(තරිඳු ජයවර්ධන)
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධිය ගැන ලැබුණු පැමිණිලි දෙකක් විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
එම පැමිණිලි දෙක විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර පසුව එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇතැයි පොලිසිය කියයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියකු ලෙස සිටිමින් අලුත් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන එමගින් අලුත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධියක් විමර්ශනය කරන ලෙස එම පැමිණිලිවලින් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
පැමිණිල්ලක් ලද විට විමර්ශනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවත්, ඒ අනුව මෙම පැමිණිලි විමර්ශනය සඳහා යොමු කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
COMMENTS
විමර්ශන නම් රටේ මොනදේටත් තියෙනවා . නමුත් ප්‍රතිපල පිට වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ .
ද්විත්ව පුරවැසිකම් සහිත පුද්ගලයින් හට එම පුරවැසිකම් ඇති රටවල ගමන් බලපත්‍ර දෙකක් තබා ගැනීමට අවසර ඇති නිසා දින ඉකුත්වන අවස්තාවලදී අලුත් ගමන් බලපත්‍ර ලබා ගැනීම වරදක් නොවන බවයි අපගේ වැටහීම.
2010 සරත් ෆොන්සේකා ඉල්ලනකොට පරණ ඔක්කොම ඇදල අරන් අවුරුදු 2ක් හිරේ දැම්මා. දැන් ගොටටත් වෙන්නේ හිරේ ලගින්න. කල කම් පඩිසන් දෙනවා කියන්නෙ නිකං නෙමෙයි.
සත්‍ය වශයෙන්ම ඔහු පසුගියදා තම හෘද සැත්කම සඳහා සිංගප්පූරුවට ගියේද ඒ නව ශ්‍රී ලංකාවේ පාස්පෝට් එකෙනි. ප්‍රශ්නය වන්නේ එකී නව ශ්‍රී ලංකා පාස්පෝට් එක නිකුත් කරද්දී ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර නොගෙන තිබියදී ලංකාවෙන් ඔහුට ‘ද්විත්ව පුරවැසියෙකු’ ය යන මුද්‍රාව නොමැතිව ශ්‍රී ලංකා පාස්පෝට් එකක් නිකුත් කර තිබීමයි. ලංකාව සෑම ද්විත්ව පුරවැසියෙක් සඳහාම නිකුත් කරන පාස්පෝර්ට් එකක දෙවන පිටුවේ මොහු ද්විත්ව පුරවැසියෙකි යන්න සඳහන් කරන නමුත් ගෝඨා අලුතින් ලබා ගත් පාස්පෝර්ට් එකේ ඒ බවක් සඳහන් කර නැත ඔහුට ඒ සඳහා රහසින් උදව් කර ඇත්තේ ස්වදේශ කටයුතු කියාගන්නා ප්‍රබලයායි. ඒ සඳහා ඔහුට විශාල මුදලක් ගෙවූ ව්‍යාපාරිකයා කව්ද? ඔහුට එවැන්නක් කිරීම සඳහා ප්‍රබලයා ලෙස අභිමතානුසාරී බලයක් තිබෙන බවද නීති විශාරදයෝ කියන නමුත් සදාචාරාත්මක අයිතිය නිසැක ප්‍රශ්නයකි. කෙසේ වෙතත් ගෝඨාට තමන්ට ඡන්දය ඉල්ලීමට ඇති හැකියාව ලෙස ඉදිරිපත් කිරීමට තිබෙන එකම නෛතික ලේඛනය එකී ගුවන් ගමන් බලපත්‍රය පමණි. එය ද වංගුවක් ගසා ලබා ගත් එකක් බව සහතික වන අතර ප්‍රබලයා කෙසේ වෙතත් එවැන්නක් අනීතිකව නිකුත් කළ නිලධාරියා ගස් යනු නිසැක ය.
පැමිණිල්ලක් ලද විටක විමර්ශනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය නම් පාස්කු බෝම්බයෙන් පසු එයට සම්බන්දයි සැක කටයුතු අය ගැන පැමිණිලි කප්පරයක් දීලත් ඒවාට මොකුත් තවම නෑනේ මොකද මේකට විතරක් නීතිය එඩිතර අනිත් ඒවාට නීතිය නැමිලද
මෙයාට ද්විත්ව පුරවැසිකම ඇති නිසා ගමන් බලපත්‍රයක් ගන්න බාධාවක් නැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික හරි නිල එකක් හරි දීලා නම්. මේ ගැන හොයද්දි 2005 ඡන්දෙ දුන්නේ කොහොමද හොයන්න. මෙයා විදේශ පුරවැසියෙක් ලෙස සිට ද්විත්ව පුරවැසි උනේ 2005 නොවැම්බර්.
එය කල යුතුමයි.
සාමාන්‍යයෙන් ද්විත්ව පුරවැසිභාවයක් සහිත පුද්ගලයකුට නව හැඳුනුම්පතක් ඉදිරිපත්කර ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට නීත්‍යානුකූලව පුළුවන. මෙය නව බලපත්‍රයක් ලබාගැනීමට හෝ කල් ඉකුත්වූ බලපත්‍රය අලුත් කිරීමේදී අනුගමනය කරන සාමාන්‍ය ක්‍රමවේදයයි. ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තිබේ නම් මෙහි කිසිඳු ගැටලුවක් නැත. මට හිතෙන ආකාරයට මෙය පොහොට්ටුවේ හොට්ටෝ විසින් කරන මැතිවරණ ප්‍රචාරණ සංදර්ශනයකි. මෙයට නොරැවටෙන්න. හැකිනම් කලයුත්තේ මොහුගේ ඇමරිකන් පුරවැසිභාවය අතහැර ඇත්දැයි නිශ්චිතව දැන ගැනීමයි.
අනේ මන්දා මෙච්චර බය ඇයි. දුකයි දැන්ම පරාජය පිළි අරන් හිරෙ දාන්නමයි උත්සහය. පව් එත් ජය නියතයි ..
එතකොට ගෝටාභයට ඉස්සර ලංකාවේ පාස්පෝර්ට් එකක් තිබිල නැද්ද. ගෝටාභය ඇමරිකානු පුරවැසිබාවය ලබාගන්නකොට ලංකාවේ පුරවැසිබාවය අත්හරින විදියටද අරන් තියෙන්නේ. සරලව ඇහුවොත් ද්විත්ව පුරවැසිබාවයක් නැ ඇමරිකානු පුරවැසියෙක් විතරද.
හරිම කාර්යක්ෂමයිනේ. සහරාන් පරික්ෂණත්, සාෆි පරීක්ෂනත් මේ වගේම කාර්යක්ෂම ඇති නේද? පහුගිය දවස්වල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොච්චර පැමිණිලි ආවද? ඒව විමර්ශනය කරල ඉවරද?
මේ රට අධිකරණ පද්ධතියතුල මෙයාට දඬුවම් දෙන්නේක හෝ රටට සාධාරණ ඉටු වේවි කියා විශ්වාස තබන්න බැහැ.
කොහොමත් වාරණයක් ගනීවි නඩුවක් දැම්මොත්. ඔහුගේ පොදු ක්‍රියාදාමය. නඩුවලට බය එතුමා නොවේද?
මොකක් හරි පටළවන්න තමයි දඟළන්නෙ. රටම විනාශ කරපු මේ පාලනය දන්නෙ ඔච්චර තමයි.
සමහරුන්ගේ නොදැනුවත්කම...ද්විත්ව පුරවැසිකම තියෙද්දී රටවල් දෙකේම පාස්පෝර්ට් ලබාගන්න පුළුවන්.
පුදන කොටම කාපී යකා ! පටන් අරන් තියෙන්නෙම සුපුරුදු හොරකමින් ! දැන්ම විමර්ශනය කරොත් අල්ල ගන්න පුළුවන්. නැත්නම් විමර්ශනය කරන එක්කෙනාට සුදු වෑන් එකේ රවුමක් යන්න පුළුවන්.
පුදුම බයක් තියෙන්නේ...
දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය මේකද? මේවා හැමෝටම පෙන්නේ ඡන්ද කාලෙට විතරද?
මොහුට භයෙන් රටේ නීති හා අපරාධ විමර්ශන අංශ කාර්යක්ෂම වෙච්ච තරම? බලයට ආවොත් මේ අංශ කොහොමට වැඩ කරාවි ද? හිතා ගන්නවත් බැහැ.
ගෝඨාභය මහතාට මෙච්චර බය ද ? චන්දෙ තියන්නකෝ. ඊට පස්සේ බලමුකෝ මිනිස්සු කැමති කාටද කියලා...
පලක් නැති දේවල් වලට නම් අපේ අයගේ විමර්ශන බොහෝම ඉක්මන්. අවශ්‍ය දේවල් ඔක්කොම යට ගහනවා. දැන් තේරෙනවනේ ඔක්කොම හසුරවන්නේ දේශපාලනයෙන් කියල.
මහින්ද මහත්තයා හදන්නෙ ගෝඨාභය මහත්තයව ඉස්සරහට දාගෙන කැම්පේන් එක ගහල අන්තිමට බැසිල් මහත්තයා දාන්න . මහින්ද මහත්තයත් ගෝඨාභය මහත්තයට කැමති නෑ.
හොඳයි හොඳයි ඔය ඔක්කොම හොයලා බලන එක හොඳයි. මොකද ගෝටා ජනාධිපති වෙන එක නවත්තන්න ඉතින් මේ වෙලාවෙ නම් කාටවත්ම බැහැනෙ.
එපා කියලා අමාරුවෙන් එළවපු අය දිහා බලන්න සිදුවීම අපේ ජයක් නොවේ.එය මේ රටේ අවාසනාවයි.
විදෙස් ගමන් බලපත්‍ර ගැන විමල් වීරවංශ මහතාගෙන් උපදෙස් ලබාගන්න.
ගෑවෙන තැන හොර වැඩක් තමයි. පාස්පෝට් හොර වැඩවලට පොහොට්ටුවේ අය කොහොමත් අති දක්ෂයි.
2005 ඡන්ද ලේඛනයේ නම දාලා තියෙන්නේ ග්‍රාම නිලධාරියා. එයා තමයි වැරදිකාරයා ලසන්ත, තාජුදීන් අමුඅමුවේ මැරුවේ මිනීමරුවෝ, එයාලා තමයි වැරදිකාරයන් දෙමව්පියන්ගේ සොහොන් කෞතුක සමාධි බවට පරිවර්තනය කෙරුවේ බාස්ලා, එයාලා තමයි වැරදිකරුවෝ. කීත් නොයාර් දඬුකඳේ ගැහැව්වේ, එක්නැලිගොඩ අතුරුදන් කෙරුවේ තව කට්ටියක්ලු, ඒ කට්ටිය වැරදිලු. මල්වානේ ඉඩම් මහජන මුදලින් අරගෙන රජයේ මුදලින් හැදුවේ මැතිණියකට වුණාට, වැරැද්ද බාස්ලා අතේ....
මෙයාලද? කලොත් හොර වැඩක් තමයි.
අලි පොහොට්ටු තට්ටු මාරු දේශපාලනයෙන් හැමදාම එකම කාසිය උඩ නොදාගන්න මෙවරවත් අත් මිදෙන්න බලමු. මේ හැමඑකාම තමන්ගේ මල්ල පුරවාගන්න තමයි බලන්නේ...
මට තියෙන පුදුමය ඔය ඝාතන ලිස්ට් එක එළියට එන්නේ ඡන්දයක් කිට්ටු වෙනකොට විතරයි. මෙතෙක් කල් පරීක්ෂණ කරන්න තිබුණානේ...
අවශ්‍ය වෙලාවට උම්බලකඩ කෑල්ල නූලක ගැටගහලා පරිප්පු හොද්දට දානවා වගේනේ... ඡන්දය කිට්ටු වෙනකොට තාජුදීන්ව වලෙන් ගොඩ අරගෙන ලසන්තගේ මරණ පරීක්ෂණය සුද්ද පවිත්‍ර කරගන්නේ..