(ඩි.ජී.සුගතපාල)
විදේශගතව සිට කොස්ගොඩ හිද්දරුවේ පිහිටි සංචාරක හෝටලයක යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 225 දෙනෙකුගෙන් පස් දෙනෙකුට කොරෝනා වයිසරය ආසාදනයවී ඇති බවට අද (28) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
කටුනායක ගුවන් තොටුපළේදී ලබාගන්නා ලද ජෛව සාම්පල පරීක්ෂණ අනුව මෙම පුද්ගලයින් පස් දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.
එම පස්දෙනා අද සවස කොළම අයි.ඩී.එච් රෝහලවෙත ගෙන ගොස් ඇති අතර පුද්ගලයින් 220 ක් තව දුරටත් එම හෝටලයේ නිරෝධායනය වන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඒකෙ නිරෝධායනය වෙන ඉතුරු අයටත් සනීප ඇති... මුල් දවස් 14ට අමතරව තව දවස් 14ක් නිරෝධායනය වෙන්න ඕනෑ සල්ලි ගෙවාගෙන..
මේ කොස්ගොඩ හෝටලයේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ දිනපතා සැපයෙන ආහාරපාන හා අවශ්‍යතා සැපයීම් වල පවතින ඉතා පහත් තත්වය හා එහි සිටිනු ලැබූ කොරෝනා ආසාධිතයින් ගැන කෙරෙන දැනුවත් කිරීමක්... මා පසුගිය ජූනි 26 වෙනිදා නවසීලන්තයේ සිට පැමිණි තවත් 40 දෙනෙකු සමග මෙම නිරෝධායන මධ්‍යස්ථානයට යවනු ලැබූවෙක්මි. එහි කාමර පහසුකම් ඇතුළු වෙනත් සේවා පිළිබඳව අපට කිසිඳු ගැටලුවක් නැහැ.. මේ පිළිබඳ විමසීම්, පැමිණිලි ජනාධිපති කාර්ය සාධක බලකායේ ජයනාත් කොළඹගේ - ජනාධිපති සහකාර ලේකම් වෙත ඉදිරිපත් කිරීමට නේවාසිකයින් සහ ඔවුනගේ ඥාතින්ට හැකිය.