(රොමේෂ් මධුෂංඛ සහ අතුල බණ්ඩාර)
හිටපු පොලිස් පරික්ෂකවරයෙකු සමඟ තවත් පුද්ගලයකු ගමන් කරමින් සිටි සුඛෝපභොගී මෝටර් රියක් පරික්ෂා කිරීමේදී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා සමඟ මැදවච්චිය පොලිස් මාර්ග බාධකය අසළදී අද (22) සවස අත්අඩංගුවට ගෙන ඇත.
මැදවච්චිය පොලීසියට ලැබුණූ තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් හදිසි මාර්ග බාධක යොදා සිදු කරන ලද සෝදිසි පරික්ෂාවකදී සුඛෝපභෝගී මෝටර් රථය මන්නාරමේ සිට මැදවච්චිය හරහා අනුරාධපුරයට ධාවනය වන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෙම රථය පරික්ෂා කිරීමේදී එහි තුළ සඟවා තිබූ කේරල ගංජා කිලෝ 138ක් තිබී සොයාගෙන ඇති අතර තවද කාර් රථය තුළ තිබී පොලිස් නිලඇඳුමක්ද සොයාගෙන ඇත.
එම අවස්ථාවේදීම කාර් රථය පැදවූ පොලිස් පරීක්ෂකවරයා සමඟ තවත් අයෙකු අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලීසිය පවසයි.



2025 දෙසැම්බර් මස 18
645
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා සමඟ හිටපු පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
sarath Thursday, 23 May 2019 02:16 AM
සල්ලි වලට මිනිස්සුන්ට වස පොවන උන් ව වෙන දුපතක්ට පිටුවහල් කරන්න ඕනේ