තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව නියම කළේය.
අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
තීන්දුව දෙමින් විනිසුරුවරු සඳහන් කර සිටියේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා 4 කට උන්වහන්සේ වරදකරු කරන බවයි.
ඒ අනුව මෙම දඬුවම් නියම කළ අභියාචනාධිකරණය මෙම තීන්දුව පිළිබඳව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත දැනුම් දෙන මෙන්න නියම කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී වගඋත්තරකරු ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ උන්වහන්සේ අසනීප වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
COMMENTS
ගරු අධිකරණයේ තීන්දුව හුදෙක් රටවැසියාගේ සතුටටම කාරණයක්.
ජාතිවාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම ගැන සන්තෝසයි....
දැන් නීතිය හොඳින් ක්‍රියාත්මක වන බව පේනවා. මේ රට හදන්න නම් වැරදි කාරයින්ට උපරිමයෙන් දඬුවම් දිය යුතුයි.
සමහරු අසනීප වෙන්නේ බන්ධනාගාරයට ගියාට පස්සේ. තවත් සමහරු අසනීප වෙන්නේ තීන්දුව දෙන දාට.
මහේස්ත්‍රාත් උසාවියෙන් ලැබුණ මාස 6 ගෙවලා දැම්ම නම් ඉවරයිනෙ. නීතිඥයින්ගෙ උපදෙස් අරගෙන ඇපීල් කරල දඩුවම දොලොස් ගුනයකින් වැඩි කරගත්ත. දැන් කරන්න තියෙන්නෙ සුප්‍රිම් උසාවියට ඇපීල් කරල බැරි උනොත් ජනාධිපති සමාව ලබාගන්න එකයි.
බලමු රංජන් රාමනායකගෙ කේස් එකේදිත් මෙහෙම වෙයිද කියලා
වෙනත් කිසිම අපරාධයක් හෝ අපරාධකරුවකු සම්බන්ධයෙන් නිසියාකාරව සහ අධි වේගයෙන් ක්‍රියාත්මක නොවන ලංකාවේ නීතිය, බෞද්ධ ස්වාමීන් වහන්සේලාට විරුද්ධව පමණක් අකුරටම, ඕනෑවටත් වැඩියෙන් සහ අසුරු සැනින් ක්‍රියාත්මක වන්නේ කුමන හාස්කමකින්ද යන්න සොයා බැලීම වැදගත්.
අනෙකුත් සිරකරුවන්ව ආරක්ෂා කරගැනීමේ වැඩ පිළිවෙලක් අවශ්‍යයි. එසේ නොමැති වුවොත්, බන්ධනාගාරය තුලත් ප්‍රශ්න ඇති විය හැකියි.
ඥාණසාර හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය අනුමත කරන්න හෝ පිලිගන්න බැරි නමුත් අදාල චෝදනාව සම්බන්ධයෙන් දී ඇති තීන්දුව පමණට වඩා බරපතළ බවයි අපගේ අදහස.
පක්ෂ, ආගම්, ජාති භේදයක් නැතුව මේ ප්‍රශ්නය දිහා බැලුවාම, කල වරද සහ ඊට ලැබුන දඬුවම සාධාරණයි . එස් බී අධිකරණය විවේචනය කරලා වසර දෙකකට ගියානම් , නොදැනුවත්ව මොබයිල් එක රිං උන කෙනෙකුත් බන්ධනාගාරගත කරනවානම්, අධිකරණය තුලදීම අධිකරණයට අභියෝග කල කෙනෙක් (මෙතනදී පුද්ගලයාගේ තරාතිරම වැදගත් නැහැ ) හය වසරකින් බේරුනා හොඳටම ඇති .
රටට ගිය කලක්, අනගාරික ධර්මපාල තුමා කිව්වා කතා , ඇත්ත වෙලා. තාම පාට කන්නාඩි වලින් බලලා අන්දවෙලා. දෙන්න එන පාරත් ඡන්දෙ මේ මහත් වරුන්ට.
අවුරුදු 6 ම රෝහලට වෙලා ඉන්න අපේ හාමුදුරුවනේ ....
නීතිගරුක පුරවැසියන් වශයෙන් රටේ ඉහළ අධිකරණ තීන්දුවට හිස නමා ආචාර කළ යුතුයි. ඊට එකඟ නොවේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් අවශ්‍ය අයෙකුට ප්‍රතිපාදන තිබෙනවා. මෙවැනි වරදකට දඬුවම් නොලැබුණා නම් රටේ ගරු අධිකරණයයි හෑල්ලුවන්නෙ. එකම ගැටළුව ඥානසාර හිමිට එරෙහි නඩුවෙ දි ඉතා කර්යක්ෂමව පැමිණිල්ල මෙහෙයවන රජයේ නීති බලධාරීන් වෙනත් නඩුවල දී එසේ ක්‍රියා කිරීමට මැළි වීමයි. එය ගරු අධිකරණයේ වරදක් නොවෙයි.
අධිකරණයට ගල් ගහපු මිනිස්සුන්ට මොකද වෙන්නේ දැන් ? බලමුකෝ පාලිත තෙවරප් පෙරුමට , රන්ජන් රාමනායකට, රටේම නීතියට තර්ජනය කල විජය කලාට මොකද වෙන්නේ කියලා.
හිරේ ඉන්න ඥානසාර හිමි එළියේ ඉන්න ඥානසාර හිමිට වඩා බලවත් විය හැකිය.
ඔබ දන්නවාද රන්ජන් රාමනායක නඩුව සහ මෙම නඩුව මොන තරම් වෙනස්ද කියලා?
නීතිය අනුව උන් වහන්සේ වැරදිකරුවෙක්. මේ නීතිය අනුව මිගෙට්ටුවත්තේ ගුණානන්ද , හික්කඩුවේ ශ්‍රී සුමංගල වගේ හාමුදුරුවොත් වැරදිකරුවෝ. ගොඩක් අය සතුටු වෙන්නේ මුන් වහන්සේව ඇතුලට යවපු එක ගැන විතරයි. ඔය සතුටු වෙන අයගේ තාත්ත අයිය මල්ලි කෙනෙක් බුද්ධි අංශයේ සේවය කරලා රට වෙනුවෙන් ගත්තු තීන්දු තීරණ වෙනුවෙන් හිරේ යද්දී කොහොම වේදනාවක් දැනෙයිද ?
S B ට වගේම නීතිය හරියට ක්‍රියාත්මක වීම අපේ රටේ නමට හොදයි. තව වැඩ වර්ජක සංගමයක ලොකු මහත්මයකු කොටුවේ දුම්රිය පොළ ලගදී උසාවිය විවේචනය කලා. බලමු එකට මොකක් වෙයිද කියලා.
ලංකාව කියන්නේ බෞද්ධ රටක්... මේ වගේ බෞද්ධ රටක මේ වගේ හැසිරෙනකොට අනිත් ආගමික නායකයින්ගෙන් දෙන්න පුළුවන් ආදර්ශය කුමක්ද? අපේ රටට, ජාතියට මේ වගේ දේවල් වෙනකොට අපේ බුදුදහම අසරණ වෙනවා. මගේ හැගීම කාටවුණත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ලංකාව හැමපැත්තෙම්ම අසරණවෙලා තියෙන රටක්. මේ රට ගොඩ ගන්න නම් විශාල කැපවීමක් කලයුතුයි. මේ රට හැදෙන්නේ එතකොටයි.
රනිල්ගේ ඥාති පුත්‍ර රන්ජන් රාමනායකට මොකද වෙන්නේ කියලත් බලමු නේද...?
සිංහල ජාතිය වෙනුවෙන් පෙනීසිටින මෙම හාමුදුරුවන් රැකගනිමු...
හාමුදුරුවෝ ආවේගශීලී වැඩියි. චීවරයට නොගැලපෙන විදිහටයි හැසිරෙන්නේ... දේශපාලනය ගාවගත්තේ නැතිනම් කොච්චර හොඳද? රනිල් , මහින්ද එකතුවෙලා හැමදෙනාටම බලයේ ඉඳගෙන හරි රට හදන්න ඕනේ... නැතිනම් මේ රට නැති වෙනවා. බලයට කෑදරකමේ සැරින් සැරේ සුළු ජාතියට ඕනෑ විදිහට පාලකයෝ නැටවෙනවා. බලයට කෑදරකමේ සැරෙන් සැරේ සුළු ජාතියට ඕනෑ විදිහට පාලකයෝ නැටවෙනවා. කොහෙත්ම සිංහල ජාතියට හිත උණුවෙනවා. ඒ ආගමත් එක්ක ආපු කාරණාවක්.. ඒක නිසා සුළු ජාතියට අසාධාරණයක් වෙන්නේ නැහැ. එහෙම වුණානම් මේ වගේ මේ වගේ දඟලන ජාතිවාදය අවුස්සන්න වැඩ වෙන්නේ නැහැ. හැබැයි දැන් හාමුදුරුවෝ දස සීලයවත් රකින්නේ නැහැ. තමන්ගේ ශාසනය හදන්නයි ඕනේ... මොනවා වුණත් වචනෙකට හිරේ දාන්න තරම් ලංකාවේ නීතිය ප්‍රබල නම් ඇත්ත කියපු රන්ජන්වත්, ත්‍රස්තවාදී ප්‍රකාශ කරපු විමල්ටත්, විජයකලාටත් මේ දඬුවම දෙන්න ඕනේ නේද?
මෙය තනිකර හිතාමතාම සිංහලයන් ප්‍රකෝප කිරීමට තවමත් මහින්දට කඩේ යන විනිසුරුවන් ලබාදුන් නින්දිත දඬුවමක්... ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් දඬුවම් රාජපක්ෂලාට හෝ එම පෙරමුණේ ප්‍රබලයින්ට නොදී දිනෙන් දින නඩු කල්දමමින් කල්මරන්නේ ඔය විනිසුරුවන්... මෙය තනිකරම රට රජය අපකීර්තියට පත්කිරීමක්...
විදේශ ආක්‍රමණිකයන්ගෙන් හා මිනීමරු ප්‍රභාකරන්ගෙන් වත් සිදු නොවුණු තරමේ හානියක්, සමහර චීවර ධාරීන්ගෙන් මේ උතුම් සම්බුද්ධ ශාසනයට සිදුවුවා. බුදුදහම විකෘත්ති කරමින් රටේ සාරධර්මද ඔවුන් විනාශ කළා. ඒ සාහසික අපරාධය සිදුකළ අය හිරේ විලංගුවේ වැටීමෙන් පමණක් නොනැවතී, මේ සසර තුළම අපාගත වෙන බව තමයි මගේ නම් හැඟීම...
මෙහෙම නීතිය ක්‍රියාත්මකවීම ගැන අපි හුඟක් සන්තොස වෙනවා. එත් මේ ක්‍රියාත්මක නීතියට විරුද්දව පාරට බැහැල උද්ගෝෂණ කරන අයටත්. මේ නීතිය ක්‍රියාත්මක වෙයිද... ?
කඩහපොල හාමුදුරුවෝ සහ වාරියපොළ සුමංගල හාමුදුරුවොත් හිරේ යන කාලයක් මේ. හෙන්රි පේද්‍රිස් හිටියනම් එයත් හිරේ. දොන් ජුවන් ධර්මපාලට රටගියාම පස් යොදුන් කෝරලේ පස්දුන් රටවුනේ පස්දීපු නිසා කීවලු. ඉතින් අපි හැමෝටම ඒ කටින් කියන දේ අහන් ඉන්න බැරිනම් හිරේ පලයවූ කියාවි.
උසාවියට අපහාස කරාම ඒ නඩුව ඒ උසාවියෙන්ම අහන එක හරිද?
ඉදිරියේදී පාන්සකූලය දෙන්න කෙනෙක් සමහර උදවියට ඉතුරු නොවනු ඇත.
අධිකරණය ජනතාවට අපහස කලාම ???? වැරදි තීන්දු දුන්නහම ??
ඉතාම ඉතාම බරපතල තීන්දුවක් කුමක් හෝ ඉතාම හැංගුණු අරමුණක් මෙතන නැද්ද අර අරයගෙ නඩු මාසේ 6 කටත් වඩා එහාට කල් දැම්ම මේක ඉතාම ඉක්මනින් අහල තීන්දුවත් දුන්න මහජනයා තුල රජය කෙරෙහි තව තවත් කලකිරීමක් ඇතිවෙන්නද පාලකයනි හොඳට ඇස් ඇර බලනු මැන.
නඩුකාරයෝත් මනුෂ්‍යයෝය. එබැවින් ඔවුන්ගේ තීරණත් වැරදි විය හැක.
නීතිය ක්‍රියාත්මක වීම හොඳයි. නමුත්, අපේ රටේ සමහරක් ප්‍රබලයන්ට තිබෙන නඩු ඇස් ඉදිරිපිටම කල් යනවා. තව සමහරකගේ නඩු ඉතා ඉක්මනින් අසා නිම වෙනවා. එමනිසා සැමට නීතිය එකසේ ක්‍රියාත්මක වෙනවද යන්න සැක සහිතයි.
කුණුහරුප කියන චීවරයට අගෞරව කරන අය ඇතුලේ ඉන්න එකමයි හොඳ...
කොහොම නමුත් අධිකරණයේ තීන්දුවට මම ගරු කරනවා. නමුත් විජයකලාගේ ප්‍රශ්නේ යන්නේ මොන විදිහටද කියලත් අපි අවධානයෙන් සිටිය යුතුයි.
සිල්වත්ව බෞද්ධ දර්ශනය අනුව කටයුතු කරන්න බැරි අය මහණ නොවී සිටියනම් හොදයි.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඔතන ඉන්න වෙන්නේ අවුරුදු 2 යි. ඒ ගැන සැකයක් හිතන්න එපා. සිංහල බෞද්ධ අපි ඔබ වසන්සේ සමගයි.