IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමාද නම් 1999 ට කියන්න

 
(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 ආසාදිතයෙකු බව පී.සී.ආර් පරීක්‍ෂණයකින් තහවුරු වූ පසුත් රෝහලකට යොමු කිරීම ප්‍රමාද නම් ඒ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

එම දුරකතන අංකයට පැය 24 පුරා භාෂා තුනෙන්ම ඇමතුම් ලබාදිය හැකි බව ද ඔහු කීවේය.

රෝගියෙකු ලෙස හඳුනාගත් අය හැකි ඉක්මනින් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කරන නමුත් මේ වන විට විශාල වශයෙන් රෝගීන් වාර්තා වන නිසා යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

රෝගියෙකු රැගෙනයාමට පෙර ඉඩකඩ සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හඳුනාගැනීම ගත යුතු බව කී විශේෂඥ වෛද්‍යවරයා ඔවුන්ගෙන් තවත් අයකුට වයිරසය ආසාදනය නොවන සේ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම කළ යුතු බව ද කීවේය.

මෙම කාර්යයේදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් අඩුපාඩුවක් සිදුවන්නේ නම් ඒ ගැනත් සොයාබලන බව හෙතෙම පැවසීය.

එම රෝගියා නිවසේ සිටින කාලයේදී අවශ්‍ය පහසුකම් සපයන අය මුහුණු ආවරණයක් පැළඳ සිටීම, දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම, නිතර අත්සෝදාගැනීම කළ යුතු බව හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

දිනකට 300, 400, 500 වැනි සංඛ්‍යාවලින් රෝගීන් වාර්තා වන විට පවතින සීමිත සම්පත් අනුව ඔවුන් කළමනාකරණය කිරීම තරමක් අසීරු බව ද හෙතෙම පැවසීය.

 



අදහස් (2)

කොවිඩ් රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමාද නම් 1999 ට කියන්න

Bamunuarachchi Monday, 02 November 2020 12:20 PM

කොවිඩ් කියලා ටෙලිෆෝන් එක දාලා තිබෙන කොට මට හිතුනා...

:       0       0

Bamunuarachchi Wednesday, 04 November 2020 01:40 AM

පැකනිල් වත් දෙන්න යනවද කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6125 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 315 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 346 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site