IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගාල්ල වරායේ බර කිරීම ඇහැට පේන හැටියට

(ජේ.කේ.එල් චාමින්ද)

ගාලු වරායට නෞකා මගින් රැගෙන එනු ලබන ක්ලින්කර් ඇතුළු භාණ්ඩ වල බර කීරිම සඳහා යොදාගනු ලබන තරාදිය දැනට වසර හතරක පමණ  කාලයක සිට සවිකර නොමැති බව ගාලු වරායේ වෘත්තිය සමිති නිලධාරිහු පැවසූහ.

මේ බව සොයා බැලීමට වරාය සංවර්ධන රාජ්‍ය ඇමති කනක හේරත් සහ ඇමැති රමේෂ් පතිරණ යන මහත්වරු ගාලු වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

වරාය වෘත්තිය සමිති නියෝජතයින් විසින් මෙම තරාදිය පිළිබඳ ඇමතිවරුන් දැනුවත් කළ අතර ලොරි රථ පිටින් ක්ලින්කර් කිරීම සඳහා යොදාගන්නා විශාල තරාදිය අලුත්වැඩියා කර ඇතත් වරායේ සවිකර නොමැති බවද වෘත්තිය සමිති නිලධාරිහු ඇමතිවරුන්ට පෙන්වා දුන්හ. 

මෙය ටොන් 100 ක පමණ බර කිරීමට හැකි විශාල තරාදියක් බවත් තරාදිය නොමැති නිසා බර කිරීමේ කටයුතු සිදුකරනු ලබන්නේ ඇස්මට්ටමින් බලා බවත්  ඔවුහු පැවසූහ.

මෙම තරාදිය කඩිනමින් වරාය තුළ ඉදිකරන ලෙස ඇමතිවරුන් දෙදෙනා එම අවස්ථාවේ බලධාරින්ට උපදෙස් ලබා දුන්හ.

මීට පෙර වරායේ තිබූ තරාදිය 2004 වර්ෂයේදී විනාශ වී ඇති අතර නැවත 2005 වර්ෂයේ දී කොළඹ වරායෙන් පැරණි තරාදියක් ගෙනවිත්  එය අලුත්වැඩියාකර සවිකර ඇත.

2014 සහ 2015 යන වර්ෂවලදී  ගාලු වරාය සංවර්ධන කිරීමේ දී මෙම තරාදිය තිබූ ස්ථානයෙන් ගලවා ඉවත්කර ඇත. ඉන්පසු මේ දක්වා මෙම තරාදිය ගාලුවරායේ ඉදිකර නොමැති  බව වරාය වෘත්තිය සමිති නියෝජිතයෝ පැවසූහ.

මේ පිළිබඳව ගාල්ල වරායේ උසස් නිලධාරියකු මෙසේ පැවසීය.

      ‘‘මෙම තරාදිය සවිකරන ස්ථානය ගැන පසුගිය කාලයේ විවිධ  ප්‍රශ්න තිබිලා තියෙනවා. ඇස්මට්ටමින් බලා බර කිරන්නේ නැහැ.එක බොරු කතාවක්  නෞකාවකට ක්ලින්කර් පටවන්නේ කිරලා. නැවත අවස්ථා දෙකකදී පමණ  අතරමග දී පරීක්ෂා කිරීම් සිදුවෙනවා.  නෞකාවකට භාණ්ඩ පැට වූ පසු ගණන් හදන ක්‍රමයක් තියෙනවා. නෞකාව මිලිමීටර් කියක් ගිලිතියෙනවාද  නෞකාවේ බර අඩුකරලා උඩුපුම තෙරමකුත් එක්ක තමයි ගණන් බලන්නේ.

මේ තරාදිය කඩිනමින්  සවිකිරිමට  අවශ්‍ය සැලසුම් කරලා තියෙනවා. අවශ්‍ය කොන්ක්‍රිට් ඇණවුම් කරලා තියෙනවා. මේ තරාදිය 2005 සිට 2015 දක්වා  අවුරුදු 10ක්  එක දිගට  ප්‍රයෝජන ගත්තා. 

මේ තරාදිය නැවත සවි කිරීමේ දී  යම් ප්‍රමාදයක් වි තිබුණත් තරාදිය නැවත සවිකිරීම  සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකර තිබෙනවා‘‘ යැයි එම නිලධාරියා පැවසීය.



අදහස් (3)

ගාල්ල වරායේ බර කිරීම ඇහැට පේන හැටියට

janaka Monday, 27 January 2020 03:26 AM

මෙහෙමත් නිලධාරින්. ගලවලා ඉවත්කරනන් පුළුවන්.., අලුත්වැඩියා කරපු එක සවි කරන්න අවුරුදු 5ක් ගතවෙලාත් තවමත් බලිවෙලා. මේ රොත්තම අල්ලලා හිටපු වරාය ඇමති සහ නියෝජ්‍ය ඇමැතිත් හිටපු ලේකම් වරුත් එකපොදියට මුහුදේ ගිල්වා මරාදැමිය යුතුයි. මේ රොත්ත පසුගිය අවුරුදු 5ට කොයිතරමක් හොරකම් කරන්න ඇතිද කියලා හිත ගත්තැහැකියි.

:       1       26

lalithm Monday, 27 January 2020 05:20 AM

තව අලුතින් පින් පඩි කාරයින් පත්කරන්න ඕනේ. තව මදි. ඒ අයව අධීක්ෂණයටත්, තව උපාධිධාරීන් කීයක් හරි පත්කරන්න ඕනේ... ඔය සිංහල, පාලි වගේ විෂයයක් ඉගෙන ගත්තා...

:       0       6

Jeewaka Monday, 27 January 2020 06:45 AM

ඇස් මට්ටමෙන් බර කිරන්න අපේ වරායේ වැඩ කරන්නේ එර්දී බලෙන්ද? ඒකට තමයි කොන්ටිටි සර්වේ කියලා එකක් තියෙන්නේ. වෙයිට් බ්‍රිජ් එකක් නැතිව කොන්ටිටි සර්වේ එකකින් බලාගන්න පුළුවන් කාර්ගෝ ප්‍රමානේ කොයි තරමක්ද කියන එක ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site