(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට අධිකරණ බලයක් නොමැති යයි නියෝග කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති පෙත්සම් දෙකම විභාගයට නොගෙන ඉවත දැමීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) තීන්දු කළේය. මෙම නඩුව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබිණ.
මෙම අභියාචන පෙත්සම් විභාගයට ගැනීමට නීතිමය පදනමක් නොමැති බහුතර විනිසුරු මඩුල්ලේ තීරණය බවද පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති සිසිර ද ආබෲ මහතා කියා සිටියේය.
මෙම අභියාචනා පෙත්සම් සිසිර ද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලිණි.
ඞී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විරෝධතා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇත.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.
එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කෙරිණි.එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කෙරිණි.
එම විරෝධතාව පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළද , එයද ප‍්‍රතික්ෂේප කෙරිණි.එම විරෝධතාව ප‍්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ඉවත දමා අදාළ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට තමාට එරෙහිව නඩුව විභාගයට ගැනීමට අධිකරණ බලයක් නැතැයි නියෝග කරන්නැයි පෙත්සම මඟින් ඉල්ලා ඇත.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපිත නීතීඥ අලි සබ්රි මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් , ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් යන මහත්වරු පෙනී සිටියහ.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෝඨාගේ පෙත්සම් දෙකම විසිවෙයි
ශ්‍රී Wednesday, 11 September 2019 11:56 AM
කරනකලට පව් මීරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... ඉන්න හිටින්නට කවදත් සුවසේ.. නොකරන් වංචා කිසිදින මෙලෙසේ...
ලුම්බිණි Wednesday, 11 September 2019 12:17 PM
පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නිදහස් තීරන ගැනීම ලොකුදෙයක්...
nishaThursday, 12 September 2019 03:44 AM
මේක බෙදුණු තීන්දුවක් වීමෙන් පෙත්සම සඳහා නීතිමය පදනමක් තියෙන බව පැහැදිලියි.
rohana Wednesday, 11 September 2019 12:34 PM
ඔන්න ඔය වගේ කෙනෙක් තමයි රටේ නායකයා කරගන්න ලංකාවේ බත් කන බූරුවන් දඟලන්නේ...
mamiraWednesday, 11 September 2019 01:29 PM
තව නඩු 500ක් විතර තියෙනවා මෙයාට. අලුත්ම එක තමයි මිනී මෝරු ඇතිකිරීම සහ අතුරු දහන් වූවන්ට කන්නට දැමීම...
BamunuarachchiWednesday, 11 September 2019 02:11 PM
"ඔන්න ඔය වගේ කෙනෙක් තමයි රටේ නායකයා කරගන්න ලංකාවේ බත් කන ඈයො දඟලන්නේ..." ඇයි තුම්සේලගේ ආණ්ඩුව. තුම්සේලාගේ ස්වෛරී අධිකරණය. හැබැයි එහෙම ආණ්ඩුවේ එහෙම අධිකරණයේ තීන්දුවක් දුන්නාම නිදහස් වූ පුද්ගලයාට බනිනවා. මෙහෙම කොටළුවන් 62ක් මේ රටේ ඉන්නවා නේද? එක්කෝ බැනපන් ආණ්ඩුවට, නැතිනම් උගත් විනිශ්චය මණ්ඩලයට එහෙමත් නැතිනම් විත්තියේ නීතිඥයාට.... බනින්නේ නිදහස් වූ පුද්ගලයාට.. මේ ගොල්ලෝ පුත්තලමින් ගෙනාපු අය නොවෙයි කෙලින්ම බූරු දිවයිනෙන් ගෙනාපු කොටළුවන්...
MaheeThursday, 12 September 2019 02:03 AM
රෝහණ, අනේ ඔය පල්ලෙහායින් කොමෙන්ට් දාල තියෙන බමුණු ගැන දුක හිතෙන්නේ නැද්ද අප්පා? බත් කන බුරුවො ඉන්නවා කිව්වේ වෙන ලංකාවක් නේද? අනේ? හාට් ඇටෑක් හැදෙයි කියලා බය හිතෙනවා බමුණු අඬන හැටියට. බමුණු මහත්තයෝ, ඔබතුමා දුක් වෙන්න එපා. රටේ ඔක්කොම වළං හෝදන වහල්ලු නෙමෙයි නොවැ... ඔවුන්ට ඕනෑදෙයක් කියා ගත්තාවේ කියලා ඔබතුමා හිත හදාගන්න.
Sugath PremalalThursday, 12 September 2019 04:57 AM
රෝහණ ලංකාවේ වූ ලොකුම හොරකම මහබැංකු කොල්ලය ගැන කවුරුත් මොකුත් කියන්නේ නැහැ නේද? කොහොම නමුත් ස්වභාවධර්මය නියම හොරුන්ට නිසි දඬුවම් දේවි..!!!
sirimal Wednesday, 11 September 2019 12:48 PM
තව පෝය කීයද මේ පරිප්පුව කන්න වෙන්නේ නේද මහත්තයා? ඊට පස්සේ බලාගන්න පුළුවන් නඩු හබ විසඳන නියම අකාරය...
රුවන්Wednesday, 11 September 2019 01:49 PM
ඇයි පෝය කිහිපයකින් මොකද වෙන්නේ? ලෝක විනාශය වෙනවද? හීන දකින්න එපා...
BamunuarachchiWednesday, 11 September 2019 03:10 PM
මේ ඔහෙලගේ ආණ්ඩුව. අභියාචනා විනිශ්චය මඩුල්ලකින් පවා ඉවත දැමූ තීන්දුවට වක්‍රව විරුද්ධව කතාකරන්නේ නීතිඥයෙකු ගාව ක්ලවුට් කෙනෙක් හැටියවත් වැඩක් නොකළ උන්දැලා. ඕයි මේක උසාවි තීන්දුව තුම්සේලා මේ ගැන දන්නා බම්බුව මොකක්ද? පත්තරේ කියන දේ අහලා සූප්පුවක් උර උර බුදිය ගන්නවල්ලා. මෙයා සිසිරද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය මහත්වරුන්ටත් වඩා නීතිය දන්නවා වගේ කතාව...
sirimalWednesday, 11 September 2019 05:03 PM
ඔහෙලගේ ආණ්ඩුව? මොකද්ද අප්පා ඒ හරුපේ? තකතීරුකම කියන්නේ සුවකර ගන්න බැරි ලෙඩක් නොවේ.
Chanak los angelesWednesday, 11 September 2019 05:41 PM
තවත් පෙත්සම් දානවද? දැන් ඇතිනේද ඕවා දැම්මා. දැන් තිබෙන්නේ නඩුවට පෙනී ඉන්නයි.
චිත්‍රානන්දWednesday, 11 September 2019 11:36 PM
මිස්ටර් බමුණුආරච්චි, ඔබතුමා කියන දේ හරියට තේරෙන්නේ නැහැ. මොකක්ද කියන්න හදන්නේ? ගෝඨාභය කියන්නේ සුපිරි, අමිල චරිතයක් කියලද? එහෙම නැතිනම් අධිකරණය නිවැරදි නැහැ කියලද? එහෙමත් නැතිනම් ආණ්ඩුව මෙතැනදී වැරදියි කියලද? බමුණු මත නැතිව ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන්න. සිවිල් පුරවැසියෙක් වෙන්න. ඔබතුමා තවමත් ඡන්ද දායකයෙක් වගේ තමයි හිතන්නේ...
BamunuarachchiThursday, 12 September 2019 01:55 AM
ලොස් ඇන්ජලිස්... හලෝ නඩුවක් හැටියට විභාග වෙන්නේ පෙත්සම දැන් නඩුව ඔතැනින් ඉවරයි.
සැම් Wednesday, 11 September 2019 01:01 PM
මේ අයද මේ රටේ ජනාධිපති වෙන්න හදන්නේ? මහජන මුදල් හොරා කාලා ඒවා හොයන්න අධිකරණයට බලයක් නෑ කියන්නලු. මේ අය ඉස්කෝලෙකට පන්සලකට ගිය අයද? මොවුන්ගේ තර්කය වෙන්නේ රාජපක්ෂ පවුලටයි, වටේ ඉන්න ටයි දාගත්තු, සරම් ඇඳ ගත්තු අයට හිතේ හැටියට මහජන මුදල් කොල්ල කන්න ඉඩ දෙන්න ඕනෑ.
ATHULA Wednesday, 11 September 2019 01:04 PM
මෙන්න ආදර්ශමත් අනාගත නායකයා... මරුබඩුනේ අනේ දෙවියනේ රට උකස් කරලා නටපු නාඩගම්... රට ගොඩනගන්න නියම පොරවල්...
rani Wednesday, 11 September 2019 01:28 PM
විජිත් මලල්ගොඩ කියන්නේ මහින්දගේ ගෝලයෙක්...
Saman Wednesday, 11 September 2019 01:34 PM
කරන්න පුළුවන් ඔක්කොම උප්පරවැට්ටි ටික කාලා නඩුව විසිකරගන්න, වැඩක් වුනේ නෑ...නේද? දැන් පරාද වුනොත් යන්න රටකුත් නෑ.. ඇමරිකන් පුරවැසිකම ඇත්තටම අතහැරලා නම්..
Sena Wednesday, 11 September 2019 01:36 PM
භය නැති නියම නඩුකාරවරු ඉන්නවා තාමත්..
Susil Wednesday, 11 September 2019 01:38 PM
පව් දෙයියනේ.. මොන තරම් සල්ලියක් වියදම් කළාද මේක විසිකරවා ගන්න... ඕක තමයි කියන්නේ හොරකම් කළ සල්ලි ඵලදෙන්නේ නෑ කියලා...
chandra Wednesday, 11 September 2019 02:10 PM
මුරලි මෙයා ගැනද කිව්වේ?
ශ්‍රීWednesday, 11 September 2019 11:38 PM
හැකියාව සමඟ බුද්ධිය ලැබෙන්නේ කිහිප දෙනෙකුට පමණයි චන්ද්‍රා...
WasudewaThursday, 12 September 2019 01:47 AM
අනේ මේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයා කරගත්ත මෝඩ කමක්... බොරු වර්ණනා කරලා මහජනතාව රවට්ටන්න බැහැ.
Rata Perata Wednesday, 11 September 2019 04:59 PM
බය ගෝඨාගේ බය පේනවා නේද? තව එනවා ජනාධිපති වෙන්න. මේ වගේ අය පස්සේ යන වහල්ලුත් ඉන්නවනේ...
Chanak los angelesWednesday, 11 September 2019 08:35 PM
ගෝඨාගේ සැලසුම නඩුටික ඔහොම නවතාගෙන ජනපති වුණාට පසුව අන්ත්‍රස්ධාන කරවන්න. ඔහු බලය තිබුණු කාලේ හැසිරුණු ආකාරය සිහිකරගන්න කියා මම ජනතාවට මතක් කරමි.
Bamunuarachchi Thursday, 12 September 2019 01:58 AM
මොකද්ද අප්පා ඒ හරුපේ? එ්ක තමයි අර කොටළුවෝ 62 අතිකර ගත්ත තුම්සේත් වහල්කම් කරන යහපාලන ආණඩුව... දැන් හරුපේ තේරුණාද? ඕක මොලෙන් අනලාම කියලා දෙන්න ඕනේද?
athuraThursday, 12 September 2019 04:56 AM
බමුණා තමන්ගේ මොලේ කොලොප්පන් වෙලාද?
BamunuarachchiThursday, 12 September 2019 05:02 PM
බමුණාගේ මොලේ ගැන කතා එපා.. බමුණාගේ අදහසට විරුද්ධ අදහසක් ඉදිරිපත් කරන්න. එ්කයි මෙතැනට අවශ්‍ය... එහෙම කරන්න තරම් උගත්කමක්, හැකියාවක් නැහැ නේද?
Ruwan Thursday, 12 September 2019 02:25 AM
ඇයි බැරි තමන් නිවැරදියි කියලා කියනවා නම් මේ නඩුවලට බය නැතිව මූන දීලා ඔප්පු කරන්න. ගෝඨා පලිහ කරන් අනික් සෙට් එකත් බේරෙන්න දඟලන්නේ..
Don Thursday, 12 September 2019 02:32 AM
ලංකාවේ අධිකරණවලට ඇමෙරිකාවේ පුරවැසියන්ට විරුද්ධව නඩු අහන්න බැහැ කියල තමයි මෙයාගේ තර්කය...
kk Thursday, 12 September 2019 03:38 AM
යූඑන්පී, ජේවීපි අය හිතාගෙන ඇති දැන් ඔවුන්ට පුළුවන් සජිත්ව හරි, ලපයව හරි ජනාධිපති වෙන්න පුළුවන් කියලා...
athuraThursday, 12 September 2019 04:59 AM
ඔයා හිතන්නේ මෙතන අදහස් දාන ඔක්කොම තමුන් අර පවුලට කඩේ යනවා වගේ ඔයා කියලා තියන පක්ෂ දෙකට කඩේ යන අය කියලද?
Lion Thursday, 12 September 2019 03:59 AM
අම්මගේ, තාත්තගේ සොහොන් රටේ මිනිසුන්ගේ සල්ලි වලින් හදන කෙනා තමයි අපට වියත් මග කියාදෙන්නේ...
BamunuarachchiFriday, 13 September 2019 04:07 AM
එතකොට තුම්සේලාගේ සොහොන් ඉදිවෙන එක නැවැත්තුවා. එ්කගැන මොකද කියන්නේ? වියත් මග තුම්සේලාට කියාදෙන එකක් නොවෙයි. එ්ක රටේ උගත්, බුද්ධිමත් අයට කියා දෙන එකක්. තුම්සේලාට කියා දෙන්නේ පොල්පිති න්‍යාය. එජාපෙන් එන ඕනෑම පොල්පිත්තකට ඡන්දය දෙන්න. හරිද?
Mahinda Thursday, 12 September 2019 05:30 AM
නොදන්නා හඬ අහන්නේ හොරගොල්ලේ සමරේ.. හැදුවේත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද?
BamunuarachchiFriday, 13 September 2019 04:09 AM
දන්නා හින්දයි කියන්නේ මේ ස්මාරකේ හැදුවෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නොවෙයි.
rohana Thursday, 12 September 2019 07:10 AM
බමුණෝ එතකොට මංජු ශ්‍රී ව මරන්න හිරේ හිටපු 25 මරපු එක හරිද? බලන්ගොඩ පැත්තේ විෂ්ණු රූප කලා නිල මැණික් ගත්ත එක හරිද? වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සුන්ට වෙඩිතියපු එක හරිද අනේ?
BamunuarachchiFriday, 13 September 2019 04:03 AM
හරියට හරි...
සෙනෙවිරත්න Friday, 13 September 2019 09:09 AM
මෙතුමා කිසිම විටෙක සොහොන් හදපු එක වැරදියි කියන්නේ නැහැ. චෝදනා වැරදි කියලා නඩු කල්දාන්න උප්පරවැට්ටි දානවා අනේ... මෙයාගේ වියත්මග පල්හොරු, කබ්රාල් ගොඩහේවා...
BamunuarachchiMonday, 16 September 2019 05:03 AM
මෙහෙමත් අය ඉන්නවනේ.....
lalithm Monday, 16 September 2019 07:12 AM
වියත්මග කියන්නේ හොර නඩයක් වගේ පෙනෙන්නේ. බොහෝදෙනෙක් මොනවා හෝ චෝදනා තියෙන අයවලුන්. මමත් රතුපස්වල හින්දා වදවිඳින කෙනෙක්. අපේ හොඳට තිබුණු ළිංවල වතුර බොන්න බැරිව ගියා. ඒ කාලේ එක මන්ත්‍රියෙක් කිව්වා ඕක විපක්ෂයේ බොරු චෝදනාවක් කියලා... තවමත් එකඑකාට කඩේ යන එක කණගාටුවට කරුණක්. තමන් නිවැරදි නම් චෝදනා වලට මුහුණදී නිවැරදි වෙන්න...