නය... මේක පොහොට්ටුවේ වැඩක්ද හංසයාගේ වැඩක්ද?
අලි සබ්රි මහතාණෙනි, ලැබී ඇති ලිපිලේඛන ඉදිරිපත් කරන්න එපා.. සිංහලයාගේ පුරාවිද්‍යා ප්‍රදේශ ඇමරිකාවට නතු වුණාට එ් වෙනුවෙන් උපවාස කරන්න බැහැ. ගෝඨාභය මහතාගේ පුරවැසිකමයි මේ ප්‍රශ්නය....
අපරාදේ පන්සලට වෙලා ඉන්නේ නැතුව අස්සේ රිංගනවා...
රට දාලා ගිහින් ආයේ අයියා රටේ නායකයා වුණාම ආපු කෙනෙක් කොහොමත් රටේ නායකයා නොකළ යුතුයි. මේ අපේක්ෂකයා ඇමරිකානුවෙක් වගේම ඔහුගේ නෝනා සහ පුතා පවා ඇමරිකාවේ කියලා යළි යළිත් ඔප්පුවෙලා ඉවරයි. මෙහෙම රට දුන්නොත් අපේ රටත් ඉවර කරනවා. දේශප්‍රේමීන් සියලුම දෙනා එකතුව මේ ඇමරිකානු පිල්ලිය පරාජය කළයුතුයි. රටේ අනාගතය උදෙසා..
කොළ පාට සිවුරකුත් ඇඳගත්තා නම් හරියටම හරි...
මහනායක හාමුදුරුවරු එකතුවෙලා මෙවැන්නන් ශාසනයෙන් අයින් කළ යුතුයි.
බුදුහාමුදුරුවෝ බුද්ධ පුත්‍රයන්ට දේශනා කරන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා... ජාති භේද අල්ලගෙන උපවාස කරන්න නොවෙයි.
කොන්ත්‍රාත් එකක්ද කොහෙද මේ කරන්නේ...?
උපවාස උපවාස, දැන් හංදියේ කඩේ ලඟ පොඩි කොල්ලෙක් උපවාසයක්.. ඇයි ඇහුවාම ඉතිරි සත පනහ දෙනකම් උපවාස කරනවලු...
පුරවැසිභාවය ඉවත් කර ගැනීම නීතියට අනුව අදාල තැන් වලට පෙන්නුවා නම් ඒ ඇති... හාමුදුරු කෙනෙක් හෝ ගිහියෙක් වේවා මේ වගේ අයට කරන්න තියෙන්නේ ඕනෑ නම් නැගිටින්න... නැත්නම් පරලොව යන්න ඉඩදී නිහඬව ඉන්න එකයි.
අනේ මන්දා... අධිකරණයෙන් පුරවැසිභාවය පිළිගත්තා නම් තවත් ඉතින් මොනවද පෙන්වන්න කියන්නේ? මෙහෙම අනුවණ ක්‍රියාවන්වල යෙදීමෙන් වෙන්නේ සජිත්ට තියන ඡන්ද වලින් දෙක තුනක් හරි අඩුවෙන එක තමයි.. මොකද හැම කෙනකුටම තේරෙනවා මේ කරන්නේ ගෝඨාභයව අප්‍රසාදයට පත්කරන්න තමයි කියලා. හැබැයි සජිත් මහත්තයෝ මේකෙන් අප්‍රසාදයට පත්වෙන්නේ ඔබතුමාම තමයි. ඔබතුමාට දිනන්න පුළුවන් නම් මේ වගේ නින්දිත, පහත් වැඩ කරන්නේ නැතුව තරග කරලා දිනන්න... ඔබතුමාට කොන්දක් තියනවා කියලා පෙන්වන්න.
මේක මහා කෝලමක් වෙලා තියෙන්නේ...
හුඟ කාලයකට පස්සේ අපේ හාමුදුරුවරුන් හොඳ සැප නින්දක සුවය විඳින පාටයි. මේ වගේ දේවල් කරන්නද ඔය කසාවත දරාගත්තේ අපේ හාමුදුරුවරුනේ...!!
අවසරයි හාමුදුරුවනේ..., ලොකු අමාරුවක් පේන පාටක් නම් නැහැ වගේ...
ඇයි මේ අවසන් මොහොතේ උපවාස? ඇතිතරම් කල් තිබුණා නොවේද ඕක කරන්න. උසාවියෙන් තීරණයක් දී තිබියදී, මැ.කෝ. පිළිඅරන් තිබියදී මේ කරන්නේ මහජනතාව කුලප්පු කරන වැඩ. උපාසිකා, උපාසිකාවන් ඉතසිතින් දෙන දානය වළඳා සසර කතර කෙළවර කරගන්න මහන්සි නොගෙන මේ කරන කටයුත්ත සංඝයා වහන්සේ කෙනෙකුට නොගැලපේ. අර අපවත් වූ හිමියන්ගේ ආදාහනය කරන්න ඉඩනුදුන් අවස්ථාවේ නිහඬව සිටි ඔබ වහන්සේ හිටි හැටියේ මේ කරන්නේ මඩ ගැහීමට නේද? ජනතාවනි, කලබල නොවෙන්න. ඔබගේ වටිනා ඡන්දය රට, ජාතිය සහ ආගම රැකගැනීම වෙනුවෙන් පාවිච්චි කරන්න. මෙය අපට ලැබෙන අන්තිම අවස්ථාවයි. මෝඩ මිනිසුන්ගේ නොමග යැවීම වලට නොරැවටී කටයුතු කළොත් ඔබත් ගොඩ, රටත් ගොඩ. ජනතාවට ජයවේවා..!
හරි හරි! හරෝ.. හරා!! ගෝඨාභය කරපු දේවල් හරි, කරන දේවලුත් හරි... ඉදිරියේදී කරන්න යන දේවලුත් හරි... ඔක්කොම හරි..! වැරදි කෙරුවත් හරි, මිනීමැරුවත් හරි, කොමිස් ගැහුවත් හරි, අපේ ගෝඨාභය කවමදාවත් වැරදි කරන්නේ නැහැ..! කරන්නේ ඔක්කොම හරි දේවල් විතරයි...!
ඔය සහතිකේ මැතිවරණ කොමිසම දැකලා පිළිඅරගෙන ඉවරයිනේ... ඉතින් එතැනට ගිහිල්ලා චෙක් කරගත්තා නම් ඉවරයි..
මේ හාමුදුරුවෝ කවුද? පන්සල කොහෙද? මහණ වුනේ කවද්ද?
මෙතන තියෙන අදහස්වලට දාලා තියෙන ලයික් ඩිස්ලයික් දිහා බැලුවාම ඡන්ද ප්‍රතිඵලේ ගන්න පුළුවන්...
කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඊයේ දිනයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ඊයේ රාත්‍රියේ එම ස්ථානය අතුරුදන් වී තිබේ. හිමිනම වෙනුවට එම ස්ථානයේ ගිහියකු පමණක් සිටිනු දක්නට ලැබිණි...
ගෝඨාගේ ආණ්ඩු සමයේ මෙරට ධර්ම සංගායනාවක් කර දුස්ශීල මහණුන් පන්නා දැමියයුතු අතර, තායිලන්තයේ මෙන් සංඝයාට දේශපාලන භුමිකාවේ රඟපෑම් නතර කර උත්තරීතර ථේරවාදය ස්ථාපිත කළ යුතුයි.
එජාපය එකට වැටෙන්න තියෙන ඡන්ද ටිකත් නැති කරන වැඩක් ඔය කරන්නේ... කියන්න තියෙන්නේ පව් කියලා විතරයි.
ඔය උපවාසය කරන්න ඕන මැතිවරණ කොමිසම ඉදිරිපිට මැතිවරණ කොමසාරිස් ගාව විස්තර තියනවා. එතැනින් බලාගන්න පුළුවන්නේ...? මොනවට මෙච්චර කරදර වෙනවද? දැන් නිදහස් චතුරශ්‍රය උපවාස චතුරශ්‍රය වෙලා...
2010 දී ඇමරිකන් ග්‍රීන්කාඩ් තියාගෙන සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිකමට ඉල්ලන වෙලාවේ මේ හාමුදුරුවෝ කොහෙද හිටියේ?
මේ වැඩේ නම් හරියනවමයි හාමුදුරුවනේ.
ගෝඨා මැදමුලන වැසියෙක්. අනික ඇමෙරිකන් පුරවැසියෙක්නම් මෙහෙ නඩු දැම්මේ කොහොමද ?