(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)
මේ අවස්ථාවේ ව්‍යවස්ථාවක් සෑදීමට වඩා රටේ වෙනත් ප්‍රශ්න තිබෙන බවත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි තම සංඝ සභාව තීන්දු කළ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනු නායක බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ.
අද(22) කෝට්ටේ රජමහා විහාරයේ දී එම සංඝ සභාවේ කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමෙන් පසු ඒ හිමියෝ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසූහ.
‘‘කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි සංඝ සභාව රැස්වී ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කළා. මෙහි ඇති සමහර දේවල් ගැන අපි පොදුවේ ප්‍රකාශයක් කරනවා. අපේ සංඝ සභාව ඒකමතිකව තමයි දැනට ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පත ඉවත් කළ යුතුයි කියන්නේ.
මහා නායක හිමියනුත් අපේ ඒකමතික තීරණයට අනුමැතිය දෙනවා. සංඝ සභාවේ තීරණයක්. අපිට දේශපාලනයක් නෑ. රට පිළිබඳ ප්‍රශ්නයක් ආවාම අපේ මතය මීට පෙරත් ප්‍රකාශ කර තිබෙනවා. අපි පැහැදිලිවම කියනවා මේක කෙටුම්පතක්වත් පනතක්වත් නොවන බව දන්නවා. නමුත් කෙටුම්පතක් හදන්න යෝජනා මාලාවක් මේ තියෙන්නේ. හදන්න ඉස්සරවෙලා අපේ අදහස් පළ කළේ ඒවා ප්‍රයෝජනයට ගන්න. මේ වෙලාවේ ව්‍යවස්ථාවක් අලුතින් හදන්න යන එක කාලෝචිත නෑ.
උතුරු නැගෙනහිර පළාත්වල සිටින ජනතාවට තිබෙන ප්‍රශ්න ගැටලු වෙනම අප විසඳිය යුතුයි. ඒක කවුරු බලයේ හිටියත් කළ යුතුයි. ඒක ව්‍යවස්ථාවේ වාක්‍ය දෙක තුනකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ප්‍රශ්න විසඳන්න කියලා ව්‍යවස්ථාවක් හදන්න ගියොත් තව ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. රටේ තව කොතෙකුත් ප්‍රශ්න තිබෙනවා. ඒවා විසඳන්න කටයුතු කළ යුතුයි. ව්‍යවස්ථාවේ අඩු පාඩු තිබෙනවානම් ඒවා හදගත යුතුයි.‘‘ යැයි ද උන්වහන්සේ කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ කට්ටිය සිංහල තේරෙන්නේ නැහැ වගේ වැඩ කරන්නේ?
රටේ ව්‍යවස්ථාව ගැන කතාකරන්න පෙර තමන්වහන්සේලා අතර ඇති නිකාය, දේශපාලනය, කුල භේද ඉස්සෙල්ලම විසඳා ගන්න.
මේ සේරම මහින්දට කඩේ යන ජාතිවාදියෝ. සමහරවිට සිංහලයාගෙන් දානෙත් නැති වෙන පොටක් නිසා ව්‍යස්ථාව භීතියක් මවනවා. නව ව්‍යස්ථාවක් එපා කියලා ආණ්ඩුව ගැන බොරු අප්‍රසාදයක් ඇති කරන්නේ මේක දැකපුවත් නැති අයයි.
රට යන අත එතරම් හොඳ නැත.. අාගමික නායකයින් මෙසේ දේශපාලනය කිරීම එතරම් යෝග්‍ය නොවේ. මෙසේ රාජ්‍ය පාලනයට අත පෙවීම යනු ලංකාව මූලධර්මවාදී ලක්ෂණ ඇති රාජ්‍යයකට ගමන් කිරීමේ පෙර නිමිත්තක් .
මේ හදන්නේ මෙරට ගොඩනගන එක නවත්තන්න. මේ කරන්නේ බඩේ ඉන්න ළමයට හඳහන් හදන එකයි.
ව්‍යවස්ථාව මොනවගේද කියලවත් දන්නේ නැතුව ඇයි අපි මේ කලබල වෙන්නේ? එසේ නැතුව ව්‍යවස්ථාවට ඇතුලත් වියයුතු සංශෝධන, යෝජනා ආදිය ඉදිරිපත් කිරීම නේද වඩා උචිත?
දේශපාලනය කරන්න ඕනෑනම් සිවුර පැත්තක දාලා ඡන්දය ඉල්ලන්න. නැතිනම් තමන් නොදන්නා දේවල් කතා නොකර ඉන්න.
බුදුන් තෙවරක් වැඩි මේ දේශය ,දේශයේ මුර දේවථාවන් සිටින තාක් කල් මේ සිංහල ධර්මද්වීපයට හිවලුන් කෙල හැලුවට තාමත් සිංහයින් සිටින බවයි මෙයින් තේරෙන්නෙ හිටං
වැඩි දෙනෙක් ලංකාවේ ඉතිහාසය දන්නේ නෑ.රටේ අතිශයින් භයංකාර අවස්ථාවල මහා සංඝයා ඉදිරි පත් වුනා. .මේක ගතවූ වසර 2500 තුලම සිදුවූ දෙයක්.එකෙන් තමයි රටේ ඒකීය භාවය ආරක්ෂා වුනේ.බන භාවනා කර කර ඉන්න එකම නොවෙයි ලංකාවේ මහා සංඝයා වහන්සේලා කලේ.
කමල් , ශ්‍රීමාල් ඔයාලා වගේ පක්ෂග්‍රාහී අය නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. එක එක්කෙනාට කඩේ යන්නේ නැතුව හරි මොකක්ද? වැරදි මොකක්ද කියලා කියන්න තරමට ඔයාලගේ කොදු ඇට පේලිය ශක්තිමත් කරගන්න. 1815දී ඔයාලා හිටියා නම් වාරියපොළ සුමංගල හාමුදුරුවන්ටත් කියාවි ආගමික නායකයින් දේශපාලනය කරන්න හොද නැහැ සුද්දගේ කොඩිය බිම දාන්න කලින් සිවුර පැත්තක දාලා එන්න කියලා.
දැන් තියන ව්‍යවස්ථාව ඉතාම හොද ව්‍යවස්ථාවක් මේ වෙලාවේ හැටියට, ලංකාව ඒකීය රටක් විදිහට ව්‍යවස්ථාවේ තියෙන නිසා කිසිම කෙනෙකුට රට දෙකඩ කරන්න බැහැ. මොන දේ කරන්නත් රටක් තියෙන්න ඕනෑ. ජනාධිපති බලතලත් එසේම තිබිය යුතුයි. ඉතාම හොඳ තීරණයක් ඔබවහන්සේලාට හිසනමා ආචාර කරමි.
අනේ හාමුදුරුවනේ ජනවාරි 8 වෙනිදා ලක්ෂ 62 ක් ඡන්දෙ දුන්නේ ඒකාධිපති විධායක ජනාධිපතිධූරය නැති කරලා පාර්ලිමෙන්තුවට බලය පවරන්න තමයි. ඒක කරන්න අලුත් ව්‍යවස්ථාවක් නැතුව බෑ නේද?
ව්‍යවස්ථාව හදන අන්ට පඩි ගෙවලා තියෙන්නේ ඒකට පක්ෂව පත්තර වලට අදහස් දාන්නත් එක්කයි.
රටේ මිනිස්සුන්ට ව්‍යවස්ථාවක් නෙවෙයි... එදා වේල කන්න නැතිව ඉන්නේ.
ව්‍යවස්ථාව නෙවේ... අපිට ඊට වැඩිය ලොකු ප්‍රශ්න තිබෙනවා.
මේ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය හොදයි කියලද ...අහෝ දුකකි
නව ව්‍යවස්ථාවක් ගෙන ඒම, විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම, ස්වාධින කොමිසම් ඇති කර රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම ආදිය මේ රජය මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු වේ. ඉතින් බහුතර ජනතාව එය අනුමත කර තිබෙනවා.
අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැවතීම පිළිබද බරපතල ප්‍රහේලිකාවක් තියෙනවා. බහුතර ජනමතය තුට්ටුවකටවත් මායිම් නොකරන තත්වයක් තමා තියෙන්නේ...
බෙල්ලන්විල විමලරතන හිමියෝ හොඳ කෙනෙක් ලෙස පෙනුනට අනෙකුත් අය සිටින වැඩි පැත්ත ගැනීම හරිද? "යෝජනා මාලාවක් මේ තියෙන්නේ. මේ වෙලාවේ ව්‍යවස්ථාවක් අලුතින් හදන්න යන එක කාලෝචිත නෑ." බුදු හාමුදුරුවෝ කියලා තිබෙන්නේ ප්‍රශ්නයට විසදුම් දීම කල් දමන ලෙසද? ජවිපෙ 71, 88, එල්.ටී.ටී.ඊ. නිසා තරුණ මරණ ගණන? නැවත තරුණයින් මරමුද? ප්‍රශ්නයට විසඳුම් දී තරුණයින් ජීවත් කරමුද?
එන්ජීඕ වලින් යැපෙන සහජීවන කුලී ඇම්බැට්ටයෝ භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ දඟලනවා දැක්කහම අනේ කියල හිතෙනවා. හා නැද්ද?
බැලුවෝ 3389 යි අන්ලයික් 15730 යි...
අරහත් ධජයේ සෙවන මෙරට සියලු ජනතාවට පමණක් නොව සියලු සත්වයාට ශාන්තිය සැලසු බව ශිෂ්ට සම්මත ලෝකයාගේ පිළිගැනීමයි. ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය, ලංකාව බව පිළිගන්න මුළු ලෝකයේම බෞද්ධ ජනතාව උමතුවෙන් පෙළෙන බවද ඇතැම් අය නොකිය කියන්නේ. දේශපාලනය ගැන කතාකරන්න හාමුදුරුවන්ට අයිතියක් නැහැ කියන අය මෙරට ඉතිහාසය කියවා බලන්න. අඩුම තරමේ මෑත ඉතිහාසය, විද්‍යාලංකාර ප්‍රකාශය කියවා බලන්න. මේ රටේ සම්ප්‍රදාය මහා විහාර සම්ප්‍රදායයි.
තරුණයා ඔබ තාම තරුණයෙක් නිසා ඔබ හිතන විදිහ ගැන අපි පුදුම වෙන්නේ නැත. මොකද බොහෝ තරුණයෝ තරුණ කාල්දී රැඩිකල් විදිහර හිතනවා අත්දැකීම් අඩු නිසා. වයස මුහුකුරා ගියවිට කරපු ගොන්කම් හදා ගන්න බැරිබව තේරුම් යනවා. එවිට ප්‍රමාද වැඩියි. මේ ප්‍රශ්නය රටේ සිංහලයාගේ ප්‍රශ්නයක් බෙල්ලන්විල හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් නොවෙයි. මේ රකින්න හදන්නේ බෙල්ලන්විල හාමුදුරුවන්ගේ හෝ මල්වත්තේ හමුදුරුවන්ගේ පන්සල නොවෙයි. නැතිවී යන සිංහල ජාතිය රැක ගන්නයි. දෙමල මිනිසුන්ගේ ක්‍රියා කලාප හැසිරීම් අවුරුදු 60 වඩා බලලයි මේවා කියන්නේ. මෙරට ෆෙඩරල් වුණු ගමන් මෙයාලා තමිල් නාඩුව සමග අත්වැල් බැඳ ගන්නවා. කියන්න තිබෙන දී බොහොමයි නමුත් ඔබ තාම තරුණයෙක් නිසා කියලා වැඩක් නැතිබව තේරෙනවා.
ඉතිහාසයේ රජවරු සැම උපදෙසක්ම ගත්තේ සඟරුවනගෙන් බව ඇත්ත , අතීතයේදී යම්කිසි දැන උගත් කමක් තිබුනේ ඔවුනට පමණයි , වෙදකමක් හෝ පුස් කොළ පතක් හෝ ලියන්න කියවන්න පුළුවන් වුනේ හාමුදුරුවන්ට පමණයි , ගමක හිටපු එකම බලවතා තමයි මුළාදැනියා ඔහුගේ එකම සුදුසුකම වුනේ පෝසත් කමයි. නමුත් අපි දැන් ජීවත් වෙන්නේ 2017. දැන් කුඩා දරුවකු පවා ලෝකය ගැන තාක්ෂනය ගැන සමාජය ගැන ඉතා ගැඹුරින් දන්නවා. විවිධ විෂය ගැන ආණ්ඩුක්‍රම ගැන දන්නා උගතුන් විශාල පරිසක් සමාජයේ ඉන්නවා, උගත් දේශපාලකයින් ඉන්නවා , ලෝකයම එකම ගමක් වගේ ,දේශපාලන මහාචාර්යවරු පවා ඉන්නවා. ඉතින් සාපේක්ෂව බැලුකල දැන් පන්සල්වල වැඩ සිටින මහා සඟරුවනගේ රාජ්‍ය පාලනය ගැන දැනීම සීමිත බව මගේ හැගීමයි. ඉතින් නොදියුණු අතිතය්දී රට පාලනය කල කරන හැටි කියල දුන්නේ උන්වහන්සේලා බව ඇත්ත වුනාට , එම නොදියුණු අතීතයේදී සිදුවුණු දෙය මේවැනි සමාජයක , මෙවැනි කාලයකදී සිදුවිය යුතුද?
මේ ගොල්ලන්ගේ කාර් ටික වික්කොත්, ගම් 7කට අවුරුදු ගානක් කන්න දෙන්න පුලුවන්.. මේ අයගෙ සුඛ විහරණයත්, අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 වගේ තමයි. එකම වෙනස ඇඳුම....
අපේ හාමුදුරුවරුන්ගේ නීතිය නොදන්නාකම, සැප වාහන, කුල හා නිකාය ගැන කතා කරමින් උන් වහන්සේලාගේ ජාතියට ඇති ඓතිහාසික වගකීම යටපත් වන අයුරින් අවතක්සේරු කරන්නේ එක්කෝ පරයින්.... නැතිනම් පරයින්ට සල්ලිවලටයි, සිංහලකම විකුණන, නෑකම් කියන සිංහල වේශධාරීන්. ඒ සැමටම මම අභියෝග කරනවා ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුවගේ සමාජමය වගකීම මාතෘකා කරගෙන විවාදයකට එන්න කියලා. අපේ හාමුදුරුවරු නිසා තමයි සිංහල කියල ලෝකයේ පැරණිම සහ අදත් භාවිත වන භාෂාවක්, වෙනත් ජාතීන්ගෙන් වෙන් කර හඳුනාගත හැකි සංස්කෘතියක්, එකෙකුට එකෙක් එකමුතු නැති, කුල ක්‍රමයකට පදනම් වුණු ජාතියක් සහ ජාතියකට අයත් වුණු රටක් තියෙන්නේ. මෙම අදහස් ලියන බලන සිංහල සහෝදර සහෝදරියනේ, ඔබේ දරුවන් රෝහින්ග්‍යා අනාථයින් වගේ රටවල් ගානේ යවන්න කැමති නැතිනම් මොන භේදය තිබුණත් හාමුදුරුවරුන් සමග එක මතයකට එන්න.
මම ද්‍රවිඩයින්ට ඊර්ෂා කරන්නේ ඔවුනට මට වඩා මොකක් තිබෙන නිසාද? මිනිහෙකුට තිබෙන්න ඕන ලොකුම දේත් ද්‍රවිඩයින්ට නැති දේත් මට තිබෙනවා මගේ කියන්න රටක් මට තිබෙනවා. ඒක නැති කරන්න හදන අය එක්කයි මගේ වෛරය. සහන් රටක් නැති ඔබලාට මේකෙන් කැලි දෙන්න අපි ලැහැස්ති නැත. මගේ මේ තරහ තිබෙන්නේ 1950 ගණන්වල පොඩි කොල්ලෙක් හැටියට දුටුගැමුණු රජතුමාගේ චරිත කතාව කියවූ දවසේ සිටයි. ඔබ කියන්නේ තව යුද්දයක් පටන් ගන්න කලින් රටෙන් කැල්ලක් දීල ඉන්න කියලාද.
තවමත් කොන්ඳ පන ඇති සිංහලුන් සිටින බව පේනවා මෙහි ඇති අදහස් වලින්.
ඇතිවෙන්න යන විනාශයෙන් මිදීම සඳහා දිවයින පුරා පන්සල් වල අධිෂ්ඨාන පුජා පවත්වා යහපතක්ම වේවායි ප්‍රාර්ථනා කල යුතුයි. මෙමගින් පාලකයින්ගේ ඇස් විවෘත වනු ඇත.
ව්‍යවස්ථාව හරි මොන මගුලක් හරි වෙනස් කරලා රටේ ඔඩුදුව ල ,තියෙන ගැටලුවක ට විසදුම් සොයන කොට අරයයි මෙයයි ඔක්කොම බලන්න ගියොත් කරන්න බැහැ. මේගොල්ලන්ට රට කන්න හදන ව්‍යවස්ථාව සංසෝදන කරන කොට නිදිමත හැදෙනවා
මේ ව්‍යවස්ථාවේ හොඳයි කියන්න කිසිම දෙයක් නැද්ද ...
ඉදිරිපත් කරන ලියවිල්ල නොවේ අන්තිමට අනුමත වන්නේ.පල පළාත් පාලන පනතට උනෙත් එක!!!!!!!!!!!!