(වසන්ත චන්ද්‍රපාල)
 
අම්පාර  කල්මුණේ  පොලිස් බල ප්‍රදේශයේ සයින්දමර්දු  ගම්මානයේදි ගජමුතු තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනිමට කල්මුණේ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් සමත් වි තිබේ.
 

සයින්දමර්දු  පාසලක් ඉදිරිපිට සැකකටයතු පුද්ගලයින් දෙදෙනෙකු සිටින බවට පොලිස් බුද්ධි අංශ නිළධාරින් ගෙන් ලැබුණු  තොරතුරක් මත පොලිස් නිළධාරින් විසින් මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදි මෙම ගජමුතු හමුවි තිබේ.
 
 සැකකරුවන් සමඟ ඔවුන් ගමන් කළ  යතුරු පැදියද පොලිස් නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
 
මෙසේ අත් අඩංගුවට  සැකකරුවන් දෙදෙනා අද ( 09)  කල්මුණේ  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස 24 වැනි  දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස   කල්මුණේ  මහේස්ත්‍රාත් අයි.එල්.රිස්වාන් මහතා නියෝග කර තිබේ.
 
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතවුයේ අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකු වන අලිප්තා තම්බි මොහමඩි හස්නි අවුරුදු 30,සහ මීරා මුහඩීන් මොහමඩ් සලීම් 39 යන් පුද්ගලයින් දෙදෙනෙකි.